දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන් 77 දෙනෙකු සීමාවාසික පුහුණුව සඳහා බඳවා ගැනීමේ පත්වීම් ලිපි ප්රදානය කිරීමේ වැඩසටහන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කාසල් වීදියේ කාන්තා රෝහල් පරිශ්‍රයේ ස්ථාපිත රෝගීන්ගේ සුරක්ෂිතතා සහ ප්‍රතීතන කාර්යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
රජයේ දන්ත සෞඛ්‍ය සේවාව සඳහා අවශ්‍ය මානව සම්පත තවදුරටත් ශක්තිමත් කරමින්, ජනතාව වෙත වඩාත් ප්‍රවේශගත, කාර්යක්ෂම හා ගුණාත්මක මුඛ සෞඛ්‍ය සේවාවක් සැපයීමේ අරමුණින් මෙම සීමාවාසික පත්වීම් ලබාදීම සිදු කෙරේ.
මෙම දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන් වසරක සීමාවාසික පුහුණු කාලයක් සඳහා දිවයින පුරා පිහිටි ශික්ෂණ රෝහල්, පළාත් රෝහල් සහ දිස්ත්‍රික් මහ රෝහල් 31ක් වෙත අනුයුක්ත කෙරෙනු ඇත.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා දන්ත ශල්‍ය වෛද්‍ය ක්ෂේත්රයේ සීමාවාසික පුහුණුව දීර්ඝ ඉතිහාසයක් පුරා අඛණ්ඩව පැවති ක්‍රමවේදයක් නොවන අතර, මෑත කාලීනව ආරම්භ කළ මෙම පුහුණු වැඩපිළිවෙළ නවක දන්ත ශල්‍ය වෛද්‍යවරුන් වෘත්තීය සේවයට එක්වීමේදී අවශ්‍ය ප්‍රායෝගික දැනුම, වෘත්තීය කුසලතා සහ සේවා අත්දැකීම් වර්ධනය කර ගැනීම සඳහා ශක්තිමත් පදනමක් සපයන බව පැවසීය.
අනාගතයේදී මෙරට දන්ත ශල්‍ය වෛද්‍ය ක්ෂේත්රයට මෙන්ම සමස්ත සෞඛ්‍ය සේවා පද්ධතියටද වැදගත් වගකීම් හා කාර්යභාරයන් ඉටු කිරීමට නියමිත වෘත්තිකයන් පිරිසක් ලෙස සීමාවාසික පුහුණුවට එක්වන මෙම වෛද්‍යවරුන්, සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ වනවිට ක්‍රියාත්මක කරමින් පවතින සෞඛ්‍ය පද්ධති ප්‍රතිසංස්කරණ පිළිබඳවද පුළුල් අවබෝධයක් ලබාගැනීම වැදගත් බව අමාත්‍යවරයා පැවසීය.
මෙරට සෞඛ්‍ය සේවා පද්ධතිය මේ වනවිට ව්‍යුහාත්මක ප්රතිසංස්කරණයකට අවතීර්ණ වෙමින් පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා, වර්තමානයේ රට මුහුණ දෙන සෞඛ්‍ය අභියෝගවල ස්වභාවය අතීතයට සාපේක්ෂව සැලකිය යුතු ලෙස වෙනස් වී ඇති බවද සඳහන් කළේය.
ජනගහන ව්‍යාප්තියේ සිදුව ඇති වෙනස්කම්, ජනගහනය වයස්ගත වීම, ජනතාව මුහුණ දෙන රෝගාබාධවල ස්වභාවයේ සිදුව ඇති වෙනස්කම් ඇතුළු කරුණු හේතුවෙන් සෞඛ්‍ය පද්ධතිය ඉදිරියේ පවතින අභියෝගද වෙනස් වී ඇති බවත්, එම වෙනස්වන අවශ්‍යතා හා අභියෝගවලට ගැළපෙන පරිදි සෞඛ්‍ය සේවා පද්ධතියද අඛණ්ඩව පරිවර්තනය විය යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
එමෙන්ම, සෞඛ්‍ය සේවයේ නිරත මානව සම්පතේ දැනුම, කුසලතා සහ කැපවීම උපරිම ඵලදායීතාවයකින් යොදාගැනීමට හැකි වන පරිදි පවතින පද්ධති හා ක්‍රමවේද අවශ්‍ය අවස්ථාවලදී ප්‍රතිසංවිධානය කළ යුතු බවද අමාත්‍යවරයා පැවසීය. වසර 75ක් හෝ 100ක් වැනි දීර්ඝ කාලයක් පුරා පැවති පද්ධතියක් වුවද, වෙනස් කළ යුතු අවස්ථාවේදී අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකිරීම අත්‍යවශ්‍ය බවද පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාව වැනි සීමිත සම්පත් සහිත රටක සෞඛ්‍ය පද්ධති ප්‍රතිසංස්කරණ යනු පවතින සියලු පද්ධති මුළුමනින්ම වෙනස් කිරීම නොවන බව අවධාරණය කළ අමාත්‍යවරයා, දැනට පවතින මානව හා භෞතික සම්පත් උපරිම කාර්යක්ෂමතාවයකින් හා ඵලදායීතාවයකින් කළමනාකරණය කරමින් ජනතාවට වඩාත් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීම එහි මූලික අරමුණ බව සඳහන් කළේය.
මෙරට රාජ්‍ය ආදායම් ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියක් මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පැවතියද, ආර්ථික හැකියාවන්ට සාපේක්ෂව ඉහළ මට්ටමේ සෞඛ්‍ය සේවාවක් ජනතාවට සහතික කිරීම ශ්‍රී ලංකාව ඉතිහාසය පුරාම සිදුකර ඇති බව අමාත්‍යවරයා පැවසීය. එම අත්දැකීම් මත පදනම්ව ලෝකයේ විවිධ රටවල් විසින් සාර්ථකව අත්හදා බලා ඇති ක්රමෝපායන් හා අත්දැකීම්ද මෙරට සෞඛ්‍ය පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා යොදාගැනීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.
සෞඛ්‍ය පද්ධතියේ ප්රමුඛ අවධානයක් ලෙස ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම හඳුනාගෙන ඇති බවත්, වර්තමානයේ රට මුහුණ දෙන සෞඛ්‍ය අභියෝග සඳහා සාර්ථකව ප්‍රතිචාර දැක්වීමට ශක්තිමත් ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතියක් අත්‍යවශ්‍ය බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
සෞඛ්‍ය ප්‍රජාව විසින් දශක ගණනාවකට පෙර අල්මාටා ප්රකාශනය මඟින් ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ වැදගත්කම අවධාරණය කර ඇති බවත්, ශ්‍රී ලංකාවද එම ප්‍රතිපත්තිමය දිශානතිය සමඟ අඛණ්ඩව කටයුතු කර ඇති බවත් අමාත්‍යවරයා මෙහි දී සිහිපත් කර සිටියේය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සිට විවිධ මට්ටම්වල සෞඛ්‍ය වෘත්තිකයන් දක්වා ප්‍රාථමික සෞඛ්‍ය සේවාව සම්බන්ධයෙන් විවිධ අවස්ථාවලදී පුහුණුව, අත්දැකීම් හා සාකච්ඡා සඳහා සහභාගි වී ඇති බැවින්, එම දැනුම හා අත්දැකීම් දේශීය අවශ්‍යතා සමඟ ඒකාබද්ධ කරමින් මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීමේ හැකියාව පවතින බවද අමාත්‍යවරයා පැවසීය.
මේ යටතේ මේ දිනවල පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරුන්, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරුන්, සැලසුම් වෛද්‍යවරුන් ඇතුළු අදාළ පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් අවසන් මට්ටමේ සාකච්ඡා පැවැත්වෙමින් පවතින බවත්, මෙරට රෝහල් පද්ධතිය වඩාත් කාර්යක්ෂම හා සම්බන්ධීකරණයෙන් යුතුව ක්‍රියාත්මක වන පරිදි පොකුරු (Cluster) පද්ධතියකට ගෙන ඒම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් කටයුතු කරන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
වෛද්‍ය අධ්‍යාපනය තුළින් අත්පත් කරගත් දැනුම හා කුසලතා ප්‍රායෝගික රෝගී සත්කාර සේවාව තුළ තවදුරටත් වර්ධනය කර ගැනීමට සීමාවාසික පුහුණුව සුවිශේෂී අවස්ථාවක් සලසයි. එමඟින් වෘත්තීය වගකීම, රෝගී සත්කාරයේ ගුණාත්මකභාවය සහ කණ්ඩායම්ගත සෞඛ්‍ය සේවා කාර්යභාරය පිළිබඳ පුළුල් අත්දැකීමක් නව දන්ත ශල්‍ය වෛද්‍යවරුන් වෙත හිමි වේ.
දිවයින පුරා දන්ත සෞඛ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කිරීමේදී නව දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන් සෞඛ්‍ය සේවයට එක්වීම වැදගත් මානව සම්පත් ශක්තිමත් කිරීමක් වන අතර, එමඟින් විවිධ ප්‍රදේශවල ජනතාවට අවශ්‍ය දන්ත හා මුඛ සෞඛ්‍ය සේවාවන් වෙත ප්‍රවේශ වීමේ අවස්ථා තවදුරටත් පුළුල් කිරීමට දායකත්වය සැලසෙනු ඇත.
මෙහිදී මහාචාර්ය දිලිප් ද සිල්වා සහ විශේෂඥ වෛද්‍ය ගාමිණී නවරත්න යන මහත්වරුන් විසින් දැනුවත් කිරීමේ විශේෂ ආරාධිත දේශන පවත්වන ලදී.
New Dental Surgeons Begin Specialized Training in Sri Lanka
Seventy-seven dental surgeons have been inducted into a specialized training program, overseen by Health and Media Minister Dr. Nalinda Jayatissa. The ceremony took place at the women’s hospital complex on Kandy Road, focusing on the importance of patient safety and quality of care.
This initiative aims to bolster the human resources required for government dental health services, enhancing access to effective and high-quality oral health care for the population.
The newly appointed dental surgeons will undergo a year-long specialized training rotation across 31 designated hospitals countrywide, including teaching hospitals, provincial hospitals, and district general hospitals.
Dr. Jayatissa emphasized that the current approach to specialized training for dental surgeons is a recent development rather than a long-standing tradition. He noted that this training program is designed to equip new dental professionals with essential practical skills, professional competencies, and invaluable service experience.
As these doctors embark on their training, they will play critical roles in bolstering the dental field and the overall health care system in Sri Lanka. The Minister highlighted the importance of understanding the ongoing healthcare system reforms being implemented by the Ministry of Health.
Dr. Jayatissa pointed out that the country's healthcare system is currently undergoing strategic reforms, adapting to the evolving nature of health challenges faced today compared to the past.
Changes in demographic patterns, an aging population, and shifting disease profiles underscore the need for a responsive health system. He reiterated that the system must continuously evolve to meet these changing demands and challenges.
Moreover, maximizing the potential of the healthcare workforce involves reorganizing existing systems and processes to ensure optimal efficiency. The Minister stressed the necessity of making reforms at critical junctures, even for long-standing systems.
In a resource-limited country like Sri Lanka, he clarified that health system reform does not imply a total overhaul of existing systems. Instead, the focus remains on managing current human and physical resources effectively to provide the highest quality of healthcare to the public.
Minister Jayatissa noted that ongoing efforts to strengthen state revenues have been implemented, reflecting the commitment to ensuring high-quality healthcare services relative to the country's economic capabilities.
He expressed confidence in leveraging global best practices and successful approaches used internationally to further enhance Sri Lanka's healthcare system.
Recognizing the primary health services’ critical importance as a cornerstone of the healthcare system, he underscored the urgent need for a robust framework capable of addressing contemporary health challenges.
The Minister reminded attendees of the Alma-Ata Declaration's emphasis on primary health services and Sri Lanka's ongoing adherence to this policy direction.
Various health professionals, from the Secretary of Health to regional officials, have engaged in training and discussions centered on primary health services, indicating a strong potential to reinforce the system by aligning knowledge and expertise with local needs.
Recent discussions involving provincial health directors and regional health officials reflect ongoing efforts to enhance the efficiency and coordination of the hospital system through a Cluster system.
This specialized training provides a unique opportunity for dental surgeons to further develop the skills obtained through their medical education in practical patient care. It will enrich their understanding of professional responsibility, the quality of patient care, and teamwork in healthcare services.
The integration of new dental surgeons into the workforce is essential for strengthening oral health services across the nation, thereby improving access to necessary dental and oral healthcare for communities.
Distinguished presentations were delivered by Professor Dilip De Silva and expert consultant Dr. Gamini Navaratne, emphasizing the importance of this educational endeavor.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

රට පුරා ජීවත්වෙන වෙන, උඹලා කිරන විදිහට හදුන්වන මයිනොයි, මයිනියොයි මරමු.
ReplyDeleteහා හා කට කට ඩයි මයිනොත් ඉන්නවා 😀
Deleteඅනං මනං බෙහෙත් වලට ඇයි ගෙවන්නේ සල්ලි
ReplyDeleteඕන ලෙඩක් හොඳ වෙනවා බොන්න කොත්තමල්ලී
රුමේනියාවෙලු තියෙන්නේ හොඳම කොත්තමල්ලී
ලංකාවට ගෙන්නන්නේ අපේ නලින් මල්ලී
සිරාවට, බෙහෙත් නෑ සෞඛ්‍ය සේවය කෙලවෙලා කියන අලුත්ම ක්‍රම. නැත්තන් ඉතිං වැඩිහිටියෝ මේ අවුරුදු දෙක ඇතුලත ඉපදුනේ නෑ නේ. ඔන්න ළමා උපත් වාඩිවෙලා කිව්වා නම් තව කමක් නෑ.
Deleteලොරි ටෝක් දුන්නට හොස්පිටොල් එකේ බේත් නෑ සෑර්.
ReplyDelete
ReplyDeleteආහාර, නිවාස, ඇදුම්පැළදුම්, නොමිළයේම සැපයිය හැකිව පවතින භූමියක රාජ්ය්යක,..
ඵදිනෙදා ආහාර පාන සඳහා , වසර සීයකට අඩු කාළක හිසට වහළක් සඳහා ණය වෙන සමාජයක,.
ගෙවත්ත්තේ ඇති ඖෂධ මගහැර වහළුන් ලෙසට වැඩකර උපයනා සොච්චම බටහිර හළාහළ වස විස බෙහෙත් යැයි සිතා මිලදී වස පානය කරනා අමණයන් වැනි ජාතියක පාළකයන් ලෙසට,.
කප්රැක වන් කන්සාපැළයට සියතින් තහංචි දමා ගෙන වැළලී යන විළාසය,..
ලිංමැඩියන්සේ වහල්කමේ ගිලී අමණ බටහිර රෑකඩ වැනි පාළකයන් පාළණය කරනා රටක,. බත්පත ආහාර වේල සපයාගැනීමට ,..
දරැවන්ගේ කුස ගින්න නිවීමට, දහඩිය හෙළනා මිනිසුන්ගේ විළාපයේ සාපය,.!
ඵක මිට්ට ඵකඅතට සියළු දේ සිදුකිරීමට ලභාදුන් අසීමිත බළය අභියස,.
මීපැටියෙකු මොඩ මූසළයකු,..
වහලෙකු ලෙසට හැසිරීම අනුමත කළ නොහැකි බව අවධානයට,.!