ශ්‍රී දළදා මාලිගාව, ශ්‍රී මහා බෝධිය ඇතුළු බෞද්ධ සිද්ධස්ථානවලට ප්‍රහාරයක් එල්ල කිරීමේ උත්සාහයක් ගෙන ගිය බව කියන 21 හැවිරිදි පුද්ගලයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් (30) අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බව පොලිසිය පවසයි. දළදා මාලිගාව, ශ්‍රී මහා බෝධිය, ථූපාරාමය, රංගිරි දඹුළු විහාරය ඇතුළු ස්ථාන රැසකට නොවැම්බර් 19 වැනිදා ප්‍රහාරයක් එල්ල කිරීම අරමුණ බව සඳහන් කරමින් බුදුරජාණන් වහන්සේට අපහාසාත්මක නාමයකින් සමාජ මාධ්‍යයේ පවත්වාගෙන ගිය සමූහයක් ගැන ප්‍රසිද්ධ විහාරස්ථානයක හිමිනමක් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් කර තිබිණි.
ඒ අනුව එම දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශන සිදුකර මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.
සැකකරු මෙම සමූහයේ ක්‍රියාකරු ලෙස කටයුතු කළ පුද්ගලයා බවද ඔහුගේ පියාද විශ්‍රාමික යුද හමුදා නිලධාරියකු බවද අනාවරණය වී ඇත.
සැකකරුගේ මුහුණු පොතේ පවත්වාගෙන ගිය එම සමූහයට එක්කළ පණිවුඩය මගින් පුද්ගලයන් කිහිපදෙනකුගේ නම් සහ දුරකතන අංකද ඇතුළත් කර තිබෙන අතර එහි අවසන් වශයෙන් සඳහන් කර තිබී ඇත්තේ ‘‘අප සියලු දෙනාගේම එකම අරමුණ බුදු දහම මුළු සමස්ත ලෝකයෙන්ම අතුගා දැමීම’’ යනුවෙනි. එය ඒකාන්තයෙන්ම සිදුකරන්නෙමු යනුවෙන්ද එහි සඳහන් වේ.
මෙම සිද්ධියට අදාළ තවත් සැකකරුවන් කිහිපදෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සැකකරු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 15 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
- Aruna
21-Year-Old Arrested for Alleged Plot to Attack Buddhist Sites
In a significant security development, a 21-year-old individual suspected of planning attacks on Buddhist sites, including the historic Sri Dalada Maligawa and Sri Maha Bodhiya, was arrested on October 30 by the Criminal Investigation Department (CID).
The suspect, who is reportedly a resident of the Kurunegala area, was apprehended following intelligence received from a renowned temple regarding a group on social media that had been promoting derogatory remarks against the Buddha. This group allegedly intended to launch attacks on several sacred locations on November 19.
Following this revelation, the CID's Computer Crimes Investigation Division conducted a thorough inquiry that culminated in the arrest of the individual. It has also been disclosed that the suspect actively participated in the group, while his father is a retired military officer.
Evidence amassed from messages exchanged within the Facebook group included names and phone numbers of several individuals, with a chilling declaration that read, "Our sole objective is to eradicate Buddha Dhamma from the entire world." The message also implied a commitment to carrying out this task unabated.
The CID has indicated that investigations are ongoing and that several other suspects are likely to be apprehended in connection with this case.
Following his arrest, the suspect was remanded in custody until November 15, when he is due to appear before the Colombo Magistrate's Court.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

පිස්සෙක්ද කොහෙදෝ. අවුරුදු 10ක් මාලිමා ආණ්ඩුව තිබුනනම් ශේප් එකේ කරන වැඩේ ඌ එක පාරම කරන්න ගිහිල්ලා.
ReplyDelete😀😀😃
DeleteCondom damma nam ubala wage ewun enneth na, un wage ewun enneth na🤣🤣🤣🤣🤣
Delete🤣🤣🤣
ReplyDeletepunchammage jangiya assen adena wesawo me rata anivaryen nathi karanawa,,,
ReplyDeleteආරියතිලක
ReplyDeleteසිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතීක සම්මුතිය 20 වෙනි වගන්තිය ශ්‍රී ලංකාවෙහි බලාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් 2007 අංක 56 දරණ
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතීක සම්මුති පනත (ICCPR) සම්මත කරන ලදී. එම පනතෙහි 3 වන වගන්තිය ප්‍රකාරව ආගමික වෛරය පැතිරවන අදහස් ඇති ඉගැන්වීම් කිරීමට, දේශන තැබීමට, විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයෙන් ප්‍රචාරය කිරීමට කිසිවකුටත්ම ඉඩක්, හිමිකමක් නැත්තේ ය.
එසේ කිරීම වසර දහය දක්වා සිරදඬුවමකට භාජනය වරදක් වන අතර වරෙන්තුවක් නැතිව අත් අඩංගුවට ගත හැකි ය. මහාධිකරණයෙන් හැර ඇප ලබා ගත නො හැක.
දණ්ඩනීති සංග්‍රහයේ 290අ, 290ආ වගන්ති ප්‍රකාරව ආගමික අපහාසය කිරීම, ප්‍රවර්ධනය කිරීම, ඉගැන්වීම් කිරීම අපරාධ වරදක් වන බව ද කිව යුතු ය.
මේ පුද්ගලයන්ගේ සම්බුදු දහමට මෙයාකාරයෙන් අශික්ශිත ලෙස ක්‍රියා කිරීම සම්බන්ධයෙන් නීතිය සාධාරණ ලෙස ඉටුවෙන ආකාරය බලා සිටින්නෙමු.
Jeppek
ReplyDelete