අවශ්‍ය අය හෝමුස් ගිහින් තෙල් ගන්න.. හැමෝම වෙනුවෙන් තනියම යුද්ද කරන්න අපට බෑ.. අපිට තෙල් තියෙනවා..- ට‍්‍රම්ප්


 හෝමුස් සමුද්‍ර සන්ධියේ පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ ගුවන් යානා ඉන්ධන ලබාගැනීමට නොහැකිව සිටින එක්සත් රාජධානිය  ඇතුළු මිත්‍ර රටවල් ඉලක්ක කරගනිමින් ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ දැඩි ප්‍රකාශයක් සිදු කර තිබේ.

ඉරානයට එරෙහි ක්‍රියාමාර්ග සඳහා සහාය දීම ප්‍රතික්ෂේප කළ එක්සත් රාජධානිය ඇතුළු රටවල් විවේචනය කරමින් ඔහු පෙන්වා දෙන්නේ, එම අර්බුදයට මුහුණ දීම සඳහා තමන් සතුව යෝජනා දෙකක් ඇති බවයි.

ඉන් පළමු යෝජනාව වන්නේ, අවශ්‍ය නම් ඇමෙරිකාවෙන් ඉන්ධන මිලදී ගන්නා ලෙසයි. ඒ සඳහා අවශ්‍ය තරම් ඉන්ධන සංචිත ඇමෙරිකාව සතුව පවතින බව හෙතෙම සඳහන් කරයි.

දෙවැන්න ලෙස ඔහු පෙන්වා දෙන්නේ, ප්‍රමාද වී හෝ යම් ධෛර්යයක් උපදවාගෙන හෝමුස් සමුද්‍ර සන්ධිය වෙත ගොස් එහි පාලනය තමන් සතු කර ගන්නා ලෙසයි.

"තමන් වෙනුවෙන් තමන්ම සටන් කරන්නේ කෙසේදැයි ඔබ දැන්වත් ඉගෙන ගත යුතුයි. ඔබ අප වෙනුවෙන් පෙනී නොසිටියාක් මෙන්ම, මින් ඉදිරියට ඔබට උදවු කිරීමට ඇමෙරිකාවද නොසිටිනු ඇත," යනුවෙන් ට්‍රම්ප් අවධාරණය කර ඇත.

තවද, ඉරානය මේ වන විට මුළුමනින්ම පාහේ විනාශ කර අවසන් බවත්, ගැටලුවේ වඩාත්ම දුෂ්කර කාර්යය දැනටමත් නිම කර ඇති බැවින් තමන්ට අවශ්‍ය තෙල් තමන් විසින්ම සොයා ගන්නා ලෙසත් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.





Trump Calls for Action Amid Tensions in Hormuz Strait

As the volatile situation in the Strait of Hormuz continues to escalate, Donald Trump has made a striking statement via his social media accounts, targeting the United Kingdom and other allies struggling to secure fuel for their aircraft.

In a scathing critique of the UK and other nations that have rejected support measures against Iran, Trump emphasized that he has two proposals to tackle the ongoing crisis.

The first suggestion is for those countries to purchase fuel directly from the United States, noting that ample reserves exist to meet their needs.

As a second option, he urged nations to either wait or exercise some degree of patience while seizing control of the Strait of Hormuz.

"You need to learn how to fight for yourselves. Not only have you been passive on our behalf, but in the future, America will not be there to help you," Trump underscored.

Additionally, he claimed that Iran has already caused significant devastation in the region, and the most challenging aspects of the conflict have already been addressed, insinuating that those countries should actively seek their own oil supplies.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

4 Comments

  1. යුද්දෙ ඉවර නං බොස්, කානු වලට ගල් අල්ලන වගෙ පොඩි පොඩි වැඩ වලට අත් උදවු දීපු විරුවෙක් ඉන්නව දෙන්නද? මිනිහට ලංකට් එකක් අරං දෙන්න වෙයි හැබැයි.

    ගල් කපන්න කප් ගහපු නාකි ලෝන්තයෙකුත් ඉන්නව. විරුව ගන්නව නං මූව නිකං දෙන්නං. වියදං නං වැඩි ඌ එක්ක ටිකක්. කජුයි, පෙඳ පාසි විතරයි ඌ කන්නෙ. ටික දවසක් ගල් ටික කපල දෙයි, තනි දමනියෙන් රන් වෙන්නෙ මේ දවස් වල, කොයි වෙලේ හොචොස් ගායි ද දන්නෙ නෑ. (ඒකයි නිකං දෙන්නෙ)

    ReplyDelete
    Replies
    1. ඊට වඩා හොද පොරක් ඉන්නවා. ඌ ඉරානෙට පච ලෝඩ් එකක් බාලා උන්ගේ තෙල් ටිකත් උස්සලා, වෙන එකෙක් හොරකන් කරා කියලා ලස්සනට ගේමක් දෙයි. පොඩ්ඩක් හිතලා බලන්න.

      Delete
    2. තාත්ත ව පැහැදිලි නැති උන් ඔහොම තමයි. අම්මටත් සුවර් නැති නැතිව ඇති. කානුවෙ ගල් අල්ලපු එකාගෙද ගල් බාපු එකාගෙද කියල අම්මගෙන් ඇහුවනම් හරි😂 පුංචි අම්මගෙන් අහන්න එපා හොදේ😂😂😂

      Delete
  2. ඊට වඩා හොද පොරක් ඉන්නවා. ඌ ඉරානෙට පච ලෝඩ් එකක් බාලා උන්ගේ තෙල් ටිකත් උස්සලා, වෙන එකෙක් හොරකන් කරා කියලා ලස්සනට ගේමක් දෙයි. පොඩ්ඩක් හිතලා බලන්න.

    ReplyDelete
Previous Post Next Post