'දිට්වා' සුළි කුණාටුවෙන් හානියට පත් උඩරට දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) නිසි අවසරයකින් හෝ නිර්දේශයකින් තොරව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් එහි ධාවන කටයුතු ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය චෝදනා කරයි.
'දිට්වා' සුළි කුණාටුවෙන් සිදු වූ දැඩි හානි හේතුවෙන් මාස 10 කට ආසන්න කාලයක් වසා දමා තිබූ කොළඹ කොටුව සිට පේරාදෙණිය සහ ගම්පොළ දක්වා දුම්රිය මාර්ග කොටසේ ධාවන කටයුතු පසුගිය 2 වැනිදා නැවත ආරම්භ කෙරිණි.
කෙසේ වෙතත්, ධාවන කටයුතු ආරම්භ කර දින දෙකක් ගතවීමටත් මත්තෙන් අද (05) අලුයම පේරාදෙණිය දුම්රිය ස්ථානයෙන් කොළඹ කොටුව බලා ගමන් ඇරඹූ ප්‍රථම කාර්යාල දුම්රියම ඉහළ කෝට්ටේ, කඩිගමුව සහ ගංගොඩ අතර ප්‍රදේශයේදී පස් සහ ගල් කන්දක් මාර්ගයට කඩා වැටීම හේතුවෙන් පීලි පැනීමට ලක්විය.
සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වමින් අදහස් දැක්වූ ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පෙන්වා දුන්නේ, දුම්රිය මාර්ගයේ ජලය බැසයන නළ මාර්ග පද්ධතිය නිසි පරිදි පිළිසකර කර තිබුණේ නම් දුම්රිය මාර්ගයට පස් සහ ගල් සේදී යාම යම් මට්ටමකට හෝ අවම කර ගැනීමට හැකියාව තිබූ බවයි.
එමෙන්ම, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන් නිසි අවසරයක් හෝ පරීක්ෂණ වාර්තාවක් ලබාගැනීමකින් තොරව මෙම මාර්ගයේ දුම්රිය ධාවනයට එක්කිරීම අතිශය බරපතළ සහ අනතුරුදායක තත්ත්වයක් බව හෙතෙම අවධාරණය කළේය.
මෙම මාර්ගයේ තවත් ස්ථාන දෙකක මෙවැනිම ආකාරයෙන් පස් කඳු හෝ ගල් පෙරළීමේ බරපතළ අවදානමක් පවතින බව අනාවරණය කළ ලේකම්වරයා, මගී ජීවිත අවදානමට ලක් නොකර මේ පිළිබඳව කඩිනමින් විමර්ශනයක් සිදු කර, මාර්ගය නිසි ලෙස පිළිසකර කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවෙන් සහ බලධාරීන්ගෙන් දැඩිව ඉල්ලා සිටියේය.
Concerns Arise Over Safety as Train Services Resume on Colombo-Peredeniya Route
The Sri Lanka Railway Station Masters' Association has raised serious concerns regarding the commencement of train operations without proper authorization from the National Building Research Organisation (NBRO) following the devastation caused by the 'Dithwa' cyclone.
Train services on the Colombo-Kotuwa to Peredeniya and Gampola route, which were suspended for nearly ten months due to significant damage from the cyclone, resumed on February 2. However, just two days into the operation, the first office train traveling from Peredeniya to Colombo-Kotuwa faced an emergency this morning (5) when a landslide involving soil and rocks obstructed the tracks in the Kadigamuwa and Gangoda area.
During a media briefing, Kasun Chamara Jayasekara, the General Secretary of the Railway Station Masters' Association, emphasized that had the water drainage system along the railway line been properly maintained, the risk of debris falling onto the tracks could have been mitigated to a considerable extent.
He further underlined the gravity of resuming train operations on this route without the necessary approval or inspection report from the NBRO, describing the situation as extremely hazardous. The Secretary stressed that there are significant risks of similar landslides at two other locations along the route, urging the railway department and relevant authorities to conduct swift investigations and take immediate action to ensure the safety of passengers.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
