ඥානසාර හිමිගේ සිවුර ගැලෙවුවාට අස්ගිරි පාර්ශවයේ විරෝධය..


 බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව, උන්වහන්සේගේ චීවරය ඉවත් කර ගිහි ඇඳුමින් සැරසවා උපැවිදි තත්ත්වයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම බරපතළ නෛතික මෙන්ම ශාසනික වරදක් බව සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ අවධාරණය කරති.

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් උන්වහන්සේ සඳහන් කළේ, අධිකරණය මගින් ලබාදුන් තීන්දුවට පූර්ණ ගෞරවය දක්වන නමුත්, බන්ධනාගාර නිලධාරීන් විසින් සිදුකර ඇති මෙම ක්‍රියාකලාපය බන්ධනාගාර ආඥා පනත මනාව පිරික්සීමේදී නීති විරෝධී කටයුත්තක් ලෙස පැහැදිලිවම පෙනී යන බවයි.

බන්ධනාගාරගත කිරීමට පෙර සැකකරු හෝ චූදිතයා භාවිත කළ ඇඳුමෙන්ම නැවත අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවට බන්ධනාගාර රෙගුලාසිවල පැහැදිලිව සඳහන්ව ඇති බව පෙන්වා දුන් ලේඛකාධිකාරී හිමියෝ, බන්ධනාගාර අධිකාරිය ගත් මෙම පියවර අතිශයින් බරපතළ එකක් බව කියා සිටියහ.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් බුද්ධාගමට ලබාදී ඇති ප්‍රමුඛස්ථානය, සම්ප්‍රදායික සිරිත් විරිත් මෙන්ම අධිකරණය පිළිගත් ඓතිහාසික නීති පද්ධතිය ද නොසලකා හරිමින් ඥානසාර හිමියන් උපැවිදි තත්ත්වයට පත් කිරීම මුළුමහත් ශාසනයටම සිදුකළ දැඩි අගෞරවයක් මෙන්ම ඉතා අහිතකර පූර්වාදර්ශයක් බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.

එමෙන්ම, රෝම-ලන්දේසි නීතිය මගින් දඬුවම් දීමේ සම්ප්‍රදායක් ක්‍රියාත්මක වුව ද, බෞද්ධ නීතිය හා සම්ප්‍රදාය තුළ පවතින්නේ වරද කළ තැනැත්තාට සමාව ලබාදී යහමගට යොමු කිරීමේ මානුෂීය ක්‍රමවේදයක් බව සිහිපත් කළ උන්වහන්සේ, පිළිගත් නීතියට ගරු කරන අතරම මෙම අසාධාරණයට එරෙහිව නෛතික අවශ්‍යතා පිළිබඳ මේ වන විටත් දැඩි අවධානය යොමු කර ඇති බව සඳහන් කළහ.

දේශපාලන මතවාදවලින් බැහැරව මුළුමනින්ම ශාසනික දෘෂ්ටිකෝණයකින් මෙම ගැටලුව දෙස බැලිය යුතු බව අවධාරණය කළ මැදගම ධම්මානන්ද හිමියෝ, ඉදිරියේදී මහා සංඝරත්නය සමග තවදුරටත් සාකච්ඡා කර අවශ්‍ය වුවහොත් ඥානසාර හිමියන් නැවත පැවිදි කරවීමට හෝ පියවර ගන්නා බව වැඩිදුරටත් ප්‍රකාශ කළහ.





Controversy Surrounds Removal of Robe from Buddhist Cleric Post-Arrest

The arrest of Ven. Galagodaatte Gnanasara Thero, the Secretary of the Bodu Bala Sena organization, has raised significant ethical concerns. Following his detention, the cleric was presented in court wearing civilian clothes after his robe was removed, a move condemned as a severe violation of both ethical and monastic principles by Dr. Medagama Dhammananda, the Chief Secretary of the Asgiriya Chapter of the Siam Nikaya.

In a special statement to the media, Dr. Dhammananda emphasized the importance of respecting court decisions, yet firmly criticized the actions of prison officials, which he argued clearly contravened prison regulations. He noted that these rules explicitly state individuals should be presented in the same attire in which they were detained.

The serious implications of the prison authority's actions were highlighted by Dr. Dhammananda, who pointed out that under the Sri Lankan Constitution, Buddhism is afforded a place of prominence. He warned that treating a respected cleric in such a manner undermines traditional respect and sets a troubling precedent for the entire Sangha.

While acknowledging that punitive measures exist within Roman-Dutch law, he reminded observers that Buddhist law and traditions favor rehabilitation and forgiveness, prioritizing the moral upliftment of transgressors. The focus remains on maintaining respect for established laws while advocating for a just and humane approach to addressing this injustice.

Dr. Dhammananda stressed that this situation should be examined from a completely monastic perspective, devoid of political biases. He indicated that further discussions with the higher clergy may be warranted, and if necessary, steps to reinstate Gnanasara Thero could be pursued.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

4 Comments

  1. රටක් ,ජාතියක්, ආගමක් නැති නපුන්සකයන්

    රට පාලනය කරනවිට වෙන කුමක් පතන්නද

    ReplyDelete
    Replies
    1. atamasthanaya lama apachara karaddi ubala uge redda asseda hangila hitiye

      Delete
    2. Napunsakaya kiwwe ara Seeyata da?🤣🤣🤣

      Delete
    3. Atamasthanaye lama apacharayak wunanam eka usaviyen thindu karavi, Tho ammata hamanenney nathuwa hitapiya niragamika sakkiliya. thoge ammata hikuwe allapu gedara nanada kiyala balapiya. Muslim palliye, Kristhiyani palliye inna ewun kibi palanney nadda?? Ewun thopi wage thamange wala kapa ganney naha ponnayo. tahmange gedara prashna,gedara visdaganna purudu kaley nadda thoge amma.

      Delete
Previous Post Next Post