මුහුදු මාර්ගය ඔස්සේ හෙරොයින් කිලෝග්‍රෑම් 337ක් ඉන්දියාවට රැගෙන යමින් සිටියදී ඉන්දීය නාවික හමුදාවේ අත්අඩංගුවට පත් වූ මෙම සැකකරු, එරට ‘කොච්චි’ බන්ධනාගාරයේ රඳවා සිටියදී ඉන් සූක්ෂ්ම ලෙස පලා විත් ඇත.
අනතුරුව බෝට්ටුවක් මඟින් යළි මෙරට වෙන්නප්පුව ප්‍රදේශයට පැමිණ සැඟව සිටියදී වෙන්නප්පුව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
පසුව ඇප මත මුදාහැර සිටි මෙම සැකකරු, අදාළ නඩුව සඳහා අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවකදී බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයෙන් මිදී යළිත් වරක් පලා ගොස් තිබිණි.
මේ අතර, ඉන්දීය බන්ධනාගාරයෙන් පලා ඒම හේතුවෙන් ඉන්දීය රජයේ ඉල්ලීම මත මොහුට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය (ඉන්ටපෝල්) හරහා ජාත්‍යන්තර ‘රතු නිවේදනයක්’ ද නිකුත් කර තිබූ බව පොලිසිය පවසයි.
මෙලෙස වරින් වර ආරක්ෂක අංශවලට කටඋත්තර දෙමින් පලාගිය සැකකරු වාද්දුව ප්‍රදේශයේ කුලී නිවසක රහසිගතව රැඳී සිටින බවට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට බුද්ධි තොරතුරක් ලැබී තිබිණි. ඒ අනුව වහා ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක් ඊයේ (30 වැනිදා) අලුයම එම නිවස වටලා සැකකරු අත්අඩංගුවට ගැනීමට සමත් විය.
අත්අඩංගුවට ගත් සැකකරු මෙරට උදර්පන නීතිය යටතේ ඉදිරියේදී ඉන්දීය රජය වෙත භාරදීමට නියමිත අතර, ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.
Suspect Fleeing Indian Custody Arrested in Sri Lanka
A man who was captured by the Indian Navy while attempting to smuggle 337 kilograms of heroin into India has been apprehended once again after fleeing from custody. Initially detained in a Kochi prison, the suspect managed to escape, prompting a significant manhunt.
Following his escape, he returned to Sri Lanka and was hiding in the Vennappuwa area, where he was subsequently arrested by local police. The authorities presented him to the Marawila Magistrate's Court, after which he was remanded in custody.
However, after being released on bail, the suspect again escaped while appearing before the court, slipping away from the custody of prison officials.
According to police sources, following his escape from the Indian facility, an international 'Red Notice' was issued through Interpol at the request of the Indian government.
Intelligence reports later indicated that the suspect was hiding in a rented house in the Wadduwa area. Acting swiftly on this intelligence, a police team surrounded the location and successfully arrested him early yesterday morning.
The suspect is expected to be handed over to the Indian government under the Extradition Law, while further investigations are underway by the Galgamuwa Division Crime Investigation Unit regarding this incident.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
