ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්රකාශනය මඟින් පොරොන්දු වූ පරිදි රැකියා විරහිත උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීම සඳහා එළැඹෙන අයවැයෙන් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.
ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමු කරමින් මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ, 2024 ජනාධිපතිවරණ සමයේදී ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කළ "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" ප්‍රතිපත්ති ප්රකාශනයේ රැකියා විරහිත උපාධිධාරීන් සම්බන්ධයෙන් විශේෂ යෝජනා කිහිපයක් ඇතුළත්ව තිබූ බවයි.
ඒ අනුව, ගුරු සේවය සඳහා 20,000 ක්, තොරතුරු තාක්ෂණ (IT) ක්ෂේත්රය සඳහා STEM සහ STEM නොවන උපාධිධාරීන් 12,000 ක් මෙන්ම ආදායම් බදු, රේගු, විදේශ සේවා සහ සංචාරක ක්ෂේත්‍ර සඳහා තවත් උපාධිධාරීන් 3,000 ක් වශයෙන් රැකියා ලබාදීමට එමඟින් පොරොන්දු වී තිබූ බව නාමල් රාජපක්ෂ මහතා සිහිපත් කරයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී 2005, 2011 සහ 2012 යන වර්ෂවලදී උපාධිධාරීන්ට රැකියා ලබාදීම, සංවර්ධන නිලධාරී සේවයට බඳවා ගැනීම සහ පුහුණුලාභීන් ස්ථිර රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කිරීම වැනි පූර්වාදර්ශ රැසක් රට තුළ ක්‍රියාත්මක වූ බව ද මන්ත්‍රීවරයා සිය ලිපිය මඟින් පෙන්වා දී තිබේ.
එම අතීත පූර්වාදර්ශ සැලකිල්ලට ගනිමින්, දැනට රැකියා විරහිතව පසුවන සියලුම උපාධිධාරීන් වෙත රැකියා අවස්ථා කඩිනමින් ලබාදීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමටත්, පැහැදිලි කාලසීමාවක් තුළ එම පොරොන්දු ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත් නාමල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.
Call for Budget Allocation to Employ Jobless Graduates in Sri Lanka
In a significant move, Namal Rajapaksa, a Member of Parliament from the Sri Lanka Podujana Peramuna party, has formally urged President Anura Kumara Dissanayake to allocate necessary financial provisions in the upcoming budget aimed at employing unemployed graduates into the public service.
In a letter addressed to the President, Rajapaksa highlighted that the policy statement titled "A Prosperous Nation - A Beautiful Life," presented by the National People's Power during the 2024 presidential election, includes specific proposals concerning the employment of jobless graduates.
Among these proposals, Rajapaksa pointed out the commitment to provide 20,000 jobs in the teaching profession, 12,000 positions in the information technology (IT) sector for both STEM and non-STEM graduates, as well as 3,000 roles in revenue, customs, foreign services, and tourism sectors.
The letter also recalled previous commitments made under former President Mahinda Rajapaksa's administration, which successfully facilitated job placements for graduates in 2005, 2011, and 2012, along with the recruitment of development officers and the integration of trainees into permanent public service roles.
Rajapaksa emphasized the urgency of addressing the plight of all unemployed graduates by allocating funds for immediate job opportunities. He further called for a clear timeline and a detailed action plan to effectively implement these commitments.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

නාමල්❤ නොසැලී ඉන්න. අවලන් අනුර වැඩිකල් රගන්නෙ නෑ.මේ රටේ මිනිස්සු බොරුවෙන් රවටපු කාලෙ ගියා. රට බේරගත් නායකයාගෙ පුතා ඔයා. අපේ නාමල්❤ බුදු සරනයි!!
ReplyDeleteඅවුරුදු 50ක් යනකම් ලංකාවේ වෙන ආණ්ඩු නෑ. අනුර යයි තව අවුරුදු 10කින් විතර, ඒ වුණාට මේ භූමියේ පැළ කරපු කමියුනිස්ට් සමාජවාදී බීජය දිනෙන් දින සමස්ථ සිංහල ජනතාව විසින් වැළඳගනිමින් සිටිනවා. ඔවුන් තමන් සිංහළ හෝ බෞද්ධ ලෙස හඳුන්වා ගැනීම පවා ලැජ්ජාවක් ලෙස සලකනවා.
Deleteputha awurudu 60 di thamai enne.....balan hitapan
Deleteඔය ජනාදිපති පරයා අයිස් ගහල ඉන්නෙ. ඕකට ඕවා තේරෙන්නෙ නෑ. වයිරය විතරයි වපුරන්නෙ. . බොරුවට තෙල් පෝලිම් හදල මිනිස්සු දම්මල තෙල් බෙදාහරින මිනිස්සුන්ට බන්නනවා. ඊට පස්සෙ මෝඩයො ටික දෙනෙක් වොයිස් කට් දෙනවා ආන්ඩුවෙ වැරදි නෙවෙයි කියලා. ඊට පස්සෙ තෙල් වැඩි කරනවා. මහ කාලකන්නි මූසල ආන්ඩුව.
ReplyDeleteමේ ආන්ඩුව යටතේ විනිසුරු වරුන් පවා අසික්කිත වෙලා බව බොහෝ දෙනෙක් හිතන්නේ. ඉදිරියේදී විනිසුරු වරුන් අපක්ෂපාතීව වැඩ කරන බව කිසිවකු පිලි නොගනු ඇති
ReplyDeleteජෙලර්ගේ රත්රන් මුදු දෙක....මූ අම්බානක ජරාව කන එකෙක් වගේ
ReplyDelete