රුහුණු මහා කතරගම දේවාල අරමුදලින් මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය ඖෂධ, ශල්‍ය පරිභෝජන ද්‍රව්‍ය සහ වෛද්‍ය උපකරණ කඩිනමින් ලබාදීමට ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ අරමුදල මගින් පියවර ගෙන ඇත.
2026 ඔක්තෝබර් 04 වන දින ජාතික පුවත්පතක පළ වූ වාර්තාවක් මගින් අපේක්ෂා රෝහලේ ඖෂධ සහ වෛද්‍ය සැපයුම් සම්බන්ධයෙන් පවතින අවශ්‍යතාවය පිළිබඳව රුහුණු මහා කතරගම දේවාලයේ විශේෂ අවධානය යොමු කර ඇති අතර ඒ අනුව, රෝගී සත්කාරක සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාමට සහය දැක්වීම පිණිස ප්‍රථම අදියර ලෙස රු. 1,500,000.00 මූල්‍ය ප්‍රදානයක් සිදු කිරීමට ගරු බස්නායක නිලමේ ආරච්චිගේ තිළිණ මධුෂංක මැතිතුමා විසින් උපදෙස් ලබා දී තිබේ.
මෙම පරිත්‍යාගය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා දැනට රෝහලට අත්‍යවශ්‍යව පවතින ඖෂධ, ශල්‍ය ද්‍රව්‍ය හා වෛද්‍ය උපකරණ පිළිබඳ විස්තරාත්මක ලේඛනයක් හා ඇස්තමේන්තුවක් කඩිනමින් ලබාදෙන ලෙස දන්වමින් රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුරංග දොලමුල්ල මහතා වෙත අද (2026.10.05) දින නිල වශයෙන් ලිඛිතව දැනුම් දී ඇත.
අදාළ තොරතුරු ලද වහාම රුහුණු මහා කතරගම දේවාලයේ අරමුදල මගින් ඉදිරි ක්‍රියාමාර්ග කඩිනමින් සම්පූර්ණ කර අවශ්‍ය ප්‍රතිපාදන සලසා දීමට නියමිත අතර, රෝගී ජනතාවගේ සුවසෙත උදෙසා කතරගම දෙවියන්ට පිං පිණිස මෙවැනි සමාජ සත්කාරක වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට රුහුණු මහා කතරගම දේවාලය කැපවී සිටී.
මාධ්‍ය අංශය
රුහුණු මහා කතරගම දේවාලය
Ruhunu Kataragama Devalaya Provides Urgent Medical Support to Maharagama Apeksha Hospital
In a significant initiative, the Ruhunu Maha Kataragama Devalaya has mobilized essential medicines, surgical supplies, and medical equipment to ensure continuous treatment for cancer patients at Apeksha Hospital in Maharagama. This proactive measure aims to address the pressing need for healthcare provision highlighted by reports published on October 4, 2026.
The Devalaya's commitment to sustaining uninterrupted patient care was triggered by a specific emphasis placed on the hospital’s medical supply requirements. In response, MP Thilina Madhushanka has instructed the allocation of Rs. 1,500,000 as the first step toward bolstering medical services without hindrance.
To facilitate prompt action, the hospital administration, led by Director Dr. Suranga Dolamulla, has been officially notified today (October 5, 2026) to prepare a detailed inventory and assessment of the urgently needed drugs and medical consumables.
The fund will be executed expeditiously by the Ruhunu Maha Kataragama Devalaya, which is also determined to maintain ongoing social welfare programs aimed at enhancing the health and recovery of patients. This commitment reflects a strong dedication to community service and support for the well-being of those in need.
Media Department
Ruhunu Maha Kataragama Devalaya
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
