යෝජිත ‘ජල භීතිකා රෝගය තුරන් කිරීමේ සහ සුනඛයන් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත’ෙහි අන්තර්ගත ඇතැම් ප්‍රායෝගික නොවන වගන්ති හේතුවෙන් මෙරට සාර්ථකව ක්‍රියාත්මක වන ජාතික ජලභීතිකා මර්දන වැඩසටහන මුළුමනින්ම බිඳවැටීමේ බරපතළ අවදානමක් මතුව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) පෙන්වා දෙයි.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කරන්නේ, 1970 දශකයේදී වසරකට 350ක් පමණ වූ මෙරට මිනිස් ජලභීතිකා මරණ සංඛ්‍යාව පසුගිය වසර වන විට 14ක් දක්වා සීඝ්‍රයෙන් පහත හෙළීමට හැකිවූයේ සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරන විධිමත් සුනඛ එන්නත්කරණ වැඩපිළිවෙළ නිසා බවයි.
දැනට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 362ක් ආවරණය වන පරිදි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සෘජු අධීක්ෂණය යටතේ පුහුණු එන්නත්කරුවන් මඟින් මෙම එන්නත්කරණ කටයුතු සිදුකෙරේ. ඒ හරහා දැනටමත් සියයට 60කට ආසන්න එන්නත් ආවරණයක් ලබාගෙන ඇති අතර, නුදුරේදීම සියයට 70ක ඉලක්කය සපුරා ගැනීමට ද අපේක්ෂා කෙරේ.
කෙසේ වෙතත්, යෝජිත නව පනත මඟින් සුනඛ එන්නත්කරණය පශු වෛද්‍යවරයෙකුගේ සෘජු අධීක්ෂණය යටතේ පමණක් සිදු කළ යුතු බවට ඇතුළත් කර ඇති වගන්තිය කිසිසේත්ම ප්‍රායෝගික නොවන බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි. රජයේ සේවයේ නියුතු පශු වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව ඉතා සීමිත වීමත්, ඔවුන්ගේ ප්‍රමුඛ කාර්යභාරය ගොවිපළ සතුන් සහ පශු සම්පත් ක්ෂේත්‍රය වෙත යොමුව තිබීමත් හමුවේ, සුනඛ එන්නත්කරණයට සෘජුව අධීක්ෂණය සැපයීමට ඔවුන්ට හැකියාවක් නොමැති බව එම සංගමය පවසයි.
මීට පෙර 2017 වසරේදී මෙම එන්නත්කරණ වැඩසටහන සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට පැවරූ අවස්ථාවේදී, සියයට 60කට ඉහළින් පැවති එන්නත් ආවරණය වසරක් ඇතුළත සියයට 6ක් දක්වා ලෙස කඩා වැටුණු බව ද සංගමය සිහිපත් කරයි. පසුව ඇතිවීමට ගිය මහා ව්‍යසනය වළක්වා ගනිමින් එය යළිත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතට පවරා ගැනීමට රජයට සිදු වූ බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ලෝක සත්ව සෞඛ්‍ය සංවිධානය පවා මෙම වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යාංශය හරහාම මෙහෙයවිය යුතු බවට නිර්දේශ කර ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ.
එමෙන්ම, ජලභීතිකාව වැළඳී ඇතැයි සැකකෙරෙන හෝ ජනතාවට තර්ජනයක් වන පරිදි ආක්‍රමණශීලීව හැසිරෙන සුනඛයන් ඉවත් කිරීමට පොලිසිය සතුව පැවති බලතල නව පනතින් ඉවත් කර තිබීම මහජන ආරක්ෂාවට දැඩි තර්ජනයක් බව ද පෙන්වා දෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, මෙම අහිතකර වගන්ති වහා සංශෝධනය කර දැනට පවතින සාර්ථක මහජන සෞඛ්‍ය යාන්ත්‍රණය ආරක්ෂා කර ගැනීමට පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටියි.
Government Officials Warn of Serious Risks to National Animal Vaccination Programme
A looming crisis threatens Sri Lanka's national rabies vaccination initiative, as the Government Medical Officers' Association (GMOA) highlights potential failures in a proposed new act aimed at combating rabies and regulating dog registrations. Concerns stem from certain impractical clauses within the bill.
The GMOA noted that thanks to an organized vaccination strategy implemented by the Ministry of Health, the annual rabies-related human mortality rate, which peaked at around 350 in the 1970s, has dramatically decreased to just 14 in recent years.
Currently, trained vaccinators, working under the direct supervision of health officers, cover 362 health divisions. This effort has successfully achieved approximately 60% vaccination coverage, with aspirations to reach 70% soon.
However, the association pointed out that the new legislation's stipulation requiring vaccination to occur only under the direct oversight of a veterinary doctor is simply impractical. With a limited number of government veterinarians mostly engaged in supporting livestock health, their ability to provide direct supervision for rabies vaccinations is severely constrained.
Reflecting on past shortcomings, the GMOA recalled that when the vaccination programme was handed over to the Department of Animal Production and Health in 2017, coverage plummeted from over 60% to just 6% within a year. This alarming decline prompted the government to revert control back to the Ministry of Health, as recommended by both the World Health Organization and the World Organization for Animal Health, emphasizing that the programme should remain under the health ministry's direction.
Furthermore, the GMOA expressed concern that recent amendments have stripped police powers to remove aggressive dogs that pose a threat to public safety. This, they warn, could significantly jeopardize community safety. They urged the government to amend these detrimental clauses promptly and take action to safeguard the existing successful public health mechanisms.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ආ, GMOA එකෙන් කියලා තියෙන්නේ, ගණන් ගන්ඩ එපා, දොස්තර සාෆි ගැන මඩ ගැහුවෙත් ඕක්කුන්ම තමයි, කිසි වැඩක් නෑ. කොහොමත් බල්ලො සේරම වඳ කරලා දාන්ඩ ඕනෑ. බල්ලො ජරාව. පූසෝ හොඳයි, පරවියොත් හොඳයි.
ReplyDeleteලෙඩ වෙන්නෙ නැති එකෙක් දාපු කොමෙන්ට් එකක්.
Deleteඔව් සාෆි හොඳයි. සලේ තමයි නරක උඹලට.
Deleteමාලිමාව කොහොමද මෙච්චර ලස්සනට ප්ලෑන් කරලා ගොන්කම් කරන්නේ?
ReplyDeleteඒවා සහජ දක්ශතා.
Deleteරිලව් ගනන් කරා.
රිලව් දූපතකට දැම්මා
කෙහෙල් කොට වලින් ඇඳුම් මැහුවා
ලේනා ලේනි එක්ක ලව් කරන විදිය හොයා ගත්තා
කෙහෙල් ගෙඩ්ඩේ නැට්ට වෑල්ඩින් කරන ආකාරය සොයා ගත්තා
ලුණු වතුරෙන් සල්‍ෆියුරික් හැදුවා
නිධානයක් ගොඩ ගත්තා
උඩන්ඩාවෙන් ඩොලර් බිලියන 18ක් ගෙනාවා
මේවට ඉතින් මාලිමා ආන්ඩුවක්ම එන්න ඕන
#දීපුඡන්දෙගැනවිලිළැජ්ජයි #සමාජෙටමූණදෙන්නබෑ
පශු වෛද්‍ය නලින්ද ජයතිස්ස ගෙන් ඇහුව නම් කියයි.
ReplyDelete