පීඩන අවපාතය චණ්ඩ සුළි කුණාටුවක් වී ලංකාවට උඩින් කැරකේ..


 බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථානගතව පැවති ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුව දක්වා තීව්‍ර වී ඇති අතර, එය ඉදිරි පැය කිහිපය තුළ ‘චණ්ඩ සුළි කුණාටුවක්’ බවට පත්වෙමින් වයඹ දෙසට ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

මේ හේතුවෙන් බෙංගාල බොක්ක ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල යාත්‍රා කරන බහුදින ධීවර සහ නාවික ප්‍රජාව වෙත ‘රතු’ මට්ටමේ දැඩි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇති අතර, ගොඩබිම් ප්‍රදේශ කිහිපයක් සඳහා ප්‍රබල අකුණු පිළිබඳ ‘ඇම්බර්’ මට්ටමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව, බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොනදිග මුහුදේ පැවති මෙම පද්ධතිය උතුරු අක්ෂාංශ 15.4 සහ නැගෙනහිර දේශාංශ 88.9 ආසන්නයේ කේන්ද්‍රගතව පැවති අතර, එය වයඹ දෙසට ගමන් කරමින් අද  රාත්‍රී 11.30 වන විට බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේදී චණ්ඩ සුළි කුණාටුවක් බවට පත්වීමට ඉඩ ඇත.

මෙම පද්ධතිය ආශ්‍රිත මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 80ත් 100ත් දක්වා ඉහළ යා හැකි අතර, මුහුදු රළ මීටර් 3.0ත් 4.0ත් අතර උසකට නැගීමේ හැකියාවක් පවතී.

මේ හේතුවෙන් අදාළ මුහුදු කලාප අතිශය රළු විය හැකි බැවින් උතුරු අක්ෂාංශ 10ත් 20ත් සහ නැගෙනහිර දේශාංශ 80ත් 95ත් අතර මුහුදු සීමාවල නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙසත්, දැනටමත් එම මුහුදු කලාපවල රැඳී සිටින යාත්‍රා වහාම ආරක්ෂිත ප්‍රදේශ කරා යාත්‍රා කරන ලෙසත් උපදෙස් දෙනු ලැබේ.

මේ අතර, උතුරු මැද පළාත මෙන්ම ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළංද හටගත හැකිය.

අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවලදී එළිමහනේ හෝ ගස් යට නොසිටින ලෙසත්, කුඹුරු, තේ වතු, ක්‍රීඩා පිටි හෝ ජලාශ්‍රිත විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වළකින ලෙසත් ජනතාවට අවවාද කෙරේ. 

තවද රැහැන් සහිත දුරකථන සහ විදුලි උපකරණ භාවිතයෙන් වැළකී සිටින ලෙසත්, බයිසිකල්, ට්‍රැක්ටර් හෝ විවෘත බෝට්ටු භාවිතය නතර කර ආරක්ෂිත ගොඩනැගිල්ලක් හෝ සංවෘත වාහනයක් තුළ රැඳී සිටින ලෙසත් දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.





Severe Weather Alert as Deep Depression Intensifies in the Bay of Bengal

A deep depression located in the Bay of Bengal has escalated into a tropical storm, with the potential to develop into a cyclonic storm in the coming hours. The department of meteorology has confirmed that this system is moving towards the northwestern region.

Consequently, a 'red' alert has been issued for the fishing and maritime communities operating in both deep and shallow waters of the Bay of Bengal. In addition, several coastal areas have been placed on 'amber' alert due to severe thunderstorm warnings.

The meteorological department reports that the system was centered approximately at latitude 15.4 North and longitude 88.9 East, specifically over the eastern-central waters of the Bay. It is anticipated to strengthen into a cyclonic storm by 11:30 PM tonight, over the western-central Bay of Bengal.

Wind speeds in the affected marine zones may reach between 80 to 100 kilometers per hour, with waves potentially rising between 3.0 to 4.0 meters in height.

Due to the possible turbulence in the sea conditions, fishermen and marine operators are advised to refrain from activities in maritime boundaries between latitudes 10 to 20 North and longitudes 80 to 95 East until further notice. Vessels already in these waters should immediately navigate to safer areas.

Additionally, there is a high likelihood of intermittent thunderstorms accompanied by significant rainfall in the Northern Province, along with the districts of Trincomalee and Mannar during the evening or nighttime hours. These regions may experience temporary strong winds during thunderstorms.

Authorities have cautioned the public to avoid standing in open areas or beneath trees during thunderstorms, as well as to steer clear of exposed locations such as paddy fields, tea plantations, or near water sources.

Furthermore, it is advised to refrain from using wired telephones and electrical devices, as well as to halt the use of bicycles, tractors, or open boats. Individuals are urged to seek refuge in secure buildings or enclosed vehicles for their safety.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

1 Comments

  1. අවම වශයෙන් අවදානම් සහිත ප්‍රදේශවල පාසල් කලින් වසා නිවාඩු ලබාදීමට කටයුතු කළ යුතු නොවේද? මේ වන විටත් රත්නපුර ප්‍රදේශයේ දරුවන් දහස් ගණනකට ගංවතුර හේතුවෙන් නිවෙස් බලා යාමට නොහැකි තත්ත්වයක් ඇති වී ඇත්නම්, තවදුරටත් පාසල් විවෘතව තැබීමේ තීරණවලට වගකියන්නේ කවුද?

    දරුවෙකුගේ ජීවිතයක් අහිමි වූ පසු වගකීම භාරගැනීමෙන් පලක් නැත. ආපදාවක් ඇති වීමට පෙර අවදානම හඳුනාගෙන ක්‍රියා කිරීමයි බලධාරීන්ගේ වගකීම.

    ReplyDelete
Previous Post Next Post