ඇප නියෝගය හදන්න බැරි වුනා කියා නාමල් යලි රිමාන්ඩ්...


ආන්දෝලනාත්මක 'ක්‍රිෂ්' (Krrish) සමාගමේ ගනුදෙනුවට අදාළ අල්ලස් සිද්ධියක් මුල්කරගෙන අත්අඩංගුවට පත්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ එම සමාගමේ මෙරට හිටපු අධ්‍යක්ෂිකාවක වන ජානකී සිරිවර්ධන යන දෙදෙනාගේ රැඳවුම් භාරය එළඹෙන 23 වැනිදා තෙක් තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළේය.

අදාළ නඩුව අද (දින) කැඳවූ අවස්ථාවේදී දෙවැනි සැකකාරිය වන ජානකී සිරිවර්ධන මහත්මිය වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු ඇප අයදුම සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එය  ප්‍රතික්ෂේප කිරීමට පියවර ගත්තේය.

මේ අතර, පළමු සැකකරු වන නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් වන අධිකරණ නියෝගය මෙතෙක් සකස් කර අවසන් නොමැති බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා, එම ඇප තීන්දුව ප්‍රකාශයට පත්කිරීම නඩුව නැවත කැඳවීමට නියමිත ලබන 23 වැනිදා දක්වා කල් තබන බව විවෘත අධිකරණයේදී දැනුම් දුන්නේය.

ඉන්දීය ක්‍රිෂ් සමාගම කොළඹ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ ව්‍යාපෘතියකට පහසුකම් සැලසීමේ අරමුණින් රුපියල් මිලියන 70ක මුදලක් නීතිවිරෝධී ලෙස අල්ලස් වශයෙන් ලබාදීම සහ ලබාගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.





Colombo Magistrate Extends Detention of Namal Rajapaksa in Bribery Case

In a significant development regarding an alleged bribery incident linked to the controversial Krrish Group, Colombo Magistrate Asanga S. Bodaragama has ordered the extended detention of Member of Parliament Namal Rajapaksa and former director of the company in Sri Lanka, Janaki Sirivardhana, until the 23rd of this month.

During a court hearing held today, the Magistrate rejected a bail application submitted on behalf of Janaki Sirivardhana, the second suspect in the case.

As for the first suspect, Namal Rajapaksa's bail request remains unresolved, with the Magistrate indicating that the court's decision on this matter would be postponed until the next hearing scheduled for the 23rd.

Both Rajapaksa and Sirivardhana were apprehended by the Commission to Investigate Allegations of Bribery or Corruption, as they are accused of unlawfully facilitiating the transfer of Rs. 70 million in bribes related to a project intended for establishing operations by the Indian Krrish Group in Colombo.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

2 Comments

  1. එතකොට පැලවත්තේ කූඨ සැලසුම්, උපක්‍රම වලට අනුව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් වන අධිකරණ නියෝගය මෙතෙක් සකස් කර නැති එකාට මොකද කරන්නේ? 🤮😡

    අපේ උතුම් බුද්ධ භූමියේ, සිංහල - බෞද්ධයා ගේ සාරය සූරාගෙන ගිය, යටත්විජිත වාදී මංකොල්ල කාරයන් උන්ගේ පාලනය තව දුරටත් පවත්වාගෙන යාම සඳහා නව යටත් විජිත වාදය පහසු කරගනු පිණිස කළු සුද්දන් පිරිසක් බිහිකර, රෝම-ලන්දේසි නීතිය රටේ බලාත්මක කර රටේ පාරම්පරික උරුමක්කරුවන්ව මර්ධනය කරන්න යොදාගනු ලබනවා, ජාතියේ මුර දේවතාවුන් වන සංඝයා වහන්සේලා මර්ධනය කිරීමට, තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන්, තමන්ට ගැති නොවන සාමාන්‍ය ජනතාව මර්දනය කිරීම සඳහා ඒ අවනීතිය ක්‍රියාත්මක කරනවා බලා සිටීමට සිදුවීමත් සංවේග ජනකයි. ඒත් ඒ අවනීතිය ක්‍රියාත්මක කරන එවුනුත්, උන්ව මෙහෙයවන එවුනුත් සිහි තබාගත යුතුයි "කර්මය හා කර්ම විපාක" කියලා දෙයක් ලෝකය තුළ තියෙන බවත් "චේතනාව තමයි කර්මය බවට පත්වන්නේ" කියලා.

    ReplyDelete
  2. OMG, Who is responsible for that?

    ReplyDelete
Previous Post Next Post