පා ගමන් ආවා කියා ඥානසාර හිමි නිදහස් කලොත් එය ජන වරමට පිටුපෑමක්..


 පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේ පිරිසක් කොළඹට පාගමනින් වැඩම කර ඉදිරිපත් කළ ඉල්ලීම ඉටු කිරීමට ජනාධිපතිවරයාට හෝ ආණ්ඩුවට කිසිසේත්ම හැකියාවක් නොමැති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා අවධාරණය කරයි.

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, වත්මන් ආණ්ඩුව බලයට පත්ව ඇත්තේ නීතියේ ආධිපත්‍යය සුරකිමින් සැමට එක හා සමානව නීතිය ක්‍රියාත්මක කිරීමේ පදනම මත ලැබුණු ජනවරමකින් බවයි. 

එම ජනවරමට පිටුපා අධිකරණ තීන්දුවලට අතපෙවීමට ජනාධිපතිවරයා හෝ රජය කිසිසේත් සූදානම් නොමැති බව හෙතෙම සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා,

"පසුගිය පාලන සමයන්හිදී අධිකරණ තීන්දු නොසලකා හරිමින්, පුද්ගල තරාතිරම අනුව නීතිය ක්‍රියාත්මක වූ ආකාරය ජනතාව පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කළා. අද රට තුළ ක්‍රියාත්මක වන්නේ අධිකරණය ස්වාධීනව තීන්දු ගන්නා ක්‍රමවේදයක්. නීතිය ක්‍රියාත්මක කිරීමේදී ආගම හෝ තරාතිරම අදාළ වන්නේ නැහැ. නීතිය සැමට සාධාරණ විය යුතුයි. පාගමනින් වැඩම කළ ස්වාමීන් වහන්සේලාගේ ඉල්ලීම ඉටු කිරීමට යාම යනු ජනවරමට එරෙහි වීමක්. ඒ නිසා කළ නොහැකි ඉල්ලීම් ඉටු කිරීමට ජනාධිපතිවරයා හෝ රජය මැදිහත් වන්නේ නැහැ."

බන්ධනාගාරගතව සිටින භික්ෂූන් වහන්සේ නමකට අධිකරණයට ඉදිරිපත් කිරීමේදී සිවුර භාවිත කිරීම සම්බන්ධයෙන් පත්කළ කමිටු වාර්තාව ගැන ද අමාත්‍යවරයා කරුණු පැහැදිලි කළේය. 

අදාළ නිකාය පාර්ශ්වය විසින් සිවුර ඉවත් කිරීමට තීරණය කර නොමැති අවස්ථාවක, බාහිර කටයුතු සහ අධිකරණයට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේට සිවුර දරා සිටීමට ඉඩ ප්‍රස්ථාව පවතින බවත්, එය කමිටු නිර්දේශයක් මත ක්‍රියාත්මක වන තත්ත්වයක් බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.





No Possibility of Granting Monk's Release, Asserts Minister K.D. Lal Kantha

Minister of Agriculture, Animal Husbandry, Land and Irrigation K.D. Lal Kantha firmly stated that neither the President nor the government has the ability to fulfill the demands made by a group of monks who marched to Colombo, calling for the release of Venerable Galagodaaththe Gnanasara Thera.

In a special media address, the minister highlighted that the current government came to power through a people's mandate focused on upholding the rule of law and ensuring equal legal treatment for all.

He emphasized that neither the President nor the government is prepared to intervene in court decisions, standing resolutely against any violation of judicial authority.

Minister Lal Kantha elaborated on the situation, stating, "In previous administrations, the law was applied inconsistently, often disregarding court rulings based on personal preferences, which led to public disdain. Today, our judiciary operates independently, making decisions without consideration of religion or social status. The law must be just for everyone. Complying with the monks' demands contradicts the principles of the people's mandate." He condemned the notion of the government acquiescing to unreasonable demands.

The minister also clarified details regarding the committee report on the use of shackles during court proceedings involving incarcerated monks. He noted that unless the relevant party decides to remove the shackles, provision exists for the monks to wear them during external transport and court appearances, a situation governed by committee recommendations.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

2 Comments

  1. ඕන මඟුලක් කියපන්, ඒත් මං කියන්නේ ඔය ගොං වැඩේ කරන්ඩ එපා, නිකම් මිනිස්සුන්ට එපා කර ගන්ඩ එපා, අමාරුවෙන් හදල දුන්න ආණ්ඩුව, තොපි තනියෙන් ඉල්ලුව නම් හම්බ වෙයි ලබ්බ. මුස්ලිම් ඡන්ද වලට කෙලින්ම කථා කරපන්. සිංහල මිනිස්සු එක්ක බිබී ඉන්න වෙලාවට ඔලුවට එන බයිලා කෙරුවාය කියලා මුස්ලිම් ඡන්ද රැක ගන්ඩ බෑ. පාස්කු ප්‍රහාරය ගෝඨා පිටේ ගහන්ඩ බැරි නම්, ඒක කෙලින් ම උලමා සභාව එක්ක කථා කරපන්, ඤාණසාර හාමුදුරුවෝ පලි නෑ තොපි උලමා සභාවට අපෙන් අහන් නැතුව දුන්න පොරොන්දු වලට. ගොන් වැඩ කරලා අපිටත් යන එන මං නැති කරන්ඩ එපා. ගොනෙක් තෝ. ආපහු ගිහින් මාල කඩපිය.

    ReplyDelete
  2. අයියයි නංගියි හැමිනිලා අපේ රට වනසන්න බිහිවෙච්ච ජේ.වී.පී. ත්‍රස්තවාදියා 🤮 පර සුද්දන් නිර්මාණය කරලා "සිහලය" මත බලෙන් පටවලා ගිය "ප්‍රජාතන්ත්‍රවාදය" කියන "බඩගෝස්තරවාදී පාලන ක්‍රමය" නිසා තමයි තොපි වගේ නූගත්, අන්ත වනචාරී, හරි හමන් ජන්මයක් නැති, සල්ලාල, අඩු කුලේ, දේශ ද්‍රෝහී, ජාති ද්‍රෝහී, පරගැති, දෙලොවටම නැති, නියත නිරය උරුම කරගත්, බේබදු පාහර බල්ලන්ට, පොල් ලෙලි වලට, පාපිසි වලට පාර්ලිමේන්තු එන්න පුළුවන් උනේ 🤮😡🤮

    නූතන එළාරයා, ඩබල් පොකට්, අඩු කුලේ ත්‍රස්තවාදී, දේශ ද්‍රෝහී, වැඩ බැරි, කයියනායක, රොඩී ජෙප්පා ප්‍රමුඛ ටිං ටිං හාලියා ඇතුළු ත්‍රස්තවාදී ජෙප්පන් ගේත්, දේශ ද්‍රෝහී, ශාසන විරෝධී කල්ලි වල අනීතික නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා බන්ධනාගාර ආඥාපනත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරමින් තොපි කරන ලද මහා පාප කර්ම සාධාරණීකරණය කරන්න ඔය බොරු ෂෝ දැම්මාට වැඩක් නෑ.

    ත්‍රස්තවාදී ජෙප්පන් මැති ඇමතිවරු වෙලා ඉතාමත් කෙටි කාලයක් තුළ අසීමිතව උපයාගත් ධනය පිළිබඳ ඉතාම වැදගත් සාක්ෂි සහිතව පැමිණිලි කෙරුවත් අල්ලස් කොමිසමේ මහ එකාත් ත්‍රස්තවාදී ජෙප්පෙක් නිසා ඒවා යට ගසා විරුද්ධ පාක්ෂිකයන් පමණක් මර්ධනය කරමින් සිටින බව ප්‍රසිද්ධ රහසක් 🤮🤮🤮 තොපිට කර්ම විපාක විඳින්නට සිදුවන දවස ඉතාම ආසන්න බව දැනගෙන රඟපල්ලා, පාහර ත්‍රස්තවාදී ජෙප්පෝ 🤮🤮🤮

    තෝ ඇමති තනතුරට පත්වීමත් සමඟ සමාජ ප්‍රාග්ධනයෙන් 🤮🤮🤮 කඩුවෙල මහා මන්දිරය ඉදිකරගන්නට පෙර මන්ත්‍රී තනතුර වත් නැතිව වසර ගණනාවක් පුරා මන්ත්‍රී නිවාසයක් අවභාවිතා කරපු හැටි දැන් මතක නැද්ද?😡 කෝ තොපේ ඔය පුරම්බාන සැමට සාධාරණ නීතිය? තොපේ අනීතික නියෝග ක්‍රියාත්මක කරන පාහර බල්ලන් අපේ බදු මුදලින් නඩත්තු වෙමින් අපේ උතුම් පින් බිමේ සිදුකරන මේ මහා පාප කර්ම ඉවසාගෙන ඉන්න එකත් පුදුමයි තොපි හැතිකරයම පොලොව පලාගෙන ඇදගෙන යන්නේ නැතුව 🤮 තව දුරටත් අපේ බදු මුදල් කාබාසිනියා කරමින් 3% බත් කන හරකුන්ට මෝඩ චූන් දෙන්නේ නැතුව තොපේ නොහැකියාව පිලි අරගෙන පාර්ලිමේන්තුව විසුරුවා හැර ඉක්මන් මහා මැතිවරණයක් කැඳවපියව් 😡

    ReplyDelete
Previous Post Next Post