ඩබල් කැබ් දාහක් රජයට ගෙනේ...


 පූර්ණ ස්වයංක්‍රීය ගියර් පද්ධතියක් සහ 4WD පහසුකම් සහිත අලුත්ම ඩීසල් ඩබල් කැබ් රථ 1,000ක් මිලදී ගැනීම සඳහා රජය විසින් ලංසු කැඳවා තිබේ.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මඟින් මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලිය මෙහෙයවනු ලබන අතර, පසුගිය සැප්තැම්බර් 29 වනදා ප්‍රකාශයට පත් කරන ලද මෙම ටෙන්ඩරය 2026 ඔක්තෝබර් 22 වනදායින් අවසන් වීමට නියමිතය. මීට අමතරව ට්‍රැක්ටර් රථ 175ක්, බැකෝ යන්ත්‍ර 100ක්, ගලි බවුසර් 100ක් සහ ටිපර් රථ 160ක් මිලදී ගැනීම සඳහාද අදාළ අමාත්‍යාංශය විසින් වෙන වෙනම ලංසු කැඳවා ඇත.

මෙම ප්‍රසම්පාදන අතරින් විශාලතම මිලදී ගැනීම ඩබල් කැබ් රථ ටෙන්ඩරය වන අතර, පසුගිය වසරේ දැඩි ආන්දෝලනයකට තුඩුදුන් රථ 1,775ක් මිලදී ගැනීමේ ටෙන්ඩරයට සාපේක්ෂව මෙවර තාක්ෂණික සහ සුදුසුකම් සපුරාලීමේ කොන්දේසි රැසක් ලිහිල් කර තිබීම විශේෂත්වයකි.

2025 ඔක්තෝබර් මාසයේදී මුදල් අමාත්‍යාංශය විසින් කැඳවන ලද රථ 1,775ක ටෙන්ඩරය සඳහා ලංසු ඉදිරිපත් කිරීමට ලබා දී තිබුණේ රජයේ වැඩකරන දින 7ක් ඇතුළුව දින 12ක් වැනි කෙටි කාලයක් පමණි. එමෙන්ම එහි කොන්දේසි එක් සැපයුම්කරුවෙකුට පමණක් වාසිදායක වන අයුරින් සකස් කර ඇති බවට එල්ල වූ බරපතළ විවේචන හමුවේ එම ප්‍රසම්පාදනය පසුව අත්හැර දැමිණි.

කෙසේවෙතත්, මෙවර හඳුන්වා දී ඇති නව නිර්ණායක අනුව එන්ජින් ධාරිතාව අවම වශයෙන් 2,500 cc විය යුතු බවට පැවති කොන්දේසිය 2,400 cc දක්වා අඩු කර ඇති අතර, අවම එන්ජින් බලයද සියයට 7 කින් පහත හෙළා තිබේ.

එමෙන්ම වාහනයක බර ඇදීමේ හැකියාව තීරණය කරන Torque සියයට 12.5 කින් අඩු කර ඇත.

මීට පෙර රථයක බිම් මට්ටමේ සිට උස (Ground clearance) මිලිමීටර් 300 ඉක්මවිය යුතු බවට අධික සීමාවක් පනවා තිබුණද, මෙවර එය මිලිමීටර් 220 ට වඩා වැඩි විය යුතු ලෙස සංශෝධනය කර ඇති බැවින් තරගකාරී සමාගම් රැසක රථ මාදිලි සඳහා ලංසු ඉදිරිපත් කිරීමේ අවස්ථාව සැලසේ.

තනි සැපයුම්කරුවෙකු ඉලක්ක කර ඇති බවට පසුගිය වසරේ එල්ල වූ චෝදනාවලට හේතු වූ අනෙකුත් සුදුසුකම්ද මෙවර සංශෝධනය කර ඇත. ඒ අනුව, ලංසුකරුවන්ට දිවයින තුළ සේවා මධ්‍යස්ථාන 10ක් තිබිය යුතු වුවද ඉන් ආයතනය සතු මධ්‍යස්ථාන විය යුත්තේ 5ක් පමණක් වන අතර, බලයලත් නියෝජිත මධ්‍යස්ථානද ඒ සඳහා වලංගු වේ. මීට පෙර බස්නාහිර පළාතෙන් පිටත මධ්‍යස්ථාන 5ක් ඇතුළුව සියලු මධ්‍යස්ථාන 10ම අදාළ සමාගම සතු විය යුතු විය.

ඊට අමතරව, අදාළ වාහන මාදිලියෙන් මීට පෙර අලෙවි කර තිබිය යුතු රථ සංඛ්‍යාව 1,000 සිට 500 දක්වාද, සමාගමේ සාමාන්‍ය වාර්ෂික පිරිවැටුම රුපියල් බිලියන 10 සිට බිලියන 8 දක්වාද පහත හෙළා තිබේ. කෙසේවෙතත්, ලංසු සුරැකුම්පත රුපියල් මිලියන 50 සිට රුපියල් මිලියන 250 දක්වා පස් ගුණයකින් ඉහළ නංවා ඇති අතර, ණය පහසුකම් හෝ ද්‍රවශීල වත්කම් මඟින් රුපියල් බිලියන 5 ක මූල්‍ය ශක්තියක් තහවුරු කිරීමද නව ටෙන්ඩරය මඟින් අනිවාර්ය කර ඇත.





Government Calls Tenders for 1,000 New Diesel Double Cab Vehicles

The Sri Lankan government has issued a tender to procure 1,000 new diesel double cab vehicles, equipped with a fully automatic gearbox and 4WD capabilities. This procurement process is supervised by the Ministry of Finance, Procurement and Economic Development, with the tender scheduled to close on October 22, 2026.

In addition to the double cabs, the ministry has separately tendered for 175 tractors, 100 backhoe loaders, 100 garbage compactors, and 160 tipper trucks. The acquisition of double cabs represents the largest component of this procurement initiative. Notably, the technical and qualification criteria have been substantially relaxed compared to last year’s tender, which faced significant unrest over the purchase of 1,775 vehicles.

The previous tender had allowed only a brief submission window of 12 days, including 7 governmental workdays. This tight timeframe led to severe criticism, particularly over claims that the conditions favored a single supplier, ultimately resulting in the tender being canceled.

This time, the government has introduced new standards, lowering the minimum engine capacity requirement from 2,500 cc to 2,400 cc and reducing the minimum engine power requirement by 7 percent. Additionally, the torque determining a vehicle's towing capacity has been diminished by 12.5 percent.

Previously, a stringent requirement mandated that the ground clearance of vehicles exceed 300 millimeters. However, this has now been amended to stipulate that it must be greater than 220 millimeters, allowing a broader range of vehicle models to qualify for the tender.

Regulations that previously restricted the eligibility of suppliers to a single entity have also been amended. Vendors are now required to maintain service centers in the country, with only 5 out of 10 centers needed to be owned by the supplying company, allowing for authorized representative centers to also qualify. Last year’s tender mandated that all 10 centers be owned by the participating firm and included out-of-province centers in the Western Province.

Moreover, the requirement specifying that a company must have sold 1,000 vehicles of the specified model has been reduced to 500. The stipulated annual expenses for the firm have also been decreased from 10 billion rupees to 8 billion rupees, while the minimum tender security has been raised significantly, ranging from 50 million to 250 million rupees. Additionally, proof of financial viability, either through bank loans or liquid assets amounting to 5 billion rupees, has become a mandatory requirement for bidders under the new tender process.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

22 Comments

  1. රජයෙන් ආනයනය කරයි...නමුත් ලියාපදිංචි කරන්නේ පැලවත්තේ නමට....මේ පර මිනීමරු හැත්තෑ පන්නපු දවසට..උන් ඔක්කොම ඩබල් කැබ් ටික උන්ගේ පාවිච්චියට ගන්න බලාගෙන කරපු මගඩියක්.

    ReplyDelete
    Replies
    1. Ha hodai....🤣🤣🤣🤣

      Delete
    2. Meka boru nam munge mulu pawlama hadi gawila pala. me rata ahinsaka minissunwa rawattanawata panuwoma gahapiya

      Delete
    3. එහෙමනම් කප්පරක් බොරු කියල, මිනිස්සු අන්දල බලය ගත්ත කොටාව කොහොමට පනුවො ගහල සනුහරේම හැඳි ගෑවිල යන්ඩ ඕනෙද?

      Delete
    4. මාලිමාවට සාප වේවා! මාලිමාවට කඩේ යන රට වනසන තක්කඩින්ට සාප වේවා!!
      සත්‍ය හෙලි කරන මිනිසුන්ට, රට ජාතිය වෙනුවෙන් පෙනී සිටින්නන්ට සෙත් වේවා!!!

      Delete
    5. ඕක වෙන්නේ මෙහෙමයි. ඉස්සෙල්ලාම කැබ් ගෙන්නනවා.
      ඒවා රජයේ ආයතන නමින් වෙන් කරනවා. ඊට පස්සේ අවුරුදු 5ක් ගියාම ඕක කුනු කොල්ලෙට තක්සේරු කරනවා.
      ඊට පස්සේ ඇමතිට ගානක් ගෙවලා ගන්න පුලුවන්. දැනටම කෝටි ගනන් ගිනුමේ තියෙන උන්ට ඕක සිම්පල්

      පහුගිය ආන්ඩු වලින් දුන්නේ ඩියුටි ‍ෆ්‍රී වාහන ලයිසන් එකක්.
      එතකොට වාහනයේ සම්පූර්ණ වටිනකම මන්ත්‍රී විසින් දරන්න ඕන.
      දැන් වාහන රජය නමින් ගෙන්නනවා. එතකොට වාහනයේ සම්පූර්න වටිනකම ආන්ඩුව, ඒ කියන්නේ අපි දරන්න ඕන (බදුත් එක්කම හොඳේ). 😂🤣😃🤣😂🤣😂🤣😃🤣😂🤣

      මහදැනමුත්තා කියලා එකෙක් හිටියා. ඌට ඕන උනා වපුරන එකාගේ අඩි කුඹුරේ හිටින්නේ නැති වෙන්න වපුරන්න.😂🤣😃🤣😂🤣
      ඌ මැස්සක් ගහලා හතර දෙනෙක්ට මැස්ස උස්සගෙන යන්න කියලා, ඌ ඒකෙ ඉඳන් වැපිරුවා. එතකොට වපුරපු එකාගේ අඩි කුඹුරේ හිටින්නේ නෑ. කොහොමද ටිකිරි මොලේ. හැබැයි එකාගේ අඩි වෙනුවට 4කගේ අඩි වැදිලා. අන්න ඒක හෝදන්න නූතන මහදැනමුත්තා ඩෝබිලා දාලා ඉන්නවා. දැන් ඉතින් හෝදපල්ලා. 😂🤣😃🤣😂🤣

      Delete
    6. මහජන මුදලින් කැබ් ගේනවට අපි විරුද්ධයි.
      සජිත්, උඹ මේවට විරෝධතා කරන්න බයයි නම් විපක්ශ නායක කම වෙන එකෙක්ට දීලා ගෙදර පල.

      Delete
  2. ලංකාව ඩබල් කැබ් වලින්ම පුරවපල්ලා...හරි ෂෝක්

    ReplyDelete
    Replies
    1. Api hitiyanam lankawama V8 walin purawanawa ape hamuduruwane

      Delete
    2. තහඩුවක් ගියත් ලක්ශ 10 කියලා අසරණ වෙච්ච උන් තාම කූඩාරම් වල.
      මුන් ඩබල් කැබ් ගේනවා ජෙප්පොන්ට පදින්න.

      Delete
  3. Thank you AKD 😊 me rata me ganata divunu kalata. Dan. Apita double cab thoyenava

    ReplyDelete
    Replies
    1. මන්ත්‍රීගේ සල්ලි වලින් කැබ් ගෙනාව කාලේ ඉවරයි.
      දැන් මහජන සල්ලි වලින් කැබ් ගේන්නේ.

      ඊලඟ ඡන්දෙත් දීපල්ලා.
      උඹලගෙන් තෙල් වලට 122ක් බදු ගහන්නේ ඔන්න ඕවට.
      තොපේ පාරවල් හදන්නේ නෑ, උන් හැදෙනවා.

      Delete
  4. තඹුත්තේගම කොටාටයි .. පැලවත්තේ ඩයි ඉදිකටු පැන්චාටට්යි පට්ට පුකේ අමාරුවක් තියන්නේ ඩබල් කැබ් වලට ... මුන්ගේ පොල් පොත මර්දේනෙට හිඔන්දම වාහනේ ... යකෝ රටෙන් බාගෙට වැඩිය හරි කෑමක් නෑ .. රෝහල් වල බෙහෙත් නෑ ... තොපිට හෙන හත ගහනවා මේ කරන දේවල් වලට ...

    ReplyDelete
    Replies
    1. Meka borunam mekage mulu pawlama hadi gawilama pala

      Delete
  5. කලින්ම මුට්ටිය දාල බැලුවා, ඒත් වැඩේ වැරදුනා. 🤣🤣🤣

    ReplyDelete
  6. පඬිරාජ් අමනරත්නOctober 5, 2026 at 7:10 AM

    ඈත පිටිසර ගම් වලට යන්ඩ මේ වගේ වාහන නැතුව බෑ. රටට සේවය කරණ රජයක් නිසා මේ මිළදී ගැනීම ප්‍රශ්ණ කරන්ඩ කිසිවෙකුට අවශ්‍යතාවයක් නෑ. විපක්ෂේ නම් ඉතින් බොරුවට නන් දොඩවයි ඒත් අර එයාබස් පගාවෙන් 1%ක් ඇති මේ කැබ් සේරම ගන්ඩ, හොඳින් මතක තබා ගන්ඩ.

    ReplyDelete
    Replies
    1. තෝ නම් නියම සට්ටැඹියෙක්.

      Delete
    2. National Pacha Party (NPP)October 5, 2026 at 8:17 AM

      😂🤣😃🤣😂🤣 😂🤣😃🤣😂🤣
      මන්ත්‍රීගේ සල්ලි වලින් කැබ් ගෙනාව කාලේ ඉවරයි.
      දැන් මහජන සල්ලි වලින් කැබ් ගේන්නේ.

      තොපි වගේ මෝඩ හරක්. ඊලඟ ඡන්දෙත් දීපල්ලා.
      උඹලගෙන් තෙල් වලට 122ක් බදු ගහන්නේ ඔන්න ඕවට.
      තොපේ පාරවල් හදන්නේ නෑ, උන් හැදෙනවා.
      😂🤣😃🤣😂🤣😂🤣😃🤣😂🤣

      Delete
  7. Just what the country needs now!. Get loans from IMF, world bank, other countries and buy double cabs.

    ReplyDelete
  8. ඔය ටෙන්ඩරෙත් ෆොටෝන් බස් ගෙනාවා වගේ යන්නේ ඉෂාරට.අන්තිම කොන්දේසි වලින් ඉෂාරට යන්න වැඩේ හදල තියෙන්නෙ.ලන්සු සුරැකුම්පත මිලියන පනහේ ඉඳලා දෙසිය පනහට වැඩි කරා පස් ගුණයකින්.ද්‍රවශීලී වත්කම් බිලියන පහක් (කෝටි පන්සියයක්) කියන්නේ තරගකාරී ආයතනවලට අමාරු නිර්ණායකයක්.කොලේ වහලා ගානට ඉෂාරට ගොඩ යන්න පාර හදල දුන්නා.

    ReplyDelete
    Replies
    1. ඉශාරට නම් ගියත් කමක් නැහැ.
      ප්‍රශ්නේ තියෙන්නේ රටේ බදු සල්ලි වලින් මේ නටන නාඩගම් විපක්ශෙ කතා කරන්නේ නැහැ.

      Delete
  9. බස් එකේ යන්න ආපු එවුන් යන වාහන කිසිම රජයක යනවා දැක්කෙ නෑ. උන්ටනම් පුනරුදේ

    ReplyDelete
Previous Post Next Post