හෝමාගම මූණමල්වත්ත ප්රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණයෙකු හෝමාගම මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියක් මුල් කරගනිමින් හෝමාගම මූලික රෝහල පරිශ්රයේ (25) උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තේය.
මියගිය තරුණයාගේ ඥාතීන් ලෙස චෝදනා කරන්නේ, පොලිස් නිලධාරීන් විසින් එල්ල කරන ලද අමානුෂික සහ දරුණු පහරදීම් හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි.
කෙසේ වෙතත්, අදාළ තරුණයා හෘදයාබාධයකින් හෝ හදිසි අසනීප තත්ත්වයකින් මියගිය බවට පොලිස් පාර්ශ්වය ප්රකාශ කිරීමට උත්සාහ කරන බව පවසමින් ඥාතීහු සහ ප්රදේශවාසීහු රෝහල ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූහ.
පොලිස් වාර්තාවලට අනුව, 'අයිස්' මත්ද්රව්ය මිලිග්රෑම් 490ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත සහ මත්ද්රව්ය සම්බන්ධයෙන් පවතින විවෘත වරෙන්තුවකට අදාළව මෙම තරුණයා ඊයේ රාත්රියේදී අත්අඩංගුවට ගෙන ඇත.
අනතුරුව අද පෙරවරුවේ පොලිස් සිරමැදිරිය තුළදී ඔහු හදිසියේ අසාධ්ය තත්ත්වයට පත්වීම හේතුවෙන් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බවත්, එහිදී ඔහු මියගොස් ඇති බවත් පොලිසිය ප්රකාශ කරයි.
එහෙත් එම ප්රකාශය තරයේ ප්රතික්ෂේප කරන මියගිය තරුණයාගේ පියා ඇතුළු ඥාතීන් පෙන්වා දෙන්නේ, තරුණයා අත්අඩංගුවට ගෙන හෝමාගම පොලිසියේ අපරාධ අංශයේ කාමරයකට දමා දොර වසා පැය ගණනාවක් පුරා අමානුෂික ලෙස පහරදුන් බවයි.
එම පහරදීම් හමුවේ තරුණයා කෑගසන ශබ්දය තමන්ට ශ්රවණය වූ බවත්, අනතුරුව සිහිසුන්ව ලේ පෙරාගත් තත්ත්වයෙන් සිටි ඔහුව නිලධාරීන් කිහිපදෙනෙකු එක්ව අත්පා වලින් ඔසවාගෙන විත් සිරමැදිරිය තුළට දැමූ බවත් ඔවුහු මාධ්ය හමුවේ හඬා වැටෙමින් පැවසූහ.
තවද, රෝහලට රැගෙන එන විටත් ඔහු මියගොස් සිටි බවට වෛද්යවරුන් ප්රකාශ කළ බව පවසන ඥාතීන්, සිද්ධියට සාධාරණ පරීක්ෂණයක් පවත්වා වගකිවයුතු පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්රියාත්මක කරන ලෙස ඉල්ලා සිටියි. මියගිය තරුණයා සිව් හැවිරිදි දරුවෙකුගේ පියෙකි.
රෝහල් පරිශ්රයට රැස්වූ ඥාතීන් සහ පොලිස් නිලධාරීන් අතර උණුසුම් වාග් සංග්රාමයක් සහ නොසන්සුන්තාවක් හටගැනීමත් සමග තත්ත්වය පාලනය කිරීම සඳහා අවට පොලිස් ස්ථාන කිහිපයකින් අතිරේක පොලිස් කණ්ඩායම් කැඳවීමට බලධාරීහු පියවර ගත්හ.
පොලිසිය සඳහන් කළේ, අදාළ තරුණයාගේ මරණය සිදුවූ ආකාරය පිළිබඳව සහ එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පූර්ණ අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීම සඳහා සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්රධානත්වයෙන් විශේෂ විමර්ශනයක් මේ වන විටත් ආරම්භ කර ඇති බවයි.
29-Year-Old Dies Following Arrest in Homagama, Family Alleges Police Brutality
A tragic incident unfolded in the Homagama Munamalwatta area where a 29-year-old man succumbed to his injuries shortly after being taken into custody by local police. This event has ignited a wave of protests at the Homagama Base Hospital, with community members expressing their outrage.
Family members of the deceased claim that the young man's death was the result of severe and brutal assaults allegedly inflicted by police officers during his arrest. They vehemently rejected the police's assertion that he died from a medical condition or sudden illness.
According to reports, the young man was arrested late last night on charges related to the possession of 490 milligrams of 'ice' methamphetamine, which is connected to an active drug-related warrant. Following his arrest, he reportedly experienced a medical emergency within the police station early this morning and was swiftly transported to the Homagama Base Hospital, where he was pronounced dead.
However, his family vehemently disputes the police narrative, asserting that he was subjected to cruel treatment after being taken into custody and locked in a room within the Criminal Investigation Division for several hours. They claimed they heard sounds of him being assaulted and observed police officers dragging him into detention after he had reportedly lost consciousness.
Family members maintain that he was already deceased upon arrival at the hospital, as confirmed by medical personnel. They are now demanding a thorough investigation into the incident and accountability for the officers involved, emphasizing that the deceased was a father to a four-year-old child.
The situation escalated outside the hospital, where tensions flared between the family and police officers, prompting authorities to call in additional police units from nearby stations to control the unrest.
In response to the mounting allegations, the police have announced the initiation of an impartial investigation, led by a senior police officer to examine the circumstances surrounding the young man's death and the claims of police misconduct.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
