ලංකා අයි.ඕ.සී. (Lanka IOC) සමාගම මගින් බෙදාහරිනු ලබන LP95 පෙට්රල් වර්ගයේ ඉන්ධන ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දැමීමට එම සමාගම පියවර ගෙන තිබේ.
ඒ අනුව, මෙතෙක් රුපියල් 475ක්ව පැවති ලංකා පෙට්රල් 95 ලීටරයක මිල නව සංශෝධනයත් සමග රුපියල් 495ක් දක්වා ඉහළ යනු ඇත.
මෙම මිල සංශෝධනය ඔක්තෝබර් 25 වැනිදා මධ්යම රාත්රී 12.00 සිට ක්රියාත්මක වන පරිදි බලාත්මක කර ඇති බව ලංකා අයි.ඕ.සී. සමාගම නිවේදනය කරයි.
කෙසේ වෙතත්, සමාගම අලෙවි කරනු ලබන සෙසු ඉන්ධන වර්ගයන්හි මිල ගණන්වල කිසිදු සංශෝධනයක් මෙහිදී නිවේදනය කර නොමැත.
Lanka IOC Announces Fuel Price Hike for LP95 Petrol
Lanka IOC has confirmed a rise in the price of LP95 petrol, increasing the cost by Rs. 20 per liter.
With the new adjustment, the price of a liter of Lanka 95 petrol will now reach Rs. 495, up from the previous Rs. 475.
This price change took effect at midnight on October 25, as announced by Lanka IOC.
However, the company has stated that there will be no changes to the prices of other fuel varieties sold at this time.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
