දෙස් විදෙස් මට්ටමින් පවත්වාගෙන යන ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම් හරහා වෛරී ප්‍රකාශ මුදාහැරීමේ ක්‍රියාවලියක් නිරීක්ෂණය වී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
විවිධ ජාතීන්ට අයත් පුද්ගලයන්ගේ නමින් පෙනී සිටිමින් ව්‍යාජ ලෙස සකස් කළ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ මෙලෙස වෛරී සහගත ප්‍රකාශ නිකුත් කිරීම පිළිබඳව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් මේ වන විටත් පුළුල් පරීක්ෂණ අරඹා ඇති බව අමාත්‍යවරයා පැවසීය.
එමෙන්ම එවැනි සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් කරුණු අධිකරණය හමුවට ද වාර්තා කර ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මෙසේද සඳහන් කළේය.
"අතීතයේදී බලය ලබාගැනීමට සහ එම බලය රැකගැනීම උදෙසා ජාතිවාදය සහ ආගම්වාදය අවුස්සා කටයුතු කිරීම මෙරට දේශපාලන සංස්කෘතියක් බවට පත්ව තිබුණා. පසුගිය කාලසීමාව පුරාවටම එවැනි ජාතිවාදී ක්‍රියාකාරකම්වල යම් යම් නෂ්ටාවශේෂ නැවත ඉස්මතු කිරීමට උත්සාහ කළ අවස්ථා නිරීක්ෂණය වුණත්, අප ඊට කිසිදු ඉඩක් තැබුවේ නැහැ. ඉදිරියටත් ජාතික සමගිය බිඳවැටෙන ආකාරයේ කිසිදු ජාතිවාදී හෝ ආගම්වාදී කුමන්ත්‍රණයකට මේ රජය තුළ කිසිසේත්ම ඉඩක් දෙන්නේ නැහැ."
මන්ත්‍රීවරයා විසින් යොමු කරන ලද ප්‍රශ්නයට අදාළව විමර්ශන වාර්තා පදනම් කරගත් පූර්ණ හා විධිමත් පිළිතුරක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා සතියක කාලයක් ලබාදෙන ලෙස ද අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියේය.
Government Investigates Threatening Social Media Accounts
In a significant revelation within Parliament, Minister of Public Security, Ananda Wejapaksha, indicated the existence of a network of fraudulent social media accounts disseminating hostile statements on both national and international levels. This statement was made in response to a verbal inquiry by a Member of Parliament.
Addressing the issue, the Minister disclosed that investigations into these accounts, which mimic individuals from various ethnic backgrounds, are currently underway by the Cyber Crime Investigation Division. These accounts have been linked to a series of derogatory and inflammatory remarks aimed at inciting discord.
Furthermore, the Minister highlighted that details regarding several such incidents have already been submitted to the judiciary for further examination.
Expanding on the concerning trend, Wejapaksha noted, "In the past, nationalism and religious sectarianism have become entrenched within our political culture as tools for gaining and retaining power. Despite some attempts to resurrect such divisive actions recently, we have not allowed any room for tolerance towards them. The current government will not permit any form of nationalist or religious conspiracy that could jeopardize national unity."
The Minister also requested a week's time to provide a comprehensive and structured response to the parliamentary inquiry, based on the findings of ongoing investigations.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ආ ඇත්තද?.
ReplyDeleteAh attada ආනන්ද විජේපාල kari demala....thopila 60 years kare monada danne ne?? ewa වෛරී ප්‍රකාශ nemeida kari ballo ???
ReplyDeletePlease check Majority of JVP People do this in Social media.
ReplyDelete