සෞදි අරාබිය තුළ මරණීය දණ්ඩනයට නියම වී සිටින විසිහතර හැවිරිදි වියැති ශ්‍රී ලාංකික තරුණයකු වන සිවරාසා අනෝජන්ගේ සුවදුක් විමසා බැලීම උදෙසා පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ නියෝජිත පිරිසක් එම රටේදී ඔහු මුණගැසී සාකච්ඡාවක නිරත වී තිබේ.
අදාළ හමුවෙන් අනතුරුව අදහස් දැක්වූ මන්ත්‍රීවරයා සඳහන් කළේ, අනෝජන් මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවයි.
එමෙන්ම ඉදිරි ක්‍රියාමාර්ග සහ නීතිමය කටයුතු සම්බන්ධයෙන් ද මෙම හමුවේදී ඔහු සමග සාකච්ඡා කළ බව ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා වැඩිදුරටත් අනාවරණය කළේය.
Special Delegation Visits Sri Lankan Youth on Death Row in Saudi Arabia
A high-profile delegation led by Member of Parliament and Presidential Attorney Faizer Mustapha has engaged in discussions in Saudi Arabia regarding the health and legal status of 24-year-old Sri Lankan national Sivaarasa Anojan, who is facing a death sentence.
Following their meeting, Mustapha reported that Anojan is currently in stable health. The delegation was not only concerned with Anojan's well-being but also initiated discussions about forthcoming legal strategies and actions regarding his case.
This diplomatic mission underscores the Sri Lankan government's efforts to support its citizens facing serious legal challenges abroad, while also reaffirming its commitment to safeguarding human rights.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
