මහනුවර - මාතලේ ඒ-9 ප්රධාන මාර්ගයේ අකුරණ, 7 කණුව සහ කුරුගොඩ හන්දිය ආශ්රිත ප්රදේශයේදී අද (19) උදෑසන වාහන දහයකට ආසන්න සංඛ්යාවක් එකිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අනතුරින් බරපතළ තුවාල ලැබූ තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු කඩිනමින් රෝහල්ගත කර ඇති බව අලවතුගොඩ පොලීසිය පවසයි.
අකුරණ ප්රාදේශීය රෝහලේ ප්රකාශකයෙකු තහවුරු කළ පරිදි, අනතුරට ලක්ව රෝහල වෙත ඇතුළත් කළ පුද්ගලයින් අතරින් තිදෙනෙකු ඒ වන විටත් මියගොස් සිටි බවත්, තුවාල ලැබූ සෙසු පිරිසට හදිසි ප්රතිකාර ලබාදෙමින් පවතින බවත් වාර්තා වේ.
තුවාලකරුවන් අතර සිටි කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බැවින් ඔවුන් වැඩිදුර ප්රතිකාර සඳහා මහනුවර ජාතික රෝහල වෙත මාරු කර යැවීමට පියවර ගෙන ඇත.
Tragic Multi-Vehicle Crash in Matale Claims Four Lives
A devastating traffic accident occurred this morning (19) on the A-9 main road near Akurana, involving nearly ten vehicles. The crash has resulted in the tragic loss of Four lives.
Several others sustained serious injuries and have been rushed to hospitals, according to local police. In a statement from the Akurana Regional Hospital, a spokesperson confirmed that three individuals were already deceased upon arrival, while emergency treatment is ongoing for the other victims.
Among those injured, several are in critical condition, prompting authorities to arrange for their transfer to the National Hospital in Mahanuwara for advanced medical care.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
