දේශපාලන ප්‍රබලයන් ඝාතන කුමන්ත්‍රණයක්.. සැකකරුවන් හදුනාගනී..


සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ එක්ව මෙරට දේශපාලන ප්‍රමුඛයන් සහ පොලිස් නිලධාරීන් ඝාතනය කිරීමේ සැලසුමක් පිළිබඳව පුළුල් විමර්ශනයක් අරඹා ඇති බවත්, ඊට අදාළ සැකකරුවන් මේ වන විටත් අනාවරණය කරගෙන ඇති බවත් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ කරුණු වාර්තා කළේය.

මෙම සිදුවීමට අදාළ කරුණු කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා හමුවේ වාර්තා කරමින් ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් සඳහන් කළේ, රාජ්‍ය විරෝධී හා ආරක්ෂාව අස්ථාවර කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන සංවිධානාත්මක කණ්ඩායමක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සබඳතා ගොඩනගාගනිමින් මෙම ඝාතන සැලසුම දියත් කිරීමට සූදානම් වන බවට බුද්ධි තොරතුරු ලැබී ඇති බවයි.

එම තොරතුරුවලට අනුව සිදුකළ මූලික විමර්ශනවලදී මෙම කුමන්ත්‍රණයට ඍජුවම සම්බන්ධ පුද්ගලයන් සහ සැකකරුවන් කවුරුන්දැයි හඳුනා ගැනීමට හැකි වූ බව ද විමර්ශන නිලධාරීහු අධිකරණයට පෙන්වා දුන්හ.

ඉදිරිපත් වූ කරුණු කෙරෙහි අවධානය යොමු කළ අතිරේක මහෙස්ත්‍රාත්වරයා, මෙම සිද්ධිය සම්බන්ධයෙන් පවත්වනු ලබන විමර්ශන කඩිනම් කර එහි ප්‍රගතිය වහාම අධිකරණයට වාර්තා කරන ලෙසට ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයට නියෝග කළේය.





Inquiry Launched into Plot to Assassinate Political Leaders and Police Officials with Links to Drug Traffickers

An extensive investigation has been initiated regarding a conspiracy involving organized drug traffickers aimed at assassinating prominent political figures and police officials in Sri Lanka. This revelation was shared by the Terrorism Investigation Division at the Colombo Chief Magistrate's Court yesterday, where details of the suspects have also emerged.

During the proceedings, officers from the division disclosed to Additional Magistrate Lahiru Silva that intelligence reports indicated an organized group is preparing to execute this assassination plot in collaboration with drug traffickers. The group's intent appears to be creating instability and undermining state security.

Initial inquiries have reportedly unveiled the identities of individuals directly linked to the conspiracy, providing a clearer picture of those involved in this alarming scheme, the investigators informed the court.

In response to the provided details, the Additional Magistrate emphasized the urgency of the ongoing investigation and instructed the Terrorism Investigation Division to expedite the process and promptly report developments back to the court.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

1 Comments

  1. පට්ටපල් බොරුනේ..... එකමහකුඩ්ඩෙක් අල්ලනවද.... ඔක්කොම අල්ලන්නේ පොඩි කොල්ලෝ.... ග්‍රෑම් එකක් දෙකක් තියාගෙන ඉන්න..... මෙව්වනම් බොරු නිව්ස්

    ReplyDelete
Previous Post Next Post