තවත් කුඩු කන්ටේනරයක් කොළඹ වරායට...?


මෙරට ආනයනය කරන ලද තවත් බහලුමක් තුළ මත්ද්‍රව්‍ය හෝ වෙනත් නීති විරෝධී ද්‍රව්‍ය තිබේදැයි සෙවීමට විමර්ශනයක් ආරම්භ කළ බව පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (08 වැනිදා) දැනුම් දුන්නේය. 

පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් අධිකාරිවරයකු විසින් කරන ලද පැමිණිල්ලක් මත එම විමර්ශනය පවත්වන බව පොලිසිය, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කරමින් දන්වා සිටියේය.

මෙරටට ආනයනය කරන ලද බහලුමක නීති විරෝධී මත්ද්‍රව්‍ය හෝ වෙනත් නීතිවිරෝධී ද්‍රව්‍ය ඇති බවට ලද තොරතුරක් මත අදාළ විමර්ශනය පවත්වන බවද පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරි අධිකරණය වෙත දන්වා සිටියහ.

ඉෂාර රත්නකාර





Police Launch Investigation into Suspicious Shipment in Colombo

The Police Department's Central Criminal Investigation Division has initiated an investigation to determine whether a recently imported shipment contains illegal drugs or other contraband materials. This announcement was made to the Colombo Chief Magistrate's Court on the 8th of this month.

The investigation follows a complaint lodged by an officer from the Police Special Task Force, which was presented in court. Officials from the Central Criminal Investigation Division confirmed that they are actively pursuing inquiries based on credible information regarding the presence of illegal substances in the shipment.

The authorities emphasized that this probe is critical in addressing concerns about the possible smuggling of drugs or illegal items into the country, highlighting their commitment to combating such offenses effectively.

Isshara Rathnakara



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post