බලයට එන්න පෙර අනුරලා හැංගිලා හිටියේ පන්සල්වල.. අද සසුනටම ගහනවා..


 ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු කණ්ඩායම දේශපාලන බලය ලබා ගැනීමට පෙර ආරක්ෂාව ලැබුවේත්, යැපුණේත් බෞද්ධ විහාරස්ථාන සහ සංඝරත්නය සෙවණේ බවත් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති.

බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාව අභියසදී, පැවති අධිෂ්ඨාන සත්‍යක්‍රියාවකට එක්වෙමින් උන්වහන්සේ මාධ්‍ය හමුවේ මේ බව ප්‍රකාශ කළහ.

එහිදී අදහස් දැක්වූ උන්වහන්සේ සඳහන් කළේ, අතීතයේදී විවිධ අර්බුද හමුවේ අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිස පමණක් නොව ඔහුගේ පුත්‍රයා පවා රැකවරණය ලැබුවේ ගාල්ල ඇතුළු ප්‍රදේශවල විහාරස්ථානවල බවයි. එලෙස සංඝරත්නයේ රැකවරණය ලැබූ පිරිස් අද බලයට පත්වීමෙන් පසු බුදු සසුනට සහ භික්ෂුත්වයට එරෙහිව කෘතවේදීත්වයකින් තොරව කටයුතු කරමින් සිටින බව උන්වහන්සේ චෝදනා කළහ.

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ පවා මෙරට බෞද්ධ සම්ප්‍රදායන්ට සහ මහා සංඝරත්නයට යම් ගෞරවයක් හිමිවූ බව පෙන්වා දුන් ධම්මරතන හිමියෝ, වත්මන් පාලනය නිරාගමික න්‍යායපත්‍රයක් ඔස්සේ ක්‍රියාත්මක වෙමින් බෞද්ධ උරුමයන් නොසලකා හරිමින් සිටින බව පෙන්වා දුන්හ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය ඇතුළු කරුණු සම්බන්ධයෙන් මහනායක මාහිමිපාණන් වහන්සේලා ඉදිරිපත් කළ ලිපි පවා නොසලකා හරිමින් උන්වහන්සේලාගේ හඬ යටපත් කිරීමට කටයුතු කර ඇති බවටද චෝදනා නැගූහ.

ඥානසාර හිමියන් සිරගත කිරීම හුදෙක් එක් භික්ෂූන් වහන්සේ නමකට එල්ල වූ ප්‍රහාරයක් නොව, සමස්ත ශාසනයට හා සිංහල බෞද්ධ ජනතාවට එල්ල වූ අභියෝගයක් බව පැවසූ උන්වහන්සේ, බුදු සසුනත් අරහත් ධජයත් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් දිවි පරදුවට තබා පෙරට ඒමට මෙරට බෞද්ධ ජනතාව පසුබට නොවන බවද අවධාරණය කළහ. පාලකයන් වැරදි මාවතක ගමන් කරන්නේ නම් ඊට එරෙහිව ජනතා බලය පෙරදැරිව ප්‍රබල අරගලයක් දියත් කිරීමට සිදුවන බවද මිහින්තලා නාහිමියෝ වැඩිදුරටත් අනතුරු ඇඟවූහ.





Monks Critique Political Leadership for Neglecting Buddhism

In a pointed critique of the current political landscape, Anura Kumara Dissanayake, the leader of the National People’s Power, has been accused of failing to protect Buddhist temples and the Sangha in a bid for power. This assertion was made by Venerable Dhamarathana Thero, the chief priest of the Mihintale Rajamaha Viharaya, during a recent media briefing held at the historic Sri Dalada Maligawa in Kandy.

Speaking on behalf of imprisoned monk Gnanasara Thero, Dhamarathana Thero revealed that not only Dissanayake but also his son received protection from the crises of the past within the precincts of temples, particularly in areas like Galle. He criticized the very individuals who once sought refuge in such places, stating that they are now acting with disregard for the Buddha Sasana and the monkhood after ascending to power.

The Ven. Dhamarathana emphasized that even during colonial rule, there was a level of respect afforded to Sri Lanka’s Buddhist traditions and the Maha Sangha. He lamented that the current administration operates through a secular framework that blatantly ignores Buddhist heritage and values.

Moreover, he asserted that the ongoing neglect of issues surrounding the 22nd amendment to the Constitution and other related matters by the highest-ranking monks represents an attempt to stifle the voices of the Sangha.

Gnanasara Thero's imprisonment should not be perceived as merely an assault on one monk; Dhamarathana Thero characterized it as a challenge to the entire Buddhist order and the Sinhalese Buddhist community. He underscored that the Buddhist populace will not hesitate to safeguard the Buddha Sasana and the Arahat flag, suggesting they are ready to face any threats to their beliefs. He warned that if rulers continue down the wrong path, the people might mobilize to initiate a strong preemptive struggle for their rights.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

2 Comments

  1. අපේ ස්වාමීන් වහන්ස, දේශද්‍රෝහී පාහර ත්‍රස්තවාදී, නූතන එලාරයා, අඩු කුලේ හුණ්ඩුවා ප්‍රමුඛ උන්ගේ අනීතික නියෝග ක්‍රියාත්මක කරන පාහර බල්ලන් අපේ බදු මුදලින් නඩත්තු වෙමින් අපේ උතුම් පින් බිමේ සිදුකරන මේ මහා පාප කර්ම ඉවසාගෙන ඉන්න එකත් පුදුමයි පොලොව පලාගෙන මුන්ව ඇදගෙන යන්නේ නැතුව

    ReplyDelete
  2. අපේ උතුම් බුද්ධ භූමියේ, සිංහල - බෞද්ධයා ගේ සාරය සූරාගෙන ගිය, යටත්විජිත වාදී මංකොල්ල කාරයන් උන්ගේ පාලනය තව දුරටත් පවත්වාගෙන යාම සඳහා නව යටත් විජිත වාදය පහසු කරගනු පිණිස කළු සුද්දන් පිරිසක් බිහිකර, රෝම-ලන්දේසි නීතිය රටේ බලාත්මක කර රටේ පාරම්පරික උරුමක්කරුවන්ව මර්ධනය කරන්න යොදාගනු ලබනවා, ජාතියේ මුර දේවතාවුන් වන සංඝයා වහන්සේලා මර්ධනය කිරීමට උන්ගේ ඒ අවනීතිය ක්‍රියාත්මක කරනවා බලා සිටීමට සිදුවීමත් සංවේග ජනකයි. ඒත් ඒ අවනීතිය ක්‍රියාත්මක කරන එවුනුත්, උන්ව මෙහෙයවන එවුනුත් සිහි තබාගත යුතුයි "කර්මය හා කර්ම විපාක" කියලා දෙයක් ලෝකය තුළ තියෙන බවත් "චේතනාව තමයි කර්මය බවට පත්වන්නේ" කියලා.

    ReplyDelete
Previous Post Next Post