මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතාට සහ ඔහුගේ දියණියට මරණ තර්ජන එල්ල කරමින් සිදුකළ බව කියන ආන්දෝලනාත්මක දුරකථන සංවාදයක හඬපටයක් අනාවරණය වී ඇත.
අදාළ හඬපටයට අනුව, මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් මුලින්ම මහින්ද කහඳගම මහතාගේ දියණිය අමතමින් පරුෂ වචනයෙන් බැණ වැදී මරණ තර්ජන එල්ල කරන ආකාරය සටහන්ව තිබේ. එහිදී ඔහු පවසන්නේ, ඇයගේ පියා විසින් තමන්ගෙන් ලබාගත් ‘අයිස්’ (Ice) මත්ද්‍රව්‍ය ග්‍රෑම් 500 කට අදාළ මුදල් මාස තුනකින් ගෙවා නොමැති බවත්, මීට පෙර ද එවැනිම ගනුදෙනුවක හිඟ මුදල් පැහැර හැර ඇති බවත්ය.
මුදල් නොගෙවන්නේ නම් ඇයගේ පියාට වෙඩි තබන බවටත්, ඔවුන්ගේ වෙළෙඳසැලට පහරදී වෙඩි තබන බවටත් එම ජාවාරම්කරු එහිදී දැඩි ලෙස තර්ජනය කරයි.
අනතුරුව එම දුරකථන සංවාදයට එක්වන හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා, කලබල නොවන ලෙස අදාළ පුද්ගලයාගෙන් අයැද සිටින ආකාරය හඬපටයේ ඇසෙයි.
තමන් කිසිවෙකුට හෝ මුදල් වංචා කිරීමට උත්සාහ නොකරන බවත්, අදාළ හිඟ මුදල් පියවීම සඳහා ඉඩමක් කඩිනමින් විකුණා දැමීමට කටයුතු කරමින් සිටින බවත් ඔහු එහිදී පවසයි.
පසුගිය දිනක ද ගැනුම්කරුවන් පිරිසක් ඉඩම බැලීමට පැමිණි බව පවසන කහඳගම මහතා, අඩු මුදලකට හෝ එම ඉඩම විකුණා හැකි ඉක්මනින් මුදල් ලබාදීමට පියවර ගන්නා බවට ජාවාරම්කරු හමුවේ පොරොන්දු වන ආකාරය ද එම හඬපටයේ වැඩිදුරටත් ඇතුළත් වේ.
මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා මත මහින්ද කහඳගම මහතා ඇතුළු දෙදෙනෙකු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගත් පසුබිමක මෙම හඬපටය ප්‍රසිද්ධියට පත්ව තිබේ.
Threatening Phone Call to Former Colombo Councilor Exposed
A troubling audio recording has surfaced, revealing a notorious drug trafficker issuing death threats to Mahinda Kahandagama, a former local councilor of the Colombo Municipal Council, and his daughter. The confrontation has raised serious concerns about the safety and implications surrounding both individuals.
The audio details a harsh exchange, beginning with the trafficker contacting Kahandagama's daughter and ominously threatening her life. It is revealed that she has failed to pay for 500 grams of 'Ice' (a form of methamphetamine), which her father reportedly procured three months ago, and that similar payments have been missed in the past, leading to the trafficker's demands.
Threatening to shoot Kahandagama if the money remains unpaid, the trafficker also warns of a violent attack on their business premises, intensifying the atmosphere of intimidation.
In response, Kahandagama's demeanor during the recording suggests he remained unshaken, as he requested the trafficker not to involve innocent parties. He asserted that he was not attempting any deceitful financial maneuvers and is actively working on selling property to settle the overdue amount.
He further disclosed that prospective buyers had recently visited the property, indicating his determination to quickly raise funds, even if it meant selling at a lower price. This commitment was reiterated in his conversation with the trafficker, emphasizing his intent to clear the debt.
The audio has gained notoriety following the detention of Kahandagama and another individual by the Criminal Investigation Department on charges related to drug activities, providing context to the threatening incident.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

පළවෙනි ලංකට් ඇතුලේ.
ReplyDeleteදෙවෙනි ලංකට් මඟ. 🤣
තැන තැන තෙල් පෝලිම්..
Deleteනීතිය අනීතිය කරන එකට අපි විරුද්ධයි.
ReplyDeleteAI හඬ පට වල ගඳක් එනවා
ReplyDeleteතනිකරම AI bullshit. කටහඩ වෙනස් වෙනව දෙපාරක්ම. ඔය අයිස් වික්ක කියන එකාව අල්ලගෙන පෙන්නපං ඉස්සරවෙලාම.
ReplyDeleteAI ලු ද?
Deleteශිහ්
රේඛා ට මඩක් ගහලා ආතල් එකක් ගන්න හිතුවා විතරයි
AI කියල 100%ක් sure
Deletebaduth ekka mattu unama AI da mahaththayoo...ha ha loku baiyek wge
Deleteඅයිස් යැයි සැක කරන මිස අයිස් බව සනාථව නැති බව ඩෝබියන්ව පවසමි. තවද බහාලුම් ගෙන්වන්නේ කාගේ හෝ නමකට ආයතනයකට සමාගමකට බැවින් මෙතෙක් අසුනොවූ එහෙත් රන්මල් මාරුකිරීමට පවා කටයුතු කල බහාලුමේ අයිතිකරු කොටාද?
ReplyDeleteලැජ්ජයි මේ ආන්ඩුව.බොරු හඩ පට සහ කේලාම් මතින් රටේ සමහර මිනිස්සු ගොනාට අන්දවමින් රාජ්‍යය ත්‍රස්තවාදය ගොඩනගනවා.
ReplyDeleterajapakshalata puka denawa kiyanne ithin me wage ewun thamai,
ReplyDeleteanika muge lamainge katawal nam toilet wage thami, dan lamainge puke amaruwa saneepa athi
හරි වැරැද්ද කරානම් මොකාට හරි දඬුවම් දෙන්න ඕනෙ.දැන් අර කුඩු විකුනපු එකාව අත් අඩංගුවට ගන්න එකත් දාන්නකෝ.
ReplyDeleteසාමකාමි අරගලයට එදා අරලියගහ මන්දිරයේදී මැරයන්ට මත්ද්‍රව්‍ය දීලා පහර දුන්නේ මූ තමයි.
ReplyDeletePohottuwe inne kuddoyi,horui, badu karayoi witharai
ReplyDeleteකහඳගම කියන්නෙ පිටකොටුවෙ වෙලෙන්දගෙන් කප්පම් අරන් ජීවත් වුන දර්මිශ්ට පුද්ගලයෙක්. මේවා AI
ReplyDelete