ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යන සෑම අවස්ථාවකදීම මෙරට තෙල් මිල සංශෝධනය කරන්නේ නම් ආණ්ඩුවක් පවතින්නේ කුමකටදැයි අතීතයේදී මතු කළ ප්‍රශ්නය මෙරට ජනතාවට තවමත් අමතක වී නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේ, වත්මන් මොහොතේ වරායෙන් ගොඩබානු ලබන පෙට්‍රල් ලීටරයක සැබෑ පිරිවැය කොපමණද යන්න ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනතාව හමුවේ පැහැදිලි කළ යුතු බවයි.
පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් දහයක බද්දක් වෙනුවට රුපියල් විස්සක් හෝ අය කර, එසේත් නැතිනම් යෝජිත බදු මුදල දෙගුණයකින් ඉහළ නංවා හෝ ඉන්ධන මිල ප්‍රකාශයට පත් කරන ලෙස හෙතෙම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.
වත්මන් පාලනය තුළ සිදුවන මෙම ක්‍රියාකලාපයන් හේතුවෙන් මෙරට පොදු ජනතාව බලවත් වේදනාවකින්, දැඩි කලකිරීමකින් මෙන්ම ආණ්ඩුව කෙරෙහි දැඩි දේශපාලන කෝපයකින් පසුවන බවත්, මෙය පාලකයන්ට නොතේරෙනවා යැයි සිතිය නොහැකි බවත් සංජීව එදිරිමාන්න මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
Former MP Questions Government's Inaction Amid Rising Fuel Prices
The persistent issue of rising fuel prices on the global market continues to raise concerns among the Sri Lankan public. Sanjeewa Edirimanna, a former Member of Parliament, highlighted this ongoing dilemma, questioning the government's commitment to addressing the situation during a recent media briefing at the Sri Lanka Podujana Peramuna party headquarters.
Edirimanna asserted that it is crucial for President Anura Kumara Dissanayake to transparently communicate the actual cost of petrol per liter as it arrives at the port. He emphasized the need for clarity to help the public understand the economic implications of these price changes.
He also suggested that instead of imposing a tax of just ten rupees on petrol, the government should consider raising it to twenty rupees or, alternatively, significantly increasing the proposed tax rate. This, he argued, would help prevent any further hikes in fuel prices from being communicated to the public.
The actions of the current administration, he noted, have inflicted severe hardships on the populace, leading to widespread distress and growing political frustration. Edirimanna expressed concern that these sentiments may not be fully appreciated by those in power, calling for greater awareness and responsiveness from government leaders.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

ජේවීපී ආණ්ඩුව තෙල් ලීටරෙනුත් කොමිස් කුට්ටි කඩා ගන්නව
ReplyDeleteමගෙ කොමිස් එක කීයද?
Deleteහෙජින් හෙජින්..
ReplyDelete