උඩහ ගෙදර ලොකු අයියා අමාරුවේ.. කැරපොත්තන් ඉන්දියාව පුරා යලි විරෝධතා..


 ඉන්දියාවේ මතභේදාත්මක ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනයට එරෙහිව සහ ප්‍රධාන මැතිවරණ කොමසාරිස්වරයාගේ ඉල්ලා අස්වීම ඉල්ලා එරට මූල්‍ය අගනගරය වන මුම්බායි නුවර කේන්ද්‍ර කරගනිමින් දැවැන්ත විරෝධතා මාලාවක් ආරම්භ කිරීමට එරට ප්‍රමුඛ “කොක්‍රෝච්” (කැරපොතු) තරුණ ව්‍යාපාරය තීරණය කර තිබේ.

අන්තර්ජාල ව්‍යාපාරයක් ලෙස ආරම්භ වී පසුව "කොක්‍රෝච් ජනතා පක්ෂය" ලෙස සංවිධානය වූ මෙම තරුණ ව්‍යාපාරය, මීට පෙර විභාග ප්‍රශ්න පත්‍ර කාන්දුවීමේ සිද්ධියකට එරෙහිව සිදුකළ දැවැන්ත වීදි විරෝධතා හමුවේ පසුගිය ජූලි මාසයේදී ඉන්දියාවේ අධ්‍යාපන අමාත්‍යවරයාට සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට පවා සිදුවිය. මුම්බායි නුවරදී පැවැත්වෙන මෙම විරෝධතා රැලියත් සමඟ දිවයින පුරා නව විරෝධතා රැල්ලක් දියත් කිරීමට ඔවුන් සැලසුම් කර ඇත.

මීට සමගාමීව, නවදිල්ලි නුවර ජන්තර් මන්තර් විරෝධතා භූමියේදී ද ශිෂ්‍ය සහ සිවිල් සංවිධාන එකමුතුවක් විසින් මෙම ඉල්ලීමම මුල් කරගනිමින් විරෝධතාවක් පැවැත්වීමට නියමිතය.

අගමැති නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂයට දේශපාලන වාසි සැලසෙන අයුරින් ඡන්ද හිමි නාමලේඛන කප්පාදු කිරීමට සහ සංශෝධනය කිරීමට පියවර ගෙන ඇතැයි විපක්ෂය සහ විචාරකයෝ චෝදනා කරති. 'විශේෂ දැඩි ප්‍රතිශෝධනය' ලෙස හැඳින්වෙන මෙම ක්‍රියාවලියේදී ඡන්ද හිමිකම තහවුරු කිරීමට ඉදිරිපත් කළ යුතු ලේඛන සම්බන්ධයෙන් පවතින ගැටලු සහගත බව හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල ඡන්ද ලැයිස්තු සියයට 30කින් පමණ පහත වැටීමේ අවදානමක් මතුව ඇති බවත්, එමඟින් මිලියන සංඛ්‍යාත ජනතාවකට ඡන්ද අයිතිය අහිමි විය හැකි බවත් පෙන්වා දී තිබේ.

මැතිවරණ කොමිසමේ සාමාජිකයන් තිදෙනාගෙන් දෙදෙනෙකුම මෙම නාමලේඛන සංශෝධන ක්‍රමවේදයන්ගේ නීත්‍යානුකූලභාවය පිළිබඳව විරෝධය පළ කර තිබියදීත්, ප්‍රධාන මැතිවරණ කොමසාරිස් ගයානේෂ් කුමාර් එම විරෝධතා නොසලකා හරිමින් කටයුතු කර ඇති බව ඉන්දියාවේ ප්‍රකට 'ද ඉන්දියන් එක්ස්ප්‍රස්' පුවත්පත පසුගිය මාසයේදී වාර්තා කර තිබිණි.

කෙසේ වෙතත්, මැතිවරණ කොමිසම එම පුවත්පත් වාර්තාව ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ එය සාමාජිකයන් අතර පැවති සාමාන්‍ය මත විමසුමක් පමණක් බවයි.

ද්විත්ව ලියාපදිංචිවීම් සහ නුසුදුසු පුද්ගලයන් ලැයිස්තුවෙන් ඉවත් කිරීම පමණක් තම අරමුණ බව මැතිවරණ කොමිසම සහ පාලක පක්ෂය ප්‍රකාශ කරමින් මෙම සියලු චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර ඇත.

අභිජීත් දිප්කේගේ නායකත්වයෙන් යුත් මෙම තරුණ බලවේගය, විරැකියාව සහ විභාග අක්‍රමිකතාවලට එරෙහිව නැගී සිටි අතර, මේ වන විට ආණ්ඩුවේ වගවීම සහ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවල ස්වාධීනත්වය සුරැකීම වෙනුවෙන් පුළුල් දේශපාලන බලපෑම් කණ්ඩායමක් ලෙස පෙරට පැමිණ සිටියි.





Protests Erupt in Mumbai Against Controversial Voter Registration Reforms

A significant wave of protests is set to launch in Mumbai, India, spearheaded by the influential youth organization "Cockroach," opposing controversial reforms to voter registration records. The protests arise in light of calls for the resignation of the Chief Election Commissioner, amid concerns about the integrity of the voter registration process.

Initially established as an online platform, the group evolved into a political entity known as the "Cockroach People's Party." They previously led massive street demonstrations last July, resulting in the resignation of the Education Minister over a scandal involving leaked examination papers. The imminent demonstration in Mumbai is expected to ignite a surge of protests across the nation.

Simultaneously, in New Delhi, a coalition of student and civil organizations is poised to hold a protest at the Jantar Mantar, echoing these demands for accountability.

Opposition parties and analysts have accused the ruling Bharatiya Janata Party (BJP), under Prime Minister Narendra Modi, of manipulating the voter registration process for political advantage. The ongoing reforms, dubbed "special rigorous amendments," have raised concerns about documentation required to validate voter eligibility. Allegations suggest that voter lists in some regions could drop by as much as 30%, potentially disenfranchising millions of citizens.

Two members of the Election Commission have publicly opposed the legal framework of these registration amendments, yet Chief Election Commissioner Gyanesh Kumar has proceeded without addressing these objections, as reported by the renowned publication 'The Indian Express' last month.

In response, the Election Commission denied these allegations, clarifying that they only aimed to remove duplicate registrations and ineligible voters from the list.

Led by Abhijit Dipke, this youth movement is rising against bureaucratic inefficiencies and examination irregularities, establishing itself as a significant political force advocating for government accountability and the protection of democratic institutions.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

5 Comments

  1. Good for this duel face moron.

    ReplyDelete
  2. ඒකට අපේ සජියා
    මිනිහ නම් ඉන්ග්‍රිසි මග හැලෙන කතවක් කියලා ඊලග විරෝධතාව ලගටම යාවි

    ReplyDelete
  3. Unge rate podi mnihata prashnayak unama eliyata bahinava. Lanakve madhapanthiye eunta aulk unama vitharai kattiya natanne.

    ReplyDelete
  4. රට ට ආදරේ එකාOctober 2, 2026 at 5:53 PM

    Someone should provide financial support to Cokroch to ensure this individual is sent home.

    If this person remains in power for the next three years, they could gain full control over Sri Lanka.

    Lapa Raj appears to be acting as a paid figurehead

    ReplyDelete
Previous Post Next Post