වාහන පහක් එකට හැප්පේ...


හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් මල්ලිඅප්පු ප්‍රදේශයේදි එකම දිසාවට ධාවනය වූ වාහන 04ක අනතුරට පත් විමෙන් යතුරුපැදිකරුවෙකු තුවාල ලබා ඇති බව හැටන් පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් පැවසීය.

(30) දින මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පු ප්‍රදේශයේදිය.

කොළඹ දිශාවේ සිට හැටන් දක්වා ඉදිරියෙන් ධාවනය වූ ත්‍රී රෝද රථයක යතුරුපැදිය ගැටී ඇති අතර, යතුරුපැදියට පිටුපසින් ධාවනය වූ වෑන් රථය පිටුපසින් ධාවනය වූ ත්‍රීරෝද රථයක් ඉදිරියෙන් වූ වෑන් රථයේ ගැටී වාහන 04ම අනතුරට පත් වී ඇති බවයි පොලිසිය කියා සිටියේ.

ඉදිරියෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයේ රියදුරාගේ අපරික්ෂාකාරි රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති බව අනතුර පිලිබද පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය පවසයි.

අනතුරින් යතුරුපැදයේ ගමන් ගත් දෙදෙනෙකුට සුළු තුවාල සිදු වී ඇති අතර, වාහන 04ම හානි සිදු වී ඇති බවයි හැටන් පොලිසිය කියා සිටියේ.

- රංජිත් රාජපක්ෂ 





Collision on Main Road in Hatton Leaves Motorcyclist Injured

A motorcyclist sustained injuries in a collision involving four vehicles on the main road in the Malliappu area of Hatton. The incident occurred on the 30th of this month, according to officials from the Hatton traffic division.

The accident transpired when a motorcycle collided with a three-wheeled vehicle traveling towards Hatton from Colombo. Following this, a van driving behind the motorcycle crashed into the three-wheeler, leading to a chain reaction that left all four vehicles involved in the accident.

Authorities indicate that reckless driving by the three-wheeler's operator was the primary cause of the incident, with investigations currently underway by the Hatton police.

Both individuals riding the motorcycle suffered minor injuries, and all four vehicles were reported to have sustained damage.

- Ranjith Rajapaksha



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post