ප්‍රමිතියෙන් තොර බවට තහවුරු වූ 'කෝ-ඇමොක්සික්ලෙව්' (Co-amoxiclav) මිලිග්‍රෑම් 1000-200 කාණ්ඩයේ ප්‍රතිජීවක එන්නත් තොග හතරක් වහාම භාවිතයෙන් ඉවත් කර ගැනීමට පියවර ගෙන ඇත.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ උපදෙස් මත, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය විසින් විශේෂ චක්‍රලේඛයක් මගින් දිවයිනේ සියලුම රෝහල් සහ සෞඛ්‍ය ආයතන වෙත මේ පිළිබඳව දැනුම් දී තිබේ.
මෙලෙස භාවිතයෙන් ඉවත් කිරීමට නියෝග කර ඇත්තේ 'බෝක්ලැව් 1.2' (Boclav 1.2) යන වෙළෙඳ නාමය යටතේ පවතින B 15017, B 15001, B 15018 සහ B 15002 දරන කාණ්ඩ අංක (Batch Numbers) සහිත එන්නත් තොගයන්ය.
අදාළ ඖෂධය ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ 'භාරත් පැරෙන්ටරල්ස්' (Bharat Parenterals) සමාගම විසින් නිෂ්පාදනය කර ඇති අතර, පසුගිය වසරේ ජනවාරි මාසයේදී නිෂ්පාදනය කර ඇති එම එන්නත් තොග එළැඹෙන දෙසැම්බර් මාසයේදී කල් ඉකුත් වීමට නියමිතව තිබූ ඒවා බව සඳහන් වේ.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන ප්‍රධාන තාක්ෂණික හා පරීක්ෂණ ආයතනය වන ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ රසායනාගාරය (NMQAL) නිකුත් කළ වාර්තා හතරක් සහ එම අධිකාරියේ ආරක්ෂාව හා අවදානම් ඇගයීම් අනුකමිටුව පසුගිය 21 වැනිදා ගනු ලැබූ තීරණයක් පදනම් කරගනිමින් මෙම පියවර ගෙන ඇත.
චක්‍රලේඛය මගින් අදාළ ඖෂධ තොග වහාම භාවිතයෙන් ඉවත් කරන ලෙසත්, 2021 දෙසැම්බර් 08 දිනැති සෞඛ්‍ය ලේකම්වරයාගේ අංක 01/2021 චක්‍රලේඛයේ උපදෙස් දැඩිව පිළිපදින ලෙසත් සියලු පළාත්, කලාප සහ සෞඛ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරුන් වෙත උපදෙස් දී තිබේ.
Urgent Recall of 'Co-amoxiclav' Antibiotics Following Quality Assurance Concerns
The Health Ministry has moved swiftly to withdraw four batches of the antibiotic 'Co-amoxiclav' in 1000-200 mg formulations after confirming quality deficiencies. This decisive action came in response to directives from the National Medicines Regulatory Authority (NMRA).
In particular, the Medical Supplies Division of the Health Ministry has disseminated specific circulars to all hospitals and health institutions across the country, ensuring awareness of the withdrawal.
Included in the recall are batches identified under the trade name 'Boclav 1.2', specifically B 15017, B 15001, B 15018, and B 15002.
Manufactured by Bharat Parenterals in Gujarat, India, these affected batches were produced in January of the previous year and are slated to expire in December. This timeline underscores the urgency of the recall.
The decision to withdraw the drugs was founded on four reports issued by the National Medicines Quality Assurance Laboratory (NMQAL), which operates under the NMRA. This action was ratified by the authority's safety and risk assessment committee, emphasizing the need for prompt measures.
The circular instructs health authorities and local health service directors in all provinces to immediately halt the use of the affected batches while adhering to the guidelines from the Health Secretary numbered 01/2021, dated December 8, 2021.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

නලින්ද හාමුගේ බඩු නේ දැන් තියෙන්නේ . ඉතින් නඩු නෑ .....
ReplyDeleteIKAMNATA THAWA EKEK HIRE DALA
ReplyDeleteSUBJECT EKA MARUKARAPAN PAKO
දැක්කද වෙනස? ඉස්සර නම් බාල එන්නත් එහෙම්මම විදලා දැම්මා, අසරණ ලෙඩ්ඩුනේ, සනීප වුණොත් එහෙමයි, නොවුණත් එහෙමයි, උන්නත් දාහයි, මළත් දාහයි කියලා. ඒත් දැන් එහෙම නෑ. රජයේ ඇමතිවරු මන්ත්‍රීවරු වත් සිංගප්පූරු යන් නෑ බෙහෙත් ගන්ඩ, සාමාන්‍ය මිනිස්සු වගේමයි, ඒ නිසා ප්‍රමිතියෙන් බාල බෙහෙත් අහු වුනොත් ඉවත් කරණවා, එවපු සමාගම් අසාදු ලේඛණ ගත කරණවා, ඒ අයට ආපහු ඒ දේවල් කරන්ඩ බැරි වෙන විදියට.
ReplyDeleteUba gahala thiyena paniya mokakda
Delete🤣🤣🤣
Deleteමෙච්චර කල් පිළිගත්ත එංගලන්ත ඇමරිකානු ප්‍රමිතිය පැත්තකට දාලා ඉන්දියානු ප්‍රමිතිය පිළිගත්ත එකේ පල විපාක.රටට හොරෙන් ගහපු ගිවිසුම්වල විනාසේ
ReplyDelete