නෝර්වීජියානු නොබෙල් කමිටුව විසින් 2026 නොබෙල් සාම ත්‍යාගලාභියා ලබන සිකුරාදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත අතර, ඒ පිළිබඳව ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ට්‍රම්ප් කියා සිටියේ, "ඔවුන්ගේ තීරණය කුමක් වේදැයි මා දන්නේ නැහැ. නමුත් මා වැනි පුද්ගලයින්ට එය නොදීමට ඔවුන් තුළ යම් ප්‍රසිද්ධියක් තිබෙනවා," යනුවෙනි.
පසුගිය වසරේ නැවතත් ධවල මන්දිරයට තේරී පත්වූ දා සිට, ලොව කීර්තිමත්ම සම්මානයක් වන නොබෙල් සාම ත්‍යාගය තමන්ට හිමිවිය යුතු බව ට්‍රම්ප් දිගින් දිගටම අවධාරණය කළේය.
"දැන් ඒ සඳහා සුදුසු කාලය එළඹ තිබෙනවා. පසුගිය වසරේ සම්මානලාභිනිය විසින් මට එය වක්‍රව පිරිනැමීම පිළිබඳව මා බෙහෙවින් ගෞරවයට පත්වුණා. ඉතිහාසයේ කිසිවෙකුත් ජනාධිපති ට්‍රම්ප් තරම් මේ සම්මානයට සුදුසු නැති බව එදා ඇය ප්‍රකාශ කළා," යැයි ද ඔහු පැවසීය.
වෙනිසියුලාවේ අර්බුදය වෙනුවෙන් ඇමරිකානු සහාය අපේක්ෂාවෙන් එරට විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝ, තමන් දිනාගත් 2025 නොබෙල් සාම පදක්කම පසුගිය ජනවාරියේදී ට්‍රම්ප් වෙත භාරදී තිබිණි.
පසුගිය ජනවාරි මාසයේ ධුරයට පත්වීමෙන් අනතුරුව ලොව ගැටුම් අටකට සාර්ථකව මැදිහත් වූ බැවින් තමන්ට මෙම සම්මානය හිමිවිය යුතු බව ට්‍රම්ප් තවදුරටත් සඳහන් කරයි.
කාම්බෝජය, ඊශ්‍රායලය සහ පාකිස්තානයේ නායකයින් විසින් මෙවර නොබෙල් සාම ත්‍යාගය සඳහා තම නම යෝජනා කර ඇති බව පැවසුවද, එය ස්වාධීනව තහවුරු කර නොමැත.
කෙසේ වෙතත්, තමන් විසින් විසඳූ බවට ට්‍රම්ප් පවසන ඇතැම් ගැටුම්කාරී කලාපවල ඔහුගේ රාජ්‍යතාන්ත්‍රික කාර්යභාරය අදාළ පාර්ශ්වයන් විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය සහ කාම්බෝජ-තායිලන්ත දේශසීමාව ඇතුළු කලාප කිහිපයක නැවතත් ගැටුම් උත්සන්න වී තිබේ. එසේම, ධුරයට පත් වූ පළමු දිනයේදීම අවසන් කරන බවට ප්‍රතිඥා දුන් යුක්‍රේන-රුසියානු යුද්ධය නතර කිරීමට ද ට්‍රම්ප්ට මෙතෙක් නොහැකි වී ඇත.
මීට අමතරව, ඉරානය ඉලක්ක කර ඇමරිකාව සහ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර හේතුවෙන් මාස හතක් පුරා ඇදී යන ගැටුම්කාරී වාතාවරණය ලෝක බලශක්ති සැපයුමට දැඩි බලපෑම් එල්ල කර ඇති අතර, එළඹෙන නොවැම්බර් මධ්‍යවාර මැතිවරණය හමුවේ ඇමරිකාව තුළ ඉන්ධන මිල ඉහළ යාමට ද එය හේතු වී තිබේ.
මෙවර නොබෙල් සාම ත්‍යාගය සඳහා ලියෝ පාප්වහන්සේ, ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) සහ පලස්තීන භූමිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු යන පාර්ශ්වයන් පෙරමුණේ පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
Trump Claims Eligibility for Nobel Peace Prize Amidst Skepticism
U.S. President Donald Trump has asserted that he deserves the Nobel Peace Prize, although he acknowledges the uncertainty surrounding the likelihood of receiving the honor. The Norwegian Nobel Committee is set to announce the winner of the 2026 Nobel Peace Prize this Friday.
Speaking to reporters in the Oval Office, Trump expressed, "I don't know what their decision will be. However, it seems there is a certain notoriety for not awarding it to individuals like me."
Since regaining his position in the White House last year, Trump has regularly emphasized his entitlement to the prestigious Nobel Peace Prize, deemed one of the world's most significant awards.
"Now is the appropriate time for that recognition. I have great respect for the individual who was awarded it last year, as she mentioned that no one has ever been more deserving of this honor than President Trump," he noted.
Trump highlighted his belief that American support for opposition leader María Corina Machado of Venezuela, who received the Nobel Peace Prize in 2025, reflects his own deservingness of the accolade; Machado had presented the award to him last January.
Since assuming office in January, Trump has pointed to his successful mediation in several global conflicts, arguing that these efforts merit the Nobel recognition.
While leaders from Cambodia, Israel, and Pakistan have purportedly put forth his name for this year’s Nobel Peace Prize, independent confirmation of this information remains absent.
However, some conflicts in regions that Trump claims to have resolved continue to escalate, with the Democratic Republic of Congo and the Cambodia-Thailand border experiencing renewed tensions. Additionally, Trump has been unable to fulfill his promise to end the ongoing Ukraine-Russia war since his first day in office.
Moreover, the aftermath of attacks targeting Iran by the U.S. and Israel has led to a turbulent climate over the past seven months, severely impacting global energy supplies and contributing to rising fuel prices in the lead-up to America's midterm elections in November.
Current media reports indicate that Pope Leo, the International Criminal Court (ICC), and the United Nations Special Rapporteur on the Palestinian territories are frontrunners for this year’s Nobel Peace Prize.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

දැන් බුවා ඕකටත් කොහේ හරි රටකට ගහයිද දන්නේ නෑ. ඒ තරම් බුද්ධිමත් භාණ්ඩේ 🤦♂️
ReplyDeleteඅපිටත් ඉන්නවා වැඩ බැරි විරුවෙක්. 🤣
ReplyDeleteබැරිවෙයිද දන්නෑ නොබෙල් තෑග්ගක් හැටියට හරි ලංකට් එකක් ඉල්ලගන්න, මේ දවස්වල සිවිල් පිට ඉන්නේ පොර
gothabayawa ohoma nondi karanna epa yako
Deleteයුද්ධ පටන් අරගෙන දහස් ගණන් මිනීමරලා ලෝක ආර්ථිකය කඩලා දාන එවුන්ට තමයි නොබෙල් තෑග්ග දෙන්නෙ
ReplyDelete100% correct. But they give it to globalists not a nationalist like trump.
Deleteonna oka deela dapang mekate
ReplyDeleteමූ නම් ඇත්තටම පිස්සු හුත්තෙක්.
ReplyDelete