විවිධ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත වන හෝ සිරදඬුවම් නියම වන භික්ෂූන් වහන්සේලා සිවුරු පිටින් බන්ධනාගාරයෙන් බැහැරව රඳවා තබා ගැනීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණය කරමින්, ඊට අදාළ නීතිමය රෙගුලාසි කඩිනමින් සකස් කරන ලෙස ජනාධිපතිවරයා විසින් අධිකරණ අමාත්‍යාංශයට උපදෙස් ලබා සුන් බව ඒ සාකච්චාවට ඒක් වූ මල්වතු මහා විහාරීය නියෝජිත ලේඛකාධිකාරී පූජ්‍ය මහවෙල රතනපාල හිමියන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති.
මේ සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනා අධ්‍යයනය කර සති දෙකක් ඇතුළත අදාළ කටයුතු අවසන් කරන ලෙස ජනාධිපතිවරයා නියෝග කර ඇත.
මල්වතු මහානායක මාහිමිපාණන් වහන්සේ විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමු කරන ලද ලිපියක අන්තර්ගත කරුණු ඉතා සාධාරණ බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, සාමාන්‍ය වැසියන්ගේ ගෞරවාදරයට පාත්‍ර වන භික්ෂූන් වහන්සේලා වෙනත් සාමාන්‍ය රැඳවියන් සමඟ රඳවා තැබීම උන්වහන්සේලාට මෙන්ම ජනතාවට ද මානසිකව දැඩි පීඩාවක් ගෙන දෙන කරුණක් බව පිළිගෙන ඇත.
කෙසේ වෙතත්, වත්මන් නීතිමය රාමුවට අනුව බරපතළ වැඩ සහිතව මාස තුනකට වඩා සිරදඬුවම් නියම වන භික්ෂූන් වහන්සේලා සිවුරු පිටින් බන්ධනාගාරයෙන් බැහැරව රඳවා ගැනීමට ඉඩක් නොමැති බැවින්, එවැනි තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා කමිටුවක් මඟින් අදාළ නීති සංශෝධනය කිරීමට පියවර ගන්නා බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.
මෙහිදී අදහස් දැක්වූ මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමිපාණන් වහන්සේ ඇතුළු ලේඛකාධිකාරී නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා පෙන්වා දී ඇත්තේ, සිරගත වන භික්ෂූන් වහන්සේලා සම්බන්ධ නෛතික තත්ත්වය පිළිබඳව පවතින්නේ ගැටලු සහගත තත්ත්වයක් බවයි. මීට පෙර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගය එක් අවස්ථාවක් පමණක් බවත්, එය විධිමත් පටිපාටියක් නොවන බවත් උන්වහන්සේලා සඳහන් කළහ. වර්තමානය වන විට භික්ෂූන් වහන්සේලා 40කට ආසන්න පිරිසක් සමාජයේ විවිධ ගැටලු මුල් කරගනිමින් රක්ෂිත බන්ධනාගාරගතව සිටින බවත්, මෙය සමාජයීය වශයෙන් ඉතා සංවේදී කරුණක් බවත් මෙහිදී අනාවරණය විය.
ඒ අනුව, යම් භික්ෂූන් වහන්සේ නමකට අධිකරණයකින් මාස තුනකට වැඩි සිරදඬුවමක් නියම වූ අවස්ථාවක, ඒ පිළිබඳ අදාළ නිකායට හෝ පාර්ශ්වයට දැනුම් දිය යුතු බවත්, එම සංඝ සභාවල නිර්දේශ මත පදනම්ව උන්වහන්සේලා සිවුරු පිටින් සුදුසු ස්ථානයක රඳවා තැබීමට අවශ්‍ය නීතිමය රෙගුලාසි කඩිනමින් සැකසිය යුතු බවත් මහා සංඝරත්නය යෝජනා කළහ. එමෙන්ම, වැරදි කරන පාර්ශ්වයන් අනිසි ලෙස ආරක්ෂා කිරීමට මහා සංඝරත්නය කිසිවිටෙකත් කටයුතු නොකරන බව ද උන්වහන්සේලා අවධාරණය කර සිටියහ.
එම යෝජනාව ඉතා සුදුසු එකක් ලෙස පිළිගත් ජනාධිපතිවරයා, සංඝ සභාවන්හි මැදිහත්වීම කෙරෙහි පූර්ණ විශ්වාසය තබමින් ඊට අදාළ රෙගුලාසි සකස් කිරීමේ කටයුතු සති දෙකක් තුළ අවසන් කිරීමට අධිකරණ අමාත්‍යාංශයට උපදෙස් ලබා දුන්නේය. සමාජීය වශයෙන් සංවේදී වූ මෙම ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැක්වූ කඩිනම් සහ සාධනීය ප්‍රතිචාරය පිළිබඳව මල්වතු මහා විහාරීය නියෝජිත ලේඛකාධිකාරී පූජ්‍ය මහවෙල රතනපාල ස්ථවිරයන් වහන්සේ නිවේදනයක් නිකුත් කරමින් සිය ප්‍රශංසාව පළ කර ඇත.
President Directs Urgent Revisions to Legal Framework for Detained Monks
The President of Sri Lanka has instructed the Ministry of Justice to expedite the formulation of legal regulations concerning the detention of monks under various allegations, including those subjected to severe penalties. This directive follows ongoing discussions aimed at addressing existing challenges related to the imprisonment and treatment of the clergy, as indicated by Ven. Mahawewa Rathanapala, the chief secretary of the Malwatta Chapter.
In response to these concerns, the President has mandated that proposals put forward be thoroughly studied, with a call to conclude relevant actions within two weeks. The urgent nature of this matter is emphasized by the sentiments shared by the Malwatta Chief Prelate, who highlighted the just nature of a letter sent to the General Commissioner of Prisons regarding these issues.
Acknowledging that monks deserving of the general public's respect should not be kept alongside common inmates, the President recognized the mental anguish this situation brings not only to the monks but also to the broader community. However, current legal provisions do not allow for monks to be held separately from the penitentiary system if sentenced to more than three months. To avert such circumstances, the President announced the formation of a committee to initiate the necessary legal amendments.
Discussions among representatives, including the vice chieftain of the Malwatta Chapter, revealed that detained monks are facing significant ethical dilemmas. They pointed out that previous actions concerning Ven. Gnanasara Thera were isolated incidents and did not constitute a structured process. Presently, nearly 40 monks find themselves in preventive custody, a situation deemed socially sensitive by the representatives.
Moreover, any monk sentenced to more than three months must have their respective temple or community informed, with necessary legal frameworks established to ensure proper custody away from the general prison system based on community recommendations. The leadership affirmed that they would never condone protections for any wrongdoers within the monastic community.
The President has received this proposal positively and trusted in the engagement of Sangha councils to finalize relevant guidelines within the stipulated period of two weeks. Ven. Mahawewa Rathanapala has publicly expressed appreciation for the President’s prompt and constructive response to this sensitive societal issue.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

..............................................................අවසානයේ ස්වාමීණ්වහන්සේලා අනුර කුමාරගේ බණ අසා ගිලන්පස වලඳා ආපසු වැඩිසේක!
ReplyDeleteනෑ එහෙම කියන්ඩ එපා. මේක මහ නාහිමිවරු කැඳවපු සාකච්ඡාවක් නෙවේ. මේක ජනාධිපති වරයා විසින් තමන්ගේ ස්ථාවරය සම්භන්ධයෙන් යම් කරුණු පැහැදිලි කිරීමක් සිදු කිරීමට සංඝයා වහන්සේට සිදු කල ආරාධනාවක් අනුව ඒ ඒ නිකායන්ගේ අනු නායක හා ලේඛකාධිකාරීන් වහන්සේලා වැඩම කිරීමක් සහ ඉන් පසුව ජනාධිපතිවරයා තමන් විසින් උන්වහන්සේලාට ආරාධනා කිරීමට හේතුව පහදා දීමක්.
Deleteදෙවනුව සිදුවන්නේ මෙම අනුනායක, ලේඛකාධිකාරී ස්වාමින් වහන්සේලා තමන්ගේ නිකායන්ගේ නායක ස්වාමීන් වහන්සේලාට සහ සංඝ සභා වලට අදාල රැස්වීමේදී ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කල දෑ ප්‍රකාශ කොට සිටීමයි.
තෙවනුව අදාල සංඝ සභා විසින් තීරණය කරණු ලබනවා ජනාධිපතිවරයා තමන්වහන්සේලා අලලා සිදුකල එම කරුණු දැක්වීම තමන්වහන්සේලා පිළිගන්නවාද, එය සංශෝධන ඉල්ලා එම සංශෝධන ඇතුලත් කලහොත් පිළිගන්නවාද, නැත්නම් ප්‍රතික්ෂේප කරණවාද යන වග.
සිව්වනුව, එම තීරණය ජනාධිපතිවරයාට (රාජ්‍ය නායකයාට) ප්‍රකාශ කිරීමට කටයුතු කරණවා. එම දැනුවත් කිරීමේදී තමයි භික්ෂූන් වහන්සේලා කථා කිරීම, සහ, රජ්‍ය නායකයා සවන්දීම සිදු වන්නේ. මෙම දැනුවත් කිරීම සිදු කරණු ලබන්නේ ලේඛකාධිකාරීන් වහන්සේලා විසින් නෙවේ. ඒ ඒ නිකායයන් වල නායක හිමිවරුන් සහ/හෝ අනුනායක හිමිවරුන් තමයි අදාල කරුණු දැක්වීම සිදු කරන්නේ.
මේ තමයි සාමාන්‍ය සම්ප්රදාය. ඉහත සිදුවීමේදීත් එම සම්ප්රදාය කඩ වුණේ නැහැ.