කඩවත, ගෝනහේන මාර්ගයේදී පොලිස් සංඥා නොතකා ධාවනය කිරීමට උත්සාහ කළ ත්රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි ප්රහාරයකින් වයස අවුරුදු 16ක බාල වයස්කාර දරුවෙකුට තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.
මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ ගෝනහේන මාර්ගයේ මහකඩේ හන්දිය ප්රදේශයේදීය.
රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් විසින් මාර්ගයේ ගමන් ගත් සැකකටයුතු ත්රිරෝද රථයක් පරීක්ෂා කිරීම සඳහා නවත්වන ලෙස අණ කර තිබේ.
එහෙත් එම අණ නොතකා රථය නොනවත්වා ඉදිරියට ධාවනය කර පලා යාමට උත්සාහ කළ අවස්ථාවේදී පොලිසිය ඊට වෙඩි තබා ඇත.
වෙඩි ප්රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්රතිකාර සඳහා කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇති අතර, එම අවස්ථාවේදී ත්රිරෝද රථයේ සිටි අනෙක් පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් කඩවත පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.
Sixteen-Year-Old Injured in Police Shooting During Tuk-Tuk Chase
A dramatic police operation on the Gonahena road turned tense when officers opened fire on a tuk-tuk that reportedly attempted to evade a stop signal. A 16-year-old boy suffered injuries as a result of the shooting, according to police sources.
The incident unfolded near the Mahakade junction on the Gonahena road. Police officers on duty had instructed the driver of the suspicious three-wheeler to halt for inspection.
Ignoring the command, the driver accelerated in an attempt to flee, prompting officers to fire on the vehicle.
The injured individual was swiftly transported to the hospital for treatment, while another passenger in the tuk-tuk was taken into custody by the police.
The Kadawatha police are currently conducting further investigations into the matter.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

පාදඩ, මිනීමරු පැලවත්තේ පොලිස් පකෝ, වෙඩිතියපන් කාටවත් අනතුරක් නොවන විදියට රෝදෙකට. 😡🤮
ReplyDelete