2026 වසරේ නුවරඑළිය දිස්ත්රික්කයේ සංවර්ධන කටයුතු සදහා රජය මගින් රු.කෝටි 1500ක ප්රතිපාදන වෙන් කර ඇති බවත්, එම ප්රතිපාදන යටතේ දැනට ක්රියාත්මක වන ව්යාපෘතිවල වැඩකටයුතු මේ වසර අවසන් වීමට ප්රථම නිම කිරිමට දිස්ත්රක් සම්බන්ධීකරණ කමිටුවේදි තීරණයක් ගත් බව නුවරඑළිය දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටුවේ සභපති සහ නුවරඑළිය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී මංජුල සුරවීරආරච්චි මහතා පැවසීය.
නුවරඑළිය දිස්ත්රික් සංවර්ධන කමිටු රැස්වීම (30) දින නුවරඑළිය දිස්ත්රික් ලේකම් කාර්යාලයේ ආශ්චර්ය ශාලාවේදි පැවති අවස්ථාවේ එම කමිටුවේ සම සභාපතිවරුන් වන පාර්ලිමේන්තු මන්ත්රී මංජුල සුරවීආරච්චි මහතා සහ මධ්යම පළාත් ආණ්ඩුකාර විශේඥ වෛද්ය හර්ෂ සුරංග ප්රනාන්දු යන මහතුන්ගේ ප්රධානත්වයෙන් පැවැත්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්රී මංජුල සුරවීරආරච්චි මහතා මාධ්යට අදහස් දක්වමින් පැවසීය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ නුවරඑළිය දිස්ත්රික් සම්බන්ධීකරණ කමිටුවේ සභපති සහ නුවරඑළිය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී මංජුල සුරවීරආරච්චි මහතා කියා සිටියේ, දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් නිවාස, පාලම්, බෝක්කු සහ මාර්ග අලුත්වැඩියා කිරිම සදහා රු.කෝටි796ක ප්රතිපාදන ලබා දී ඇති බවත්, එම ප්රතිපාදන යටතේ සිදු කරන සංවර්ධන කටයුතු මේ වසර අවසාන වන විට 100%කින් අවසන් කිරිමට සැළසුම් කර ඇති බවයි.
මෙම දිස්ත්රික් සංවර්ධණ කමිටු රැස්වීමට න්රවරඑළිය දිස්ත්රික්කයේ ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන්, නුවරඑළිය දිස් ත්රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය, නුවරඑළිය දිස්ත්රික් ප්රාදේශීය ලේකම්වරුන් ඇතුලු රාජ්ය නිළධාරින් රැසක් සහභාගි විය.
රංජිත් රාජපක්ෂ
Government Allocates Rs. 1.5 Billion for Development Projects in Nuwara Eliya
The government has earmarked Rs. 1.5 billion for development initiatives in the Nuwara Eliya district as part of its 2026 budget. This decision was affirmed during a recent meeting of the district coordination committee, where it was also established that ongoing projects must be completed before the year concludes, as disclosed by the district's coordinating committee chair and local Member of Parliament, Manjula Surwweeraarachchi.
The development committee convened on the 30th at the District Secretary's office in Nuwara Eliya, with Surwweeraarachchi and Central Province Governor Dr. Harsha Suranga Pranandu presiding over the discussions. Following the meeting, Surwweeraarachchi addressed media representatives, underlining the importance of timely project completion.
He further elaborated that Rs. 796 million has been allocated to address damages caused by the recent Ditwa cyclone, including repairs to homes, bridges, and roads. Surwweeraarachchi emphasized a comprehensive plan to have all development activities under this funding completed by the end of this year.
Attendees at the district development committee meeting included ruling party parliamentarians from Nuwara Eliya, District Secretary Thushari Tennakoon, and a host of state officials, reflecting a strong collaborative effort towards regional revival.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
