හෝමූස් සමුද්‍ර සන්ධියේදී තෙල් ප්‍රවාහන නෞකා රැසකට ප්‍රහාර...


 හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කරමින් තිබූ බොරතෙල් සහ LPG ප්‍රවාහන නෞකා කිහිපයකට   ප්‍රහාර එල්ල වී ඇති බව සමුද්‍රීය ආරක්ෂක වාර්තා පදනම් කරගනිමින් එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළෙඳ මෙහෙයුම් මධ්‍යස්ථානය (UKMTO) වාර්තා කරයි.

මීට අමතරව, හෝමූස් මුහුදු කලාපයට ඇතුළු වෙමින් තිබූ තවත් තෙල් නෞකාවකට ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් රේඩියෝ පණිවුඩ මගින් සෘජුව අනතුරු අඟවා තිබේ.

එහිදී වහාම නෞකාව ආපසු හරවා නොගතහොත් ප්‍රහාරයකට මුහුණ දීමට සිදුවන බවට දැනුම් දී ඇති අතර, ඊට අවනත වූ එම නෞකාව ආපසු හරවා ගෙන ගොස් ඇති බව ද වාර්තා වේ.

මෙම නෞකාවන්ට එල්ල වූ ප්‍රහාර පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නොමැති වුව ද, ලොව ප්‍රධානතම බලශක්ති ප්‍රවාහන නාවික මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය කේන්ද්‍ර කරගනිමින් හටගෙන ඇති මෙම ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් කලාපයේ නාවික ආරක්ෂාව පිළිබඳ දැඩි නොසන්සුන්තාවක් සහ අවදානමක් මතුව ඇත.





Escalating Threats in the Hormuz Strait: Oil and LPG Vessels Targeted

Reports from the United Kingdom Maritime Trade Operations (UKMTO) indicate that several oil and LPG transport vessels traversing the Hormuz Strait have come under attack. This alarming development raises serious concerns for maritime safety in one of the world's most critical energy transit routes.

Additionally, the Iranian Revolutionary Guard Corps (IRGC) reportedly issued direct warnings via radio communications to another oil tanker entering the maritime zone of Hormuz. The vessel was cautioned that failure to alter its course immediately could result in an assault.

It is now confirmed that the warned tanker did change its path in response to the threats, avoiding potential danger. While there has yet to be any official confirmation regarding the parties behind these attacks, the tension in the region and the ongoing conflict surrounding the Hormuz Strait have escalated security concerns for maritime operations.

The precarious situation in this vital shipping lane has prompted serious unease within the maritime community, highlighting the elevated risks facing vessels in the area. With escalating hostility, there is an urgent need for enhanced security measures to safeguard the safe passage of oil and gas supplies globally.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

1 Comments

  1. ගුවන් යානයක් මංකොල්ල කාපු බවට ලියාපු තිරරචනය අසාර්ථක බව බොහෝ දෙනෙක් කියනවා. ඊශ්‍රායලය දැන් ඉරාණය පටලන්න බොහෝ දේවල් කරාවි

    ReplyDelete
Previous Post Next Post