හෝටලයට කස්සප හිමිගේ නොදුටු වීඩියෝ කතා එලියට...

 


බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස රජයට බලකරමින් කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ පැවති සත්‍යග්‍රහය අතරතුර, පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් කොළඹ සුඛෝපභෝගී හෝටලයකට වැඩම කිරීම පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වීඩියෝව සම්බන්ධයෙන් සත්‍යග්‍රහයට එක්වූ හිමිවරුන් විසින් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් කරුණු පැහැදිලි කර තිබේ. 

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ සත්‍යග්‍රහයට එක්ව සිටි පූජ්‍ය තඹළගමුවේ ඛේමසුමන හිමියන් සඳහන් කළේ, සත්‍යග්‍රහය පැවති අවස්ථාවේදී පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් දැඩි ලෙස උණ රෝගාතුර වීම හේතුවෙන් උන්වහන්සේට විවේක ගැනීම සඳහා ආරක්ෂිත ස්ථානයක් අවශ්‍ය වූ බවයි.

පැවති අවදානම් සහගත දේශපාලන වාතාවරණය හමුවේ උන්වහන්සේ රෝහල්ගත කළහොත් ජීවිතයට තර්ජනයක් එල්ල විය හැකි බවට සැකයක් මතු වූ බැවින්, දායකයන්ගේ මැදිහත්වීමෙන් කිංග්ස්බරි හෝටලයේ කාමරයක් වෙන් කරවා ගත් බව උන්වහන්සේ පැවසූහ. 

තඹළගමුවේ ඛේමසුමන හිමියන් සහ පූජ්‍ය චන්දකිත්ති හිමියන් ද කස්සප හිමියන් සමඟ එම හෝටලයට වැඩම කළ බවත්, උන්වහන්සේ තනිව වැඩම නොකළ බවත් මෙහිදී අවධාරණය කෙරිණි.

හෝටල් කාමරය වෙතම පෞද්ගලික වෛද්‍යවරුන් සහ හෙදියන් කඩිනමින් කැඳවා ප්‍රතිකාර ලබාදුන් බව පැවසූ ඛේමසුමන හිමියෝ, උන්වහන්සේට ප්‍රහාර එල්ල කිරීමේ අරමුණින් එම වෛද්‍ය ප්‍රතිකාර ලබාදුන් දර්ශන වසන් කර ආරක්ෂිත කැමරා පද්ධතියේ කොටසක් පමණක් සංස්කරණය කර සමාජගත කර ඇති බවට චෝදනා කළහ.

මේ අතර, විහාරමහාදේවී උද්‍යානයේ පැවති සත්‍යග්‍රහය වළක්වාලමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කරන ලද නියෝගය අභියෝගයට ලක්කරමින් හිටපු අමාත්‍ය, නීතිඥ උදය ගම්මන්පිල මහතා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කළේය.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, නීතිපතිවරයා, පොලිස්පතිවරයා සහ කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.

අධිකරණය හමුවේ පෙත්සම ගොනු කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ, මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත්තේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 වැනි වගන්තිය වැරදි ලෙස අර්ථකථනය කරමින් බවයි.

"106 වැනි වගන්තිය යටතේ මෙවැනි තහනම් නියෝගයක් නිකුත් කළ හැක්කේ මිනිස් ජීවිතවලට, ජාතික ආරක්ෂාවට, මහජන සෞඛ්‍යයට තර්ජනයක් හෝ ප්‍රචණ්ඩ කැරැල්ලක්, කෝලාහලයක් ඇතිවීමේ දැඩි අවදානමක් ඇත්නම් පමණයි. සාමකාමීව පැවති සත්‍යග්‍රහයක එවැනි කිසිදු තත්ත්වයක් තිබුණේ නැහැ. බීමත් මැර කල්ලි යොදවා කෘත්‍රිම කෝලාහලයක් මවාපාමින් මෙම තහනම් නියෝගය ලබාගෙන තිබෙනවා. මහේස්ත්‍රාත්වරයාගේ මෙම නීතිවිරෝධී නියෝගය අහෝසි කරන ලෙස ඉල්ලමින් අප අභියාචනාධිකරණය හමුවට පැමිණියා," යැයි ගම්මන්පිල මහතා පැවසීය.





Buddhist Clerics Demand Government Release of Incarcerated Monk at Colombo Vigil

During a peaceful protest held at the Viharamahadevi Park in Colombo, Buddhist monks rallied for the release of imprisoned monk Gnanasara Thero. Their demonstration was sparked by a video circulating on social media depicting Balangoda Kassapa Thero at a luxurious hotel, which has raised questions about his activities amidst the ongoing vigil.

At a press conference following the vigil, Thambalagamuwa Kemasumana Thero emphasized that Balangoda Kassapa Thero’s stay at the hotel was necessitated by severe illness, particularly a high fever. He pointed out that, given the current volatile political climate, the monk’s hospitalization could pose a significant risk to his life.

To ensure his safety, a hotel room at the Kingsbury was secured with the assistance of benefactors. Kemasumana Thero clarified that he and other monks, including Chathukitti Thero, were also present at the hotel, emphasizing that Kassapa Thero did not act alone in this matter.

Furthermore, Kemasumana Thero disclosed that private doctors and nurses were urgently called to provide medical care at the hotel room. However, he raised suspicions that the video of this medical treatment may have been manipulated, suggesting that only a portion of the footage had been shared via social media.

In the meantime, the protest at Viharamahadevi Park faced challenges from a directive issued by the Chief Magistrate of Colombo, which sought to prevent the gathering. In a bold move, former Minister and Attorney-at-Law Udaya Gammanpila submitted a writ application to the Court of Appeal, contesting the order.

The application named several respondents, including the Chief Magistrate of Colombo, the Attorney General, the Inspector General of Police, and the Officer in Charge of the Kurunduwatta Police Station. In a statement following the submission, Gammanpila asserted that the Chief Magistrate had misinterpreted Article 106 of the Criminal Procedure Code.

He explained, "Such prohibitory orders under Article 106 can only be issued if there is a threat to human life, national security, public health, or a substantial risk of violent unrest. No such circumstances existed during our peaceful vigil. We arrived at this court seeking the revocation of the Chief Magistrate’s unlawful directive, which appeared to be a pretext for suppressing our gathering."



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

1 Comments

  1. ජනතා විරෝධය, දේශීය හා ජාත්‍යන්තර නීති වේදීන්ගේ විරෝධය නොතකා රොඩී හුණ්ඩුවා 22 වෙනි සංශෝදනය ගෙනාවේ ඔන්න ඕකට තමයි. 😡🤮 බොරු තොරතුරු අධිකරණයට ඉදිරිපත් කරලා පැලවත්තේ අනීතික නියෝග ක්‍රියාත්මක කරන පාදඩ පොලීසිය යොදාගෙන (එදා අපි රණ විරුවන් ලෙස සලකා අපේ ලේ පවා දන් දුන්, සෙත් පතා බෝධි පූජා පැවැත්වූ අපි; උතුරේ හෝ නැගෙනහිර පළාත් වල මෙන් නොව අද දක්වාම කිසිදු බාධාවකින් තොරව රාජකාරී කිරීමට ඉඩ දුන් පොලීසිය) වර්ථමානයේ කාලකණ්නි, ත්‍රස්තවාදී, ප්‍රජාතන්ත්‍ර විරෝධී ජෙප්පන්ගේ අනීතික නියෝග ක්‍රියාත්මක කර පසුගියදා ජනාධිපති කාර්යාලය ඉදිරිපිට භික්ෂූන් වහන්සේලා විසින් පවත්න ලද සත්‍යග්‍රහයට එරෙහිව අධිකරණයට බොරු තොරතුරු ලබාදී අධිකරණ නියෝගයක් ලබාගෙන මහා පාප කර්මයක් කරගත්තා සේම ඊට පසු දින විහාරමහාදේවි උද්‍යානයට පැමිණ උද්ඝෝෂනය පවත්වාගෙන ගිය එම භික්ෂූන් වහන්සේලාට නිරපරාදේ පහරදී ආනන්ත පාපකර්ම කරගත්තා. උන් ඉන් ද නොනැවතී සත්‍යග්‍රහයට එරෙහිව අධිකරණයට බොරු තොරතුරු ලබාදී අධිකරණ නියෝගයක් ලබාගෙන තව තවත් මහා පාප කර්මයක් කරගත්තා. පහුගියදා මහරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගත්අසරණ තරුණයෙකුට මැරෙන තෙක් පහරදී තිබුණා. 😡😡😡🤮🤮🤮

    මුන්ට පවට ඇති භය කෙසේ වෙතත් කිසිම ලජ්ජාවක් නෑ, මුන් ඇඳගෙන ඉන්න යට ඇඳුමේ ඉඳලා පරිහරණය කරන හැම දෙයක්ම, ගෑණිගේ සිට වැටුපෙන් පවුලේ හැමෝටම කන්න බොන්න දෙන්නේ රටේ ජනතාව දුක් මහන්සියෙන් හම්බුකරපු සල්ලි වලින් ජනතා රීරි මාංශ සූරා ගන්නා නානාවිධ බදු වලින් කියලා 🤮 මේ කාලකණ්නි, වැඩ බැරි, කල්ලතෝනි ආණ්ඩුව ජනතාවගේ රීරි මාංශ සූරාගෙන අසීමාන්තිකව රැස්කරගන්නා බදු මුදල් වලින් කියලා. තොපිට සාප වෙනවා🤮🤮🤮

    නූතන එළාරයා, ඩබල් පොකට්, අඩු කුලේ ත්‍රස්තවාදී, දේශ ද්‍රෝහී, වැඩ බැරි, කයියනායක, රොඩී ජෙප්පා 😡🤮 තොපේ කූඨ සැලසුම් ක්‍රියාත්මක කරන්න ගිහින් බන්ධනාගාර කොමසාරිස් ප්‍රධාන වැරදි කාරයා උනා. තොපි හත්පොලේ ගාගෙන හැමදේම අනාගෙන අපේ රට, දැය, සමය හැම අතින්ම විනාශ මුඛයට ඇදගෙන යනවා 😡🤮 තව දුරටත් බොරුවෙන්ම ජය ගන්න උත්සාහ නොකර තොපේ නොහැකියාව පිළිඅරගෙන පාර්ලිමේන්තුව වහාම විසුරුවා හැර ඉක්මන් මහා මැතිවරණයකට පලයව් 😡 මාලිමා වහන්තරාවට මුවා වෙලා බොරු කියලා බලයට ඇවිත් ජනතා විරෝධී අන, පනත්, ව්‍යවස්ථා සංශෝධන කරමින් තොපි ගෙනියන සැලසුම් මේ උතුම් බුද්ධ භූමියේ තොපිට ක්‍රියාත්මක කිරීමට කිසිසේත් ඉඩ ලැබෙන්නේ නෑ. අපේ වස් කවි පමණක් නොව මාලිමා වහන්තරාවට රැවටිලා තොපිට චන්දය දීපු ජනතාව හෙලන සෝ සුසුම් පවා වස් කවි බවට පත්වී කාලකණ්නි ජෙප්පන් හැතිකරයත්, මාලිමා වහන්තරා පාපිසි හැතිකරයම නියත නිරය කරා ඇදගෙන යන දිනය ඉක්මන් වේවි. 😡😡😡

    අවනීතිය ක්‍රියාත්මක කරන එවුනුත්, උන්ව මෙහෙයවන එවුනුත් සිහි තබාගත යුතුයි "කර්මය හා කර්ම විපාක" කියලා දෙයක් ලෝකය තුළ තියෙන බවත් "චේතනාව තමයි කර්මය බවට පත්වන්නේ" කියලා. අපේ රට, දැය, සමය වනසන පරගැති, හොරිකඩ, එන්.ජී.ඕ රූකඩ, දෙලොවටම නැති අපතයන්ට උරුම වන්නේ කල්ප ගානක් පැහෙන නිරයයි 😡🤮

    ReplyDelete
Previous Post Next Post