සිරදඬුවම් නියමව සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට බන්ධනාගාරය තුළදී ගිහි ඇඳුම් ඇන්දවීම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත නියෝග නිකුත් කිරීමේ බලයක් මහාධිකරණයට නොමැති බව කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික ශ්‍රී රාගල මහතා (06) ප්‍රකාශ කළේය.
අධිකරණයකින් දඬුවම් නියමව බන්ධනාගාරගත කර සිටින රැඳවියකු වන ඥානසාර හිමියන්ට මෙලෙස ගිහි ඇඳුම් ඇන්දවීම තුළින් මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුව ඇත්නම්, ඒ පිළිබඳ කරුණු දැක්වීමට විත්තියට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යා හැකි බව ද විනිසුරුවරයා පෙන්වා දුන්නේය.
2014 වසරේදී කොම්පඤ්ඤවීදියේ පැවති මාධ්‍ය හමුවකට බලහත්කාරයෙන් කඩා වැදී ඉස්ලාම් දහමට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදුකිරීමේ චෝදනාවට අදාළ නඩුවට පෙනී නොසිටීම හේතුවෙන් ඥානසාර හිමියන්ට එරෙහිව මහාධිකරණය මගින් මීට පෙර වරෙන්තු නිකුත් කර තිබිණි.
ඒ අනුව උන්වහන්සේ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මෝසමක් මාර්ගයෙන් නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදී විත්තියේ නීතිඥවරුන් දැක්වූ කරුණු පිළිබඳ අවධානය යොමු කරමින් විනිසුරුවරයා මෙම තීරණය දැනුම් දුන්නේය.
එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ, තම සේවාදායකයා අධිකරණය මඟහැරීමේ චේතනාවෙන් පසුවූවකු නොවන බවත්, දැඩි මානසික පීඩනය හේතුවෙන් ආරණ්‍ය සේනාසනයක භාවනායෝගීව වැඩ විසූ බවත්ය.
එමෙන්ම, සිරදඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා බන්ධනාගාරයට රැගෙන යාමෙන් පසු උන්වහන්සේට බලහත්කාරයෙන් ගිහි ඇඳුම් අන්දවා ඇති බව විත්තියේ නීතිඥවරු අධිකරණයට පැමිණිලි කළහ.
උපසම්පදා භික්ෂුවකගේ සිවුර ඉවත් කර උපැවිදි කිරීමේ පූර්ණ අභිමතය හිමිවන්නේ අදාළ නිකායේ මහානායක හිමිවරුන්ට පමණක් බවත්, බන්ධනාගාරයට පැමිණීමට පෙර ඇඳ සිටි ඇඳුමට සමාන ඇඳුමක් ඇඳීමට සිරකරුවකුට බන්ධනාගාර රෙගුලාසි යටතේ අයිතියක් පවතින බවත් නීතිඥවරු පෙන්වා දුන්හ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය ප්‍රකාරව බුද්ධ ශාසනයට ප්‍රමුඛස්ථානය හිමිවන බව ද සිහිපත් කළ නීතිඥවරුන්, මීට පෙර අවස්ථාවලදී සිරගතව සිටියදී පවා උන්වහන්සේට මෙලෙස ගිහි ඇඳුම් අන්දවා නොමැති බැවින් මේ සම්බන්ධයෙන් සුදුසු අධිකරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.
එම කරුණු කෙරෙහි අවධානය යොමුකළ මහාධිකරණ විනිසුරු බුද්ධික ශ්‍රී රාගල මහතා සඳහන් කළේ, මෙම සිදුවීම සම්බන්ධයෙන් පෞද්ගලිකව තමන් කනගාටුවට පත්වන නමුත්, විනිශ්චයාසනයේ සිටින විට නියෝග ලබාදිය හැක්කේ ආගමික හැඟීම් මත නොව පවතින නෛතික ප්‍රතිපාදනවලට අනුකූලව පමණක් බවයි.
මේ අතර, අදාළ චෝදනාව සම්බන්ධයෙන් වරද පිළිගැනීමට විත්තිකාර ඥානසාර හිමියන් ඉදිරිපත් කර ඇති ඉල්ලීම පිළිබඳ නීතිපතිවරයාගේ ස්ථාවරය ඉදිරි නඩු දිනයේදී දැනුම් දෙන ලෙස නියෝග කළ මහාධිකරණය, වැඩිදුර නඩු විභාගය ලබන 23 වැනිදා දක්වා කල් තැබීය.
Court Declines to Authorize Order for Cloistered Monk's Attire Change in Custody
Colombo High Court Judge Buddika Sri Ragala has declared that the Department of Prisons lacks the authority to issue orders regarding the change of clothing for Ven. Galagodaatte Gnanasara Thero while he remains incarcerated.
The judge's comments surfaced during a hearing regarding alleged violations of fundamental rights, asserting that if the treatment of Gnanasara Thero in prison contravenes his rights, he has recourse to pursue this matter before the Supreme Court.
Gnanasara Thero, previously charged for inciting violence against Islam during a 2014 media briefing, had been previously released on bail stemming from a related legal matter and was recently taken into custody again.
During yesterday's hearing, the legal representatives for the petitioner highlighted that their client is not someone who intentionally absents himself from court and noted that he was engaged in meditation at a forest monastery due to severe mental distress.
Additionally, they alleged that force was used to change the monk's attire upon his admission to prison, emphasizing that any removal or change of a Buddhist monk's robes is at the discretion of the relevant monastic authority.
Citing constitutional provisions, the attorneys argued that according to Article 9 of the Constitution, the Buddhist faith holds a significant position in the country, and Gnanasara Thero should have the right to wear garments similar to those he previously donned prior to entering prison.
Judge Ragala expressed personal regret regarding the circumstances but reiterated that any directives given by the court must comply solely with legal principles and not be dictated by emotional or religious sentiments.
The Supreme Court has requested the Attorney General to provide updates concerning the request made by Gnanasara Thero to accept responsibility for the charges against him. The next hearing is scheduled for the 23rd of this month, when further deliberation on the case will take place.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
ශ්‍රේෂ්ඨාධිකරණයෙ ඉන්නෙ බෝනගේන් කල්ලතෝනියෙක්නෙ.
ReplyDeleteSiwurata gelapena widihata hesirenna oni
Delete2018 කොහොමද හිරේට දැම්මෙ කියල මතක නැද්ද බයියෝ
Deleteවැඩක් නෑ. මහඑකා පාදිලියෙක්.
ReplyDeleteසිංහල බෞද්ධයෙක්ට එන්ට නොදී අජිකරණය බෝනගෙන් කෙරුවෙ ඕකට තමයි. ඉස්සරහට හොඳ හොඳ නාඩගම් බලතැහැකි.
ReplyDeleteOkata siuru newei.gu gahanna thibbe. kalakanni. rata winasa karana haththa
ReplyDeleteThawa saadu la 62y, fathers la 104y innawa jampare andagena.
ReplyDeleteE aya gana duka nadda? Godak un kallathoni thamai
Adikaranayata newatha newatha aphasa Kara nanasara
ReplyDeleteWhat a damn fucking apex court we have where a dickhead of born again reside there. so, it is just a joke.
ReplyDelete