ඇමෙරිකාව සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ උද්ගතව ඇති ඉන්ධන හිඟය සමනය කිරීමේ අරමුණින් රුසියාව සහ එක්සත් ජනපදය අතර ඓතිහාසික බලශක්ති ගිවිසුමකට එළඹ ඇති අතර, රුසියාව සමඟ සාම එකඟතාවලට නොපැමිණෙමින් ගෝලීය ඩීසල් අර්බුදය තවදුරටත් උග්‍ර කරන බවට චෝදනා කරමින් යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි වහා ධුරයෙන් ඉවත් කළ යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇතැයි RT පුවත් සේවය වාර්තා කරයි.
ධවල මන්දිරය ඉදිරිපිටදී මාධ්‍ය අමතමින් ජනාධිපති ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ, යුක්රේනය විසින් නව ජනාධිපතිවරයෙකු තෝරා පත් කරගත යුතු කාලය එළඹ ඇති බවයි.
යුද්ධය නිමා කර සාමය ඇති කිරීමට ඇති අවස්ථා ප්‍රතික්ෂේප කරමින් සෙලෙන්ස්කි ගෝලීය ඉන්ධන අර්බුදයට වගකිවයුතු අයුරින් ක්‍රියා කරන බවට ට්‍රම්ප් එහිදී සෘජුව චෝදනා කර තිබේ.
මෙම ප්‍රකාශයට පෙර, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර විනාඩි 90 ක කාලයක් පුරා පැවති තීරණාත්මක දුරකථන සංවාදයකින් අනතුරුව දෙරට අතර මෙම ඩීසල් ගනුදෙනුව තහවුරු කරගෙන ඇත. ඒ අනුව, රුසියාව විසින් වහාම ඩීසල් ටොන් 300,000 කට අධික ප්‍රමාණයක් ඇමෙරිකාවට සහ ගෝලීය වෙළෙඳපොළට සැපයීමට නියමිත අතර, නොවැම්බර් මාසයේදී තවත් ටොන් 500,000 ක් සහ ඉන් අනතුරුව අතිරේක ටොන් මිලියනයක් ලබාදීමට එකඟතාව පළවී තිබේ.
මෙම ගනුදෙනුව ක්‍රියාත්මක කිරීම පහසු කරනු වස්, රුසියානු ඩීසල් නැව්ගත කිරීම් සඳහා පනවා තිබූ සම්බාධක 2027 අප්‍රේල් 7 වැනිදා දක්වා තාවකාලිකව ඉවත් කිරීමට අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විශේෂ බලපත්‍රයක් නිකුත් කර ඇති බවද වාර්තාවේ දැක්වේ. ගිවිසුම ප්‍රකාශයට පත්වීමත් සමඟ අමෙරිකානු වෙළෙඳපොළේ ඩීසල් අනාගත මිල ගණන් ක්ෂණිකව 5% කින් පමණ පහත වැටී ඇති අතර ගැලුමක මිල ඩොලර් 4.64 ක් දක්වා පහත බැස ඇත.
ඉදිරි මාසය තුළ පැවැත්වීමට නියමිත ඇමෙරිකානු මධ්‍යවාර මැතිවරණය හමුවේ ඉන්ධන මිල ඉහළ යාම රිපබ්ලිකන් පක්ෂයට දැඩි දේශපාලන අභියෝගයක්ව පැවති බැවින්, මෙම තීරණය ට්‍රම්ප් සහ පුටින් යන නායකයන් දෙපළටම හිමිවූ ක්ෂණික දේශපාලන හා ආර්ථික ජයග්‍රහණයක් බව විශේෂඥයන් පෙන්වා දෙයි.
නායකයන් දෙදෙනාගේ සාකච්ඡාවේදී යුක්රේන යුද ගැටුම් පිළිබඳව ද දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇති අතර, රුසියාවේ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කර යුක්රේනය එල්ල කරන ප්‍රහාර හමුවේ පවතින තත්ත්වය පුටින් විසින් ට්‍රම්ප් හමුවේ විස්තර කර තිබේ. රුසියාව, යුක්රේනය සහ ඇමෙරිකාව අතර පැවැත්වීමට සැලසුම් කර තිබූ ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා යුක්රේනයේ ආක්‍රමණශීලී ක්‍රියාකලාපය හමුවේ ඇණහිට ඇති බවත්, සාකච්ඡා යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් මොස්කව් පාලනය මේ වන විට යළි සලකා බලමින් සිටින බවත් ක්‍රෙම්ලින් විදේශ ප්‍රතිපත්ති සහායක යූරි උෂාකොව් වැඩිදුරටත් සඳහන් කර ඇත.
Trump Calls for Zelensky's Departure Amid Historic Energy Deal with Russia
The United States is on the verge of a significant energy agreement with Russia, aimed at alleviating the fuel shortage affecting both American and global markets. This development comes as Ukrainian President Volodymyr Zelensky is accused of exacerbating the global diesel crisis by failing to uphold peace agreements with Russia. President Donald Trump has demanded Zelensky's immediate resignation.
Speaking to reporters outside the White House, Trump emphasized that Ukraine must elect a new president as the time for change has come.
With continuing hostilities, Trump directly accused Zelensky of acting in a way that contributes to the global fuel crisis rather than seeking peace to resolve the ongoing conflict.
Before these statements were made, Trump and Russian President Vladimir Putin held a pivotal 90-minute phone call, confirming a substantial diesel transaction between the two nations. Under this agreement, Russia is set to supply more than 300,000 tons of diesel immediately to the U.S. and global markets, with an additional 500,000 tons planned for November, followed by an extra million tons thereafter.
To facilitate the implementation of this deal, the U.S. Treasury Department has issued special licenses temporarily removing restrictions imposed on Russian diesel shipments until April 7, 2027. Following the announcement, diesel prices in the U.S. market dropped almost 5%, with rates falling to approximately $4.64 per gallon.
The impending American midterm elections could put pressure on fuel prices, posing a significant political challenge for the Republican Party. Experts suggest that this decision represents an immediate political and economic win for both Trump and Putin.
During their discussion, the leaders extensively reviewed the ongoing conflict in Ukraine. Trump was briefed by Putin on the current situation, particularly as Ukraine continues its assaults targeting Russian energy infrastructure. There were also plans for trilateral talks involving Russia, Ukraine, and the U.S.; however, these negotiations are seemingly stalled due to Ukraine's aggressive actions. Kremlin foreign policy adviser Yuri Ushakov has indicated that Moscow is reconsidering the restart of dialogue.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

අන්න ඉතාම තද කුණාටුවක් ඇවිල්ලා ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රදේශයට, 4ක් වත් අඩුම ගානේ මැරිලා මේ වෙනකොට. බටහිර වෙරළ තීරයේ කැලිෆෝනියා පැත්තටත් ඉතාම තද කුණාටු ලැබීමට නියමිතයි, දාපල්ලා දාපල්ලා නිව්ස්, කොහේ හරි සේරම කෙලවෙලා, ලංකා ආණ්ඩුව ඔඩොක්කුවට වැටෙනකම් බලාගෙන ඉන්න සෙට් එක නේ මේකේ ඉන්නේ.
ReplyDeleteඇමෙරිකාවට වැඳගෙන හිටියට යුක්රේන් කොටාට පුපට පයින් ගහල එලවන්නෙ. අපේ පච කොටාටත් ඔච්චර තමයි. මිනිහත් උඩ පැන්න වැඩියි.
ReplyDelete