හිරේ ගියාම සිවුර ගැලවීම ගැන අපටත් කම්පාවක් තියෙනවා..- ඇමති


 සිරදඬුවම් නියම වන භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී පවතින ඇඳුම් ආයිත්තම් සම්බන්ධ නෛතික තත්ත්වය කඩිනමින් වෙනස් කිරීමට පියවර ගන්නා බව නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා ප්‍රකාශ කරයි.

මේ සම්බන්ධයෙන් මතුව ඇති සංවේදී තත්ත්වය පිළිබඳව රජයේ මෙන්ම ජනාධිපතිවරයාගේ ද විශේෂ අවධානය යොමුව ඇති බවත්, ඒ අනුව පවතින නීතිමය රාමුව සංශෝධනය කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද පැහැදිලි කළේය.

"සිරදඬුවම් නියම වූ භික්ෂූන් වහන්සේලා බන්ධනාගාරය තුළ පසුවන්නේද පැවිදි නාමයෙන්මයි. උන්වහන්සේලා උපැවිදි වී නැහැ. එසේ උපැවිදි නොවූ භික්ෂූන් වහන්සේ නමක් වෙනත් නඩුවකට අධිකරණයට ඉදිරිපත් කිරීමේදී සිවුරෙන් තොරව ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි කම්පනයක් සහ සැලකිල්ලක් මතුව තිබෙනවා. ඇත්තෙන්ම ඒ පිළිබඳව අපටත් යම් කම්පනයක් තිබෙනවා.

නමුත් මෙහිදී බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත්තේ දැනට පවතින නීති රෙගුලාසිවලට අනුකූලවයි. අධිකරණ තීන්දුවකින් පසු ඕනෑම රැඳවියෙකු භාරවන්නේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවටයි. රජය මේ දේ චේතනාන්විතව හෝ අභිමතය පරිදි සිදුකළ බවට කෙරෙන ප්‍රකාශ අප කිසිසේත්ම පිළිගන්නේ නැහැ. රජයෙන් කිසිදු බලපෑමක් මෙහිදී සිදුවෙලා නැහැ."

කෙසේ වෙතත්, මෙම තත්ත්වය හමුවේ නිහඬව නොසිට ඉදිරියේදී මෙවැනි තත්ත්වයක් ඇති නොවීමට වගබලා ගැනීම රජයේ වගකීමක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා,

"මෙහිදී අප රජයක් ලෙස වරදක් කරන්නේ මෙතැනින් එහාට මෙම නීතිමය තත්ත්වය වෙනස් නොකළහොත් පමණයි. ඒ නිසාම මේ පිළිබඳව සාකච්ඡා කර, ජනාධිපතිතුමාගේ ද සෘජු මැදිහත්වීමෙන් යුතුව අදාළ නීති කඩිනමින් සංශෝධනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා" යැයි වැඩිදුරටත් අවධාරණය කළේය.





Government Takes Steps to Amend Legal Framework for Monk Attire Regulations

In a significant move, Minister of Housing, Construction and Cultural Affairs Dr. Susil Premajayantha has announced that immediate actions will be taken to alter the ethical status governing monk attire regulations presented before the courts. This decision comes in light of rising concerns surrounding the treatment of monks in custody.

Both the government and the President have expressed particular attention regarding the sensitive situation. The minister disclosed that swift measures are being implemented to amend the existing legal framework accordingly.

Addressing the media, Dr. Premajayantha clarified, “The monks under the current regulations are identified merely by their pending charges. They are not recognized as convicted individuals. The public has voiced substantial unease and concern regarding the manner in which non-convicted monks are being presented in court for unrelated cases." He further acknowledged that the ministry too shares these concerns.

However, he emphasized that the Department of Prisons is operating within the boundaries of existing legal regulations. “Following any court ruling, all detainees are handed over to the Department of Prisons. We do not accept that any actions taken by the government are motivated by intention or opinion. There has been no government interference in this matter,” he stated.

Considering the current circumstances, the minister underscored the government’s duty to ensure that such issues do not arise in the future. He reiterated, “As a government, our mistake would be to not alter this legal status going forward. Therefore, we are actively discussing this matter, and with direct intervention from the President, essential steps to promptly amend the relevant laws are being taken.”



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

3 Comments

  1. තිබෙන නීති රාමුව අනුවම වුවත් සිර කරුවෙක් බන්ධනාගාරයේ සිට උසාවියට පැමිණීමේදී ඇඳීමට ලබා දිය යුත්තේ ඔවුන් සාමාන්‍යයෙන් පිටතදී අඳින ඇඳුම මයි. මෙතැනදී ඥාණසාර ස්වාමින්වහන්සේට එම අවස්ථාව අහිමි කරවීමයි වරද. එම වරද සිදු කලේ බන්ධනාගාර නිලධාරීන් විසින් රජය අපහසුතාවයට පත් කරවීමට බව බැලූ බැල්මට පේනවා. එනිසා නීති වෙනස් කිරීම අවශ්‍ය වෙන් නෑ, තිබෙන නීති රාමුව තුළ කටයුතු කල හැකියි.

    යම් විදියකින් නීති වෙනස් කොට සිරගත ව සිටින පාරාජිකා වූ භික්ෂූන් එක පෙළට මාංචු දමා උසාවියට ගෙන ඒමෙන් බුදු දහමට අනාගතයේ සිදුවිය හැකි නින්දාව අති මහත්. මේ දේවල් නීති ලෙස සම්පාදනය කිරීම එනිසා නොකල යුතුයි.

    ReplyDelete
    Replies
    1. සිවුරු දරාගෙන භික්ෂුවකට නොගැලපෙන දේ කරන කොට කම්පනයක් නැද්ද ?

      Delete
    2. සිවුරු දරාගෙන කරණ නොගැලපෙන දේවල් වැරදි නම් ඒ වැරදි සිවුර දරාගෙනම නිවැරදි කර ගත හැකියි, ඒකට තමයි පොහොය කර්ම තිබෙන්නේ.

      සිවුරු දරාගෙන පාරාජිකා වැරදි කලොත් සිවුර ඉවත් කරණවා.

      ඒ වගේම සිවුර ඉවත් කිරීම කල යුත්තේ පාරාජිකා වරදක් සිදු කර ඇත්නම් පමණයි.

      ප්‍රජාතාන්ත්‍රවාදයේ මූලික අංගයක් තමයි ආගමික නිදහස. ඕනෑම සිරකරුවෙකුගේ ආගමික නිදහසට කිසිඳු ආකාරයක හෝ බාධාවක් නොකල යුතුයි.

      Delete
Previous Post Next Post