පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් යළි බන්ධනාගාරගත වීමත් සමඟ, අතුරුදන්වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය ඉලක්ක කරගනිමින් දියත් කර ඇති අපහාසාත්මක හා ප්‍රචණ්ඩත්වයට අනුබල දෙන වෛරී ප්‍රචාරණ හෙළා දකින බව මෙරට ප්රමුඛ ජනමාධ්‍ය සංවිධාන එකමුතුව නිවේදනය කරයි.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධාන පෙන්වා දෙන්නේ, මෙම වෛරී ප්‍රචාරණ ව්‍යාපාරය හරහා නිර්මාණය වන අනාරක්ෂිත වාතාවරණය හමුවේ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියගේ ජීවිත ආරක්ෂාව බරපතළ අවදානමකට ලක්ව ඇති බවයි.
මෙය රට තුළ දැනටමත් ඔඩුදුවා ඇති වෛරී දේශපාලන සංස්කෘතිය තවදුරටත් තීව්ර කිරීමක් මෙන්ම මාධ්‍ය අවකාශය අනිසි ලෙස අවභාවිත කිරීමක් බවද එම නිවේදනයේ සඳහන් වේ.
ඥානසාර හිමියන් වත්මන් සිරදඬුවමට යටත් වූයේ 2018 වසරේදී හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ නඩුවේ සැකකරුවන්ට ඇප ලබාදෙන ලෙස මහේස්ත්රාත්වරයාට බලපෑම් කරමින් අධිකරණයට අපහාස කිරීමේ වරදට බව මාධ්‍ය සංවිධාන සිහිපත් කරයි.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට පැමිණිලි කරන ලද්දේ හෝමාගම මහේස්ත්‍රාත්වරයා විසින් වන අතර, සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය එහිදී නියෝජනය කළේ අගතියට පත් පාර්ශ්වය පමණි.
2018 අගෝස්තු මස ඥානසාර හිමියන්ට නියම වූ වසර හයක බරපතළ වැඩ සහිත සිරදඬුවම, 2019 මැයි මස හිටපු ජනාධිපතිවරයා විසින් සමාව ප්රදානය කර නිදහස් කළද, එම ජනාධිපති සමාව අත්තනෝමතික මෙන්ම නීතිවිරෝධී බවට තීන්දු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය අගෝස්තු 08 වනදා එය අවලංගු කරන ලදී. ඒ අනුව මෙම නීතිමය ක්‍රියාවලිය හමුවේ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය අතින් වෛරයට පාත්‍ර විය යුතු කිසිදු වරදක් සිදුව නොමැති බව මාධ්‍ය එකමුතුව අවධාරණය කරයි.
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තනි පුද්ගලයෙකුට හෝ යම් ප්රජාවකට එරෙහිව තර්ජනය කිරීමට, උසිගැන්වීමට හෝ ප්‍රචණ්ඩත්වයට තල්ලු කිරීමට කිසිසේත්ම ආවරණයක් කරගත නොහැකි බවත්, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ (ICCPR) 20(2) වගන්තිය අනුවද එවැනි වෛරී ප්‍රකාශන නීතියෙන් තහනම් කර ඇති බවත් නිවේදනයේ දක්වා ඇත.
වසර 16කට වැඩි කාලයක් තිස්සේ අතුරුදන් වූ තම සැමියා වෙනුවෙන් යුක්තිය පතමින් නීත්‍යානුකූල අධිකරණ ක්‍රියාවලියක නිරත වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියගේ ආරක්ෂාව වෙනුවෙන් කඩිනමින් පියවර ගන්නා ලෙසත්, රටේ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කරමින් තත්ත්වය තවදුරටත් අර්බුදකාරී වීම වළක්වන ලෙසත් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි. එමෙන්ම දේශපාලන හෝ පෞද්ගලික ලාභ ප්‍රයෝජන උදෙසා ජාතික හා ආගමික සංවේදීතාවන් සූරාකෑමට දරන සියලු උත්සාහයන් වහා ප්‍රතික්ෂේප කරන ලෙස මාධ්‍ය සංවිධාන දේශපාලන සහ ආගමික නායකයන්ගෙන් වැඩිදුරටත් දැඩිව ඉල්ලා සිටී.
මෙම ඒකාබද්ධ නිවේදනය සඳහා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය (FMM), ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය (SLWJA), මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය (FMETU), දකුණු ආසියානු මාධ්‍ය කාන්තාවෝ (SWAM), ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය (SLMMF) සහ ශ්‍රී ලංකා දෙමළ මාධ්‍ය සංසදය (SLTMA) යන සංවිධානවල ප්‍රධානීහු අත්සන් තබා ඇත.
Media Organizations Raise Alarms Over Safety of Sandhya Ekneligoda Amidst Rising Hostility
The recent arrest of Venerable Galagodaaththe Gnanasara Thero has triggered a hostile atmosphere, particularly towards Sandhya Ekneligoda, the wife of the missing journalist Prageeth Ekneligoda. Leading media organizations in Sri Lanka have come together to condemn the inflammatory and violent rhetoric that has surfaced, specifically targeting her.
In a press statement, these organizations highlighted the severe risks to Ekneligoda's life posed by the surge in hostility generated through these hate-filled propaganda campaigns. They underscored that such an environment endangers not only individual safety but further exacerbates the already rampant culture of political violence in the country.
The media groups recalled that Gnanasara Thero was sentenced to six years in prison in 2018 for attempting to intimidate a magistrate during proceedings on Prageeth Ekneligoda's abduction case. This attempt to undermine the judicial process has far-reaching implications for the rule of law in Sri Lanka.
The appeal concerning this conviction was made to the Court of Appeal, where Sandhya Ekneligoda was represented as an aggrieved party. Significantly, the Supreme Court invalidated the presidential pardon that had previously released Gnanasara Thero, declaring it contrary to law, thereby reinstating the legal consequences of his actions. The media coalition emphasized that Sandhya Ekneligoda holds no culpability that would justify any threat to her safety.
The statement also asserted that freedom of expression must never serve as a pretext for threatening, harassing, or inciting violence against individuals or communities. Referring to the International Covenant on Civil and Political Rights (ICCPR), it reiterated that such inflammatory statements are prohibited by law.
In light of the 16-year struggle for justice for her missing husband, the organizations urged immediate action to ensure Sandhya Ekneligoda’s safety. They called on authorities to protect the integrity of the legal system and prevent further escalation of the situation. Additionally, they demand that political and religious leaders reject all attempts to exploit national and religious sensitivities for gain.
This united statement has seen endorsements from several prominent organizations, including the Free Media Movement (FMM), the Sri Lanka Working Journalists Association (SLWJA), the Federation of Media Employees Trade Unions (FMETU), South Asian Women in Media (SWAM), the Sri Lanka Muslim Media Forum (SLMMF), and the Sri Lanka Tamil Media Alliance (SLTMA).
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

අපේ රට, දැය, සමය වනසන පරගැති, හොරිකඩ, එන්.ජී.ඕ රූකඩ, දෙලොවටම නැති අපතයන්ට උරුම වන්නේ කල්ප ගානක් පැහෙන නිරයයි 😡🤮 තොපි ඔය මරු කියවන්නේ දිට්ඨධම්මවේදනීය කර්මය අනුව ඉතාම ඉක්මනින් තොපි කරපු, කරමින් සිටින මහා පාප කර්ම තොපේ පස්සෙන් එලවන නිසයි 😡🤮🤮🤮
ReplyDeleteNo one available to shoot her @ once in Sri lanka... why?
ReplyDeleteඑතුමියට යුධ ටැංකි 3ක්, බෆල් රථ 6ක්, පැජරෝ වර්ගයේ වාහන 8ක්, සහ, සුසුකි මෝටර් බයිසිකල් 25කින් ද, නවීනතම නිසාන් ගිලන් රථයකින් ද සමන්විත යුධ හමුදා සෙබළු 300ක්, හා ගුවන් හමුදා සෙබළු 100ක් ද, පොලිසියේ 100ක් ද සහිතව පූර්ණ ආරක්ෂාවක් ලබා දීමට රජය කටයුතු කරන බව ඔබ තුමියට දන්වා සිටිනු අකමැත්තෙමි.
ReplyDeleteමේ ධර්ම රාජ්‍යයට වින කරන්නේ කවරෙක්ද, දිටිට ධර්ම කර්මය පලදෙනව ඒකාන්තයි
ReplyDeleteAniwaryayenma diya yuthuyi. Araksawa wktharak nowe nobel sama thaggath denna one
ReplyDeleteAniwaryayenma diya yuthuyi. Araksawa wktharak nowe nobel sama thaggath denna one
ReplyDelete