මෙරට ක්‍රීඩා කණ්ඩායම් තරග පරාජය වීමට ප්‍රධානතම හේතුව නිසි පරිදි දක්ෂ ක්‍රීඩකයන් බිහි නොවීම බවත්, බිම් මට්ටමේ සිට නව ක්‍රීඩකයන් නිර්මාණය කිරීමේ දීර්ඝකාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ආණ්ඩුවක් පත්වූ සැනින් මාසයකින් දෙකකින් දක්ෂ ක්‍රීඩකයන් නිර්මාණය කළ නොහැකි බවත්, පසුගිය දශකයකට අධික කාලය පුරා රටේ පැවති පොදු කඩාවැටීම ක්‍රීඩා ක්ෂේත්‍රයටද දැඩිව බලපා ඇති බවත්ය.
ඒ අනුව යටිතල පහසුකම් සංවර්ධනය කරමින් බිම් මට්ටමේ සිට ක්‍රීඩකයන් පුහුණු කිරීමේ ක්‍රියාවලිය රජය මේ වන විට ආරම්භ කර ඇති බැවින් ඒ සඳහා යම් කාලයක් ඉවසා සිටීමට සිදුවන බව හෙතෙම පෙන්වා දුන්නේය.
විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින පසුබෑම පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, ක්‍රිකට් පරිවර්තන කමිටුවේ නිර්දේශයන්ට අනුව නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවයි.
එමඟින් පවතින පරිපාලනය වෙනස් කර, නව පාලක මණ්ඩලයක් පත් කිරීමෙන් පසු ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ තරගකාරීත්වයක් සහිත තත්ත්වයකට පත් කිරීමට කටයුතු කරන බව ඔහු සඳහන් කළේය.
මීට අමතරව ආසියානු ක්‍රීඩා උළෙල සහ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ කටයුතු සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා මෙහිදී කරුණු පැහැදිලි කළේය.
දක්ෂ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට අවස්ථාව අහිමි වීම මලල ක්‍රීඩා සංගමය තුළ පැවති අභ්‍යන්තර ගැටලුවක් බව පෙන්වා දුන් ඒ මහතා, එම සංගමය දිගින් දිගටම රටේ ක්‍රීඩාවේ උන්නතියට දායක නොවන මට්ටමක පසුවන බව අවධාරණය කළේය.
එමෙන්ම ඔවුන් විසින්ම නිර්මාණය කරගත් අර්බුද හේතුවෙන් තේරීම් කමිටුවේ සාමාජිකයන් තිදෙනෙකු මේ වන විටත් ඉල්ලා අස්වී ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා, ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ඉදිරියේදී මලල ක්‍රීඩා සංගමය සම්බන්ධයෙන්ද තීරණාත්මක පියවරක් ගැනීමට රජය බලාපොරොත්තු වන බව වැඩිදුරටත් කියා සිටියේය.
Minister Emphasizes Long-term Strategy for Developing Sports Talent in Sri Lanka
The persistent failure of Sri Lankan sports teams to achieve competitive success boils down to a lack of adequately trained athletes, according to Minister of Youth Affairs and Sports, Sunil Kumara Damunupola. He advocates for the implementation of a long-term strategy aimed at nurturing new talent from the grassroots level.
During a media briefing, the Minister pointed out that it is unrealistic to expect the emergence of skilled athletes within a mere month or two following a government's appointment. He emphasized that the prolonged damage inflicted on the sports sector over the past decade, due to widespread disruptions in the country, has had significant repercussions.
In response to these challenges, the government is already in the process of enhancing infrastructure and initiating training programs for aspiring athletes, although he acknowledged that this effort will require time to bear fruit.
Commenting specifically on the stagnation in cricket, Damunupola revealed plans to present a new bill to Parliament based on recommendations from the Cricket Transformation Committee. This legislation aims to revamp the existing administration and establish a new governing body, thereby fostering a more competitive environment for cricket in the country.
Additionally, the Minister clarified matters concerning the Asian Games and the operations of the Sri Lanka Amateur Sports Federation. He noted that the lack of opportunities for several talented athletes is partly attributed to internal issues within the Federation, which has increasingly contributed to the stagnation of sports development in Sri Lanka.
Revealing that three members of the selection committee had resigned due to internal discord, the Minister stated that the government is committed to taking decisive action in the future regarding the Amateur Sports Federation to facilitate the growth of sports in the country.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
