ඇමෙරිකා ප්‍රහාරක තර්ජනය හමුවේ ඉරාන වැසියෝ දැඩි බියෙන්.. ආහාර, ඉන්ධන, භාණ්ඩ රැස්කරති..


 ඉදිරි සති කිහිපය තුළ ඉරානය ඉලක්ක කර ගනිමින් දැවැන්ත ඒකාබද්ධ ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය සැලසුම් කර ඇති බවට පළවන වාර්තාත් සමඟ, වසර ගණනාවක යුද ගැටුම්වලින් හෙම්බත්ව සිටින ඉරාන වැසියන් දැඩි භීතියකින් සහ අවිනිශ්චිතතාවකින් යුතුව පසුවන බව 'ද නිව්යෝර්ක් ටයිම්ස්' පුවත්පත වාර්තා කරයි.

ඉරානය තුළ වෙසෙන පුරවැසියන් 18 දෙනෙකු සමඟ දුරකථන හා කෙටි පණිවිඩ ඔස්සේ කළ සාකච්ඡා ඇසුරෙන් එම පුවත්පත සකස් කළ වාර්තාවකට අනුව, නව සතිය ආරම්භ වීමත් සමඟ ටෙහෙරාන් ඇතුළු ප්‍රධාන නගරවල ජනතාව ඉන්ධන පිරවුම්හල් සහ බැංකු ඉදිරිපිට දිගු පෝලිම් ගැසෙමින් මුදල් ලබාගැනීමටත්, අත්‍යවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය එක්රැස් කර තබා ගැනීමටත් දැඩි පරිශ්‍රමයක යෙදී සිටිති. 

තම දරුවන් පාසල් යැවීම අවදානම් සහගත බව පවසමින් මව්පියන් දැඩි කනස්සල්ලෙන් පසුවන අතර, ගුවන් ගමන් සහ මහාමාර්ග අවහිර වීමේ බිය නිසා බොහෝ ව්‍යාපාරිකයන් සිය ගමන් බිමන් අවලංගු කර තිබේ.

රාජ්‍ය තාන්ත්‍රික එකඟතාවකට නොපැමිණියහොත් ඇමෙරිකානු අන්තර්වාර මැතිවරණයෙන් පසු ඉරානයට ප්‍රහාර එල්ල කරන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා ඇති අතර, එරට ආර්ථිකය ගොඩනැගීමට උදව් කරන බවටත්, විනාශ කර දමන බවටත් ඔහු නිකුත් කරන අනාවැකි කිව නොහැකි පරස්පර ප්‍රකාශ හේතුවෙන් ජනතාවගේ මානසික පීඩනය තවදුරටත් උග්‍ර වී ඇත. 

අනෙක් අතට, දැඩි මැතිවරණ තරගයක නිරතව සිටින ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, ඉරාන පාලනය පෙරළා දැමීම සඳහා ඇමෙරිකාව සමඟ එක්විය යුතු බවට ප්‍රකාශ කිරීමත් සමඟ, මැතිවරණයට පෙර ඊශ්‍රායලය හදිසි මිලිටරි ප්‍රහාරයක් දියත් කරනු ඇතැයි ද ඉරාන ජනතාව බිය පළ කරති.

පාකිස්තානය, කටාර් රාජ්‍යය සහ රුසියාව ප්‍රමුඛ රටවල් දැඩි රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක නිරත වුවද, ඉරානය සහ වොෂින්ටනය අතර සාකච්ඡා මේ වන විට ඇණහිට තිබේ. ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඇමෙරිකාව ඉදිරිපත් කරන කොන්දේසිවලට යටත් නොවන බව ටෙහෙරාන් බලධාරීන් ප්‍රකාශ කරන අතර, තමන්ට පහර දුනහොත් සමස්ත කලාපයම ගිනි තබන බවට හමුදා ප්‍රධානීන් අනතුරු අඟවමින් සිටියි.

කෙසේ වෙතත්, තවදුරටත් යුද්ධයකට නොගොස් සාමකාමී විසඳුමක් සොයන ලෙස ඉරානයේ ප්‍රතිසංස්කරණවාදී දේශපාලනඥයන් රජයෙන් ඉල්ලා ඇති අතර, පාලකයන්ගේ තීන්දු වෙනුවෙන් වන්දි ගෙවීමට සිදුවන්නේ සාමාන්‍ය ජනතාවට බව ඔවුහු පෙන්වා දෙති.

පසුගිය කාලය පුරා පැවති දින 40ක දැවැන්ත බෝම්බ ප්‍රහාර හමුවේ ඉරානයේ සිවිල් වැසියන් 1,900කට වැඩි පිරිසක් මියගොස් ඇති බව ඉරාන රතු චන්ද්‍රවංක සංගමය වාර්තා කර ඇති අතර, ඉන් සිදුවූ ආර්ථික හානිය ඩොලර් බිලියන 300ක් පමණ වේ.

ඉකුත් පෙබරවාරියේදී දකුණුදිග මිනාබ් (Minab) නගරයේ ප්‍රාථමික පාසලකට එල්ල වූ ඇමෙරිකානු ප්‍රහාරයකින් දරුවන් සහ ගුරුවරුන් 156 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීම තවමත් වැසියන්ගේ මනසින් බැහැරව නොමැත. 

ඇමෙරිකානු සම්බාධක සහ නාවික අවහිරතා හමුවේ ඉරාන රියාල් මුදලේ අගය දැඩි ලෙස කඩා වැටී ඇති අතර, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් සියයට 200කට වඩා ඉහළ යාම නිසා ජීවන අරගලය හමුවේ මෙන්ම යුද බියෙන් ද ජනතාව අන්ත අසරණ තත්ත්වයකට පත්ව සිටින බව 'ද නිව්යෝර්ක් ටයිම්ස්' පුවත්පත වැඩිදුරටත් අනාවරණය කරයි.





Iran Faces Heightened Anxiety Amid US-Israel Plans for Major Offensive

Reports indicate that the United States and Israel are gearing up for a massive coordinated offensive targeting Iran in the coming weeks. This news has sent ripples of fear and uncertainty throughout the Iranian populace, who have endured years of military conflict and political instability, according to The New York Times.

In a detailed report based on discussions with eighteen citizens via telephone and messaging, the newspaper portrays a grim picture as the new week begins. Residents in major cities, including Tehran, are lining up outside gas stations and banks, striving to secure funds and essential dry food supplies amid growing panic.

Parents are expressing deep concern, fearing for the safety of their children as they contemplate sending them to school. Business owners are also cancelling travel plans due to the fear of airport closures and highway blockades.

President Donald Trump has warned that if a political accord isn't reached, Iran could face attacks following the upcoming American midterm elections, further complicating the situation. His contradictory statements regarding assistance to Iran's economy and the potential for destruction have exacerbated the citizens' mental strain.

On the other hand, Israeli Prime Minister Benjamin Netanyahu has emphasized the need for America to join forces with Israel to overthrow the Iranian regime. As the electoral race intensifies, there is growing anxiety among Iranians about a possible pre-election military strike from Israel.

Despite significant state intervention from key nations like Pakistan, Qatar, and Russia, discussions between Tehran and Washington have stallled. Iranian officials have expressed that they will not accept the terms offered by the U.S. regarding its nuclear program, and military leaders have warned they are prepared to set the whole region ablaze if provoked.

However, reformist politicians within Iran are urging the government to pursue peaceful resolutions, highlighting that the burden of decisions made by leaders often falls on the shoulders of ordinary citizens.

In the aftermath of a recent string of bombing attacks, the Iranian Red Crescent Society reported that over 1,900 civilians have lost their lives, with economic damages approximated at $300 billion. The tragedy of a U.S. strike in February that claimed the lives of 156 children and teachers at a primary school in the city of Minab remains fresh in the public consciousness.

The Iranian rial has plummeted in value against the backdrop of American sanctions and naval blockades. With essential food prices surging by over 200%, the population is grappling with extreme vulnerability amid ongoing war fears, as highlighted by The New York Times.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post