ඓතිහාසික අනුරාධපුර පූජා භූමියට අයත් රුවන්වැලි මහා සෑය ‘නටබුන්’ ගණයෙහිලා සලකමින් ඒ වටා ආරක්ෂිත වැටක් ඉදිකිරීමටත්, ඉන්දීය රජයේ ආධාර යොදාගනිමින් පූජා භූමිය තුළ පැරණි හින්දු කෝවිල් යළි ඉදිකර ‘රාම භූමියක්’ නිර්මාණය කිරීමටත් වත්මන් රජය සූදානම් වන බවට පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා බරපතළ චෝදනාවක් එල්ල කරයි.
කොළඹදී විශේෂ මාධ්ය හමුවක් කැඳවමින් මන්ත්රීවරයා අනාවරණය කළේ, අටමස්ථානාධිපති නාහිමිවරුන්ගේ හෝ ප්රදේශයේ මහජන නියෝජිතයන්ගේ කිසිදු විමසීමකින් තොරව රහසිගතව නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් පත්රයක් මගින් මෙම බෞද්ධ විරෝධී වැඩපිළිවෙළ ක්රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.
එම මාධ්ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ දයාසිරි ජයසේකර මහතා මෙසේද පැවසීය
කථානායකවරයාට එල්ල වුණ විශ්වාසභංග යෝජනාව පිළිබඳව සමාජයේ විශාල කථාබහක් ඇති වුණා. ඇත්ත වශයෙන්ම චෝදනා 50කට අධිකව ඔහුට තිබෙන ඒ චෝදනා මම හිතන්නේ ඉතාම බරපතල කාරණාවක් විදිහට අපි මෙතැනදී මතක් කරන්න කැමතියි. ලංකා ඉතිහාසයේ කථානායකවරයෙකුට විරුද්ධව එල්ල වුණ තුන්වෙනි අවස්ථාව විදිහට මේ අවස්ථාව අපි දකිනවා. විශේෂයෙන්ම මොල්ලිගොඩ ප්රේමරත්න මහත්මයාගෙන් පස්සේ, ඊළඟට මහින්ද යාපා අබේවර්ධන මහත්මයාටත් ඊට පස්සේ මේ කථානායකවරයාට එල්ල වුණ චෝදනා 50කට අධිකයි. දැවැන්තම චෝදනා සංඛ්යාවක් එල්ල වෙච්ච කථානායකවරයා තමයි මේ අද මේ කථානායක පුටුවේ වාඩි වෙලා ඉන්නේ. ඔහුට මේ ආණ්ඩුවේ අපි දන්නවා පළමු කථානායකවරයාට ගෙදර යන්න වුණා. යන්න වුණේ ප්රධානම හේතුව තමයි ඔහුට ඔහුගේ අධ්යාපන සහතික පිළිබඳව, ආචාර්ය උපාධියක් පිළිබඳව සහ ඒ තිබිච්ච කරුණු සම්බන්ධව තමන්ගේ අධ්යාපන සහතික පෙන්වා ගැනීමේ නොහැකියාව නිසා ඔහුට ඉල්ලා අස්වීමට සිදුවුණා.
දැන් මේ දෙවැනි අවස්ථාව. මෙතනදී ඉතාමත් දැවැන්ත දූෂණ චෝදනා ගණනාවක් මේ කතානායකවරයාට එල්ලවෙල තිබෙනවා. ආණ්ඩුව ආවේ හොරු අල්ලන්න, ආණ්ඩුව ආවේ දූෂකයන් හිරේ දාන්න. නමුත් මේ එල්ල වෙලා තිබෙන දූෂණ චෝදනා සම්බන්ධව විශේෂයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම දැනට පරීක්ෂණයක් කරගෙන යනවා. විශේෂයෙන්ම ඒ පරීක්ෂණය AC/0356/2026/B/206 දරන විමර්ශනය තමයි තවමත් විමර්ශන අදියරයේ තිබෙන්නේ. මේකේදී බොහෝ පැහැදිලිව චෝදනා රාශියක් මොහුට විරුද්ධව එල්ලවෙලා තිබෙනවා. ඉතින් මේ අල්ලස් හෝ දූෂණ කොමිසම පිළිබඳව අපි කරුණු ගණනාවක් මතු කර තිබෙනවා මීට පෙර. මොකද විශේෂයෙන් මේ අල්ලස් හෝ දූෂණ කොමිසම කරන මේ පරීක්ෂණය පිළිබඳව අපි බලාපොරොත්තු වෙනවා ඉතා ඉක්මනින් ඒ අවශ්ය කරන කටයුතු ටික කරයි කියලා." මොකද හේතුව, දැන් මේ තිබෙන තත්ත්වයත් එක්ක මේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම සහ මීළඟට තිබෙන නඩු නිසා ආණ්ඩුව මේ විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්න එක දින නියමයක් නොමැතිව කල් දාලා තියෙනවා. මේක සම්පූර්ණයෙන්ම වැරදියයි. මොකද හේතුව, මේ කතාබහ ඇතිවෙලා තිබෙන්නේ විශේෂයෙන්ම පක්ෂ නායක රැස්වීමේදී. ඒ පක්ෂ නායක රැස්වීමට අපි සහභාගි වුණේ නැහැ. නමුත් ඒ පක්ෂ නායක රැස්වීමේදී ඔවුන්ගේ ඉදිරිපත් කරපු තර්ක සම්පූර්ණයෙන්ම වැරදියි සහ එහෙම පිටින්ම බොරු. මොකද හේතුව, මේ පිළිබඳව මම තිබෙන නීතිමය තත්ත්වය ඉදිරිපත් කරන්නම්. මොකද, මූලික වශයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ මේ යන පරීක්ෂණය තවමත් අපරාධ නඩුවක් පවරලා නැති තත්ත්වයක් තමයි තිබෙන්නේ. ඉතින් ඒක විමර්ශනයක් පමණයි තවම යන්නේ. ඊළඟට නඩුවක් පවරනවාද නැද්ද කියන කාරණය විමර්ශනයෙන් පස්සේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම තීරණයක් කරලා ඒකට නඩු පවරන්න ඕනේ. එතකොට, මේ විශ්වාසභංග යෝජනාව සම්පූර්ණයෙන්ම ප්රතික්ෂේප කරන්න හේතු වුණේ, සබ්ජුඩිටි ඒ කියන්නේ විශේෂයෙන් උසාවියේ නීතිමය තර්කවලට භාජනය වෙන්න කරුණක් විශේෂයෙන් තිබෙන තත්ත්වය තුළ එය පාර්ලිමේන්තුව තුළ කතා කිරීම සුදුසු නොවන බව අපේ ස්ථාවර නියෝගවල සඳහන් වෙනවා. ඒ අනුව මේ සබ්ජුඩිටි කියන කාරණය මේ විශ්වාසභංගයට අදාළ වෙන්නෙම නැහැ. මොකද හේතුව, මේ විශ්වාසභංගයට අදාළ වන එක් කාරණයක් මම ඔබට කිව්වා. විශේෂයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ විමර්ශනයක් සිද්දවෙමින් පවතින අවස්ථාවක, එය සබ්ජුඩීස් නෙමෙයි. එය අධිකරණයේ විනිශ්චයට භාජනය වූ කරුණක් නෙමෙයි. දෙවන කාරණය තමයි අභියාචනාධිකරණය හමුවේ මේ කතානායකවරයා විසින් සේවයෙන් පහ කරපු චමින්ද කුලරත්න මහත්මයා විශේෂයෙන් හිටපු නියෝජ්ය මහලේකම්වරයා, ඔහු ගිහිල්ල නඩුවක් පවරා තිබෙනවා. CA/109/2026 කියන නඩුව. දැන් මේකෙදි මේ විශේෂයෙන්ම මේ යෝජනා ප්රතික්ෂේප කරපු පක්ෂ නායක රැස්වීමේදී මේ සම්බන්ධව කරුණු දක්වා තිබෙන්නේ නීතිඥ වටවල මහතා. ඔහු පොලිස් අමාත්යාංශයේ නියෝජ්ය අමාත්යවරයා. ඔහු තමයි කියලා තියෙන්නේ අභියාචනාධිකරණයේ දාලා තිබෙන නඩුව විනිශ්චයට දැන් භාජනය වෙමින් පවතින කරුණක් කියලා. ඉතින් ඔහුගේ නීතිඥ දැනුම ගැන මම කණගාටු වෙනවා. මොකද ඔහු මහේස්ත්රාත් අධිකරණවල පමණයි සේවය කළේ.
ඔහු අභියාචනාධිකරණ නඩුවලට සම්බන්ධ වෙලා නැහැ. ශ්රේෂ්ඨාධිකරණ නඩුවලට නීතිඥයෙක් විදිහට ඉදිරිපත් වෙලා නැහැ. ඒ නිසා ඔහු දන්නේ නැහැ අභියාචනාධිකරණයේ පිළිවෙළ කුමක්ද කියලා. ඇත්ත වශයෙන්ම දැනට අභියාචනාධිකරණයේ මේකට සපෝට් කරන තැන ඉන්නේ. ඒ කියන්නේ අපි කරුණු ඉදිරිපත් කරනවා, ප්රයිමා ෆැසි කේස් එකක් (Prima facie case) තියෙනවා කියලා. ඒ කියන්නේ බැලූ බැල්මට නඩුවක් කරගෙන යෑමට තරම් කාරණා තියෙනවද කියලා අභියාචනාධිකරණයේ ගරු විනිශ්චයකාරතුමන්ලට ඒත්තු ගන්නවන ක්රියාවලිය තමයි දැන් සිදුවෙමින් තිබෙන්නේ. එතකොට එය නඩුවේ විනිශ්චයට භාජනය වෙන තත්ත්වයක් නෙමෙයි. ඉතින් වටගල මහතාගේ දැනුම සම්භාරය පිළිබඳ අපි කණගාටු වෙන්නෑ. මොකද ඔහුට සාමාන්යයෙන් කියන්නේ පඩිපෙලේ හිටිය කෙනෙක් කියලා. ඉතින් ඒ නිසා අපි ඔහුව අපහසුතාවයට පත් කරනවා නෙමෙයි, දන්නේ නැති ඒවා කතා නොකර ඉන්න ඔ්නේ. මොකද හේතුව, මේ සපෝට් මැටර් (Support matter) නැත්නම් සපෝට් කරනවා කියලා කියන්නේ ඇත්තටම මෙවැනි නඩුවක් තිබෙනවද කියලා යන්න ගරු විනිශ්චයකාරතුමන්ලාට අභියාචනාධිකරණයේ ඒත්තු ගන්වන ක්රියාවලියය. ඒකෙන් පස්සේ, එතුමන්ලා විසින් මේ නඩුවක් තිබෙනවා කියලා දැනගත්තයින් පස්සේ, ඔවුන් ඒ කරුණු වලින් සෑහීමකට පත් වෙනවා නම් නොටිස් ඉෂූ කරනවා. නොටිස් ඉෂූ කරනවා කියලා කියන්නේ නොතීසි නිකුත් කරනවා ඒ අදාළ පාර්ශ්වයන්ට මේ නඩුව අපි අහන්න යන්නේ කියල. තවම මේ නඩුව අහන තත්ත්වයේ නැහැ. මේක තියෙන්නේ නෝටිස් ඉෂූ (Notice issue) කරන තැනකට කලින්. ඒ කියන්නේ තවම සපෝට් (Support) කරන තැන. ඒ කියන්නේ තමන් කරුණු දක්වමින් ඉන්න තැනක තමයි මේක තිබෙන්නේ. ඒකයි විශේෂයෙන්ම මේ විශ්වාසභංග යෝජනාවේ 15 වෙනි වගන්තිය යටතේ තමයි මේ තත්ත්වය උද්ගත වෙලා තිබෙන්නේ. ඉතින් දැන් මේක අල්ලගෙන තමයි මේ ආණ්ඩුව මේ විශ්වාසභංග යෝජනාව සම්පූර්ණයෙන් ම දින නියමයක් නොමැතිව කල් දාලා තියෙන්නේ. සහ යෝජනාවක් එවල තියෙනව මේ 15 වන වගන්තිය සංශෝධනය කරන්න කිසිම උවමනාවක් නැහැ. මොකද හේතුව, අපි සංශෝධනය කරන්නෙත් නැහැ. මොකද හේතුව, කිසිම වෙලාවක මේ වෙලාව වෙනකොට මේ විශ්වාසභංගය භාර දීලා තියෙන තත්ත්වය තුළ තවමත් මෙය අධිකරණයේ අවසන් විනිශ්චයට භාජනය වෙමින් පවතින කරුණක් නෙමෙයි. ඒ නිසා මේ විශ්වාසභංගය අපි කියන්නෙ ගන්න. දැන් මේකේ කතා කරනකොට අපිට මතකයි බිමල් රත්නායක මහත්තයා කිව්වා අද ගෙනාවොත් හෙට වුණත් මේක විශ්වාසභංගය සාකච්ඡාවට ගන්නව කියලා. අපි කියන්නේ කරුණාකරලා ඒ කියපු වචනය එලෙසම තියාගන්න. දැන් මේ විවිධ කරුණු ඉදිරිපත් කරලා, බොරු කරුණු ඉදිරිපත් කරලා මේ විශ්වාසභංගය කල් දාන්න ලෑස්ති වෙන්න හදන්න එපා. අපි කියනවා ඊළඟ සතියේ තිබෙන පාර්ලිමේන්තු සතියේ තුන්වෙනි දා ඉඳලා ඒ සතියේ මේ විශ්වාසභංගය ගන්න කටයුතු කරන්න. අපි ඔප්පු කරලා පෙන්වන්නම් මේ කථානායකවරයා කොයි තරම් දූෂිත ලෙස කටයුතු කරලා තිබෙනවාද කියලා.
ඊළඟට පක්ෂ නායක රැස්වීමේ සාකච්ඡා කරන්න තිබුණු කරුණු ගණනාවක් තිබුණා. ඇත්ත වශයෙන්ම ඒකේදී සාකච්ඡා කරලා නැති එක ගැන කණගාටු වෙනවා. විශේෂයෙන්ම මම කියන්න කැමතියි, මේ ආණ්ඩුවට එන්න පෙර 2024 තිබුණ ආණ්ඩුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනාවා. ඒ අපිට මතකයි ඩී24/2024 කියන යෝජනාව. ඒ යෝජනාවේදී ඇත්ත වශයෙන්ම දේශබන්දු තෙන්නකෝන් මහතා පත් කිරීමට ඒ කථානායකවරයා ඡන්දය පාවිච්චි කිරීම සම්බන්ධව තමයි මේකේදී ඒ යෝජනාව ආවේ. ඒ වෙනකොට විශේෂයෙන්ම ශ්රේෂ්ඨාධිකරණයේ මේ පොලිස්පතිවරයාගේ පත්වීම සම්බන්ධව ශ්රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතක් ඉදිරිපත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඒ හත මෙතැන තිබෙනවා, ඕන නම් කියන්න පුළුවන්. නමුත් ඒ විශ්වාසභංග හත තියෙද්දී, විශේෂයෙන්ම ශ්රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතක් තියෙනකොට මේ විශ්වාසභංගය සාකච්ඡා කරා පාර්ලිමේන්තුවේ. දැන් මේක මේ පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කරේ නැහැ, මේවා කතා කරන්න නැතුව තමයි මේ තීන්දුව අරන් තිබෙන්නේ. ඒ වගේම අනිත් කාරණය තමයි ඒකේදී යෝජනාවට පක්ෂව ඡන්ද 75 ක්, විරුද්ධව ඡන්ද 113ක් ලැබුණා. ඒකේදී ඒ විශ්වාසභංගයට පක්ෂව ජනතා විමුක්ති පෙරමුණත් ඒ වෙලාවේ ඡන්දය පාවිච්චි කළා. ඔවුන් මේ කරුණු තියෙද්දී ඔවුන් මේක සාකච්ඡා කරලා තිබෙනවා. ඊළඟට තවත් පාර්ලිමේන්තු පූර්වාදර්ශයක් තියෙනවා. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධව 2025 දී දේශබන්දු තෙන්නකෝන් මහතාට මේ වගේම පොලිස්පතිවරයා ලෙස කටයුතු කිරීමට විරුද්ධව මූලික අයිතිවාසිකම් පෙත්සම් 9ක් ඉදිරිපත් වෙලා තියෙනවා.
ශ්රේෂ්ඨාධිකරණයේ නඩු කටයුතු තිබුණා. හැබැයි 2025 මාර්තු 26 වන දින න්යය පුස්තකයේ පල කරල මේ සම්බන්ධව විමර්ශන කමිටුවක් 2025 අගෝස්තු 5 වන දා දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනාවා. ඒ විශ්වාසභංගය සාකච්ඡා කරා. එතකොට මේ කථානායකවරයාම, දැන් ඉන්න කථානායකවරයා, ඒ කියන ස්ථාව නියෝග 92 ඒෆ් කියන එක සාකච්ඡා කරලා, අධිකරණයේ විනිශ්චයට භාජනය වන කාරණයක් පිළිබඳව සාකච්ඡා කරලා ඔහු ඒ සියල්ල පැත්තකට විසි කරලා, මේ කථානායකවරයා මේ වර්තමානයේදී දූෂණ චෝදනා එල්ල වෙලා තිබෙන විශ්වාසභංගය ඉදිරිපත් වෙලා තිබෙන කතානායකවරයා විසින් ම එය සාකච්ඡා කරන්න අවසර දුන්නා. එතකොට නඩු නවයක් තියෙනවා. ඒ් නඩු නවයම විභාගයට භාජය වෙමින් තිබෙනවා. ඒ වෙලාවේ මේ කාරණය අදාළ වෙන්නේ නෑ මේ කථානායකවරයාට. හැබැයි තමන්ගේ කාරණය ඇවිල්ලා තියෙනවා. තමන්ට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ඇවිල්ලා තියෙනකොට මේ සභානායකවරයාත්, ආණ්ඩු පක්ෂ ප්රධාන සංවිධායකවරයා ඇතුළු මේ පක්ෂ නායකයින්ගෙ රැස්වීමෙ ඉන්න පිරිස එකතු වෙලා මේක දැන් පැත්තකට විසි කරලා තියෙනවා. මේක පැත්තකට විසි කරන්න බෑ. මොකද හේතුව, අඩුම තරමේ දේශබන්දු තෙන්නකෝන් මහතාට විරුද්ධව විශ්වාසභංගය ගෙන ආ වෙලාවෙවත් තිබුණ තත්ත්වයක් නෙවෙයි අධිකරණය තුළ දැන් තියෙන්නේ. කථානායකවරයාට විරුද්ධව කිසිම ආකාරයක නඩුවක් විනිශ්චයට භාජනය වෙමින් තිබෙන කාරණයක් නෙවෙයි දැන් තියෙන්නේ. ඉතින් ඒ නිසා මේක ගන්න පුළුවන් කිසිම ගැටලුවක් නැතුව. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා බයේ හැංගිලා ඉන්නෙ නැතුව, තමන්ගේ දූෂිතයන් ආරක්ෂා කරන්න නැතුව, අපි අතිගරු ජනාධිපතිතුමාට කියන්න කැමතියි, ඔබතුමා බොහොම පැහැදිලිව කිව්වා නීතියට ඉහළින් කවුරුත් නැහැ කියලා. දැන් කථානායකවරයා නීතියට ඉහළින් ඉන්න තත්ත්වයක් තමයි අපිට පේන්නේ. මොකද හේතුව, කථානායකවරයාට තියෙන දූෂණ චෝදනා වලදී ඔහු ඇත්තටම ඉවත් විය යුතුයි හරිනම්. ඔහුට මේවා කරන්න බෑ. දෙවන කාරණය තමයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම් සභාව පනත් කෙටුම්පතක් ගෙනාවා. ඒ පනත් කෙටුම්පත අත්සන් කරන්න කිසිම බලයක් කථානායකවරයාට නෑ. මොකද ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 79 වගන්තිය යටතේ ඔහු කථානායකවරයාට මේක අත්සන් තැබිය යුතුයි. හැබැයි ඔහුට විරුද්ධව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ පරීක්ෂණයක් යනකොට, ඒ බොහොම පැහැදිලිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා පනතේ 107 වගන්තිය යටතේ සම්පූර්ණයෙන්ම පටහැනියි. මොකද හේතුව, ඒකේ තියෙනවා බොහොම පැහැදිලිව conflict of interest. ඒ කියන්නේ බැඳියාවන් පිළිබඳ ගැටුමක් තියෙනවා. ඔහුට ඒක කරන්න බැහැ. ඒ නිසා, හැබැයි ඒවත් පැත්තකට විසි කරලා ඔහු අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිෂන් සභා නීතියත් අභිබවල තමයි කථානායකවරයා මේක අත්සන් කරනවා. අපි බලාපොරොත්තු වෙනවා ඔහුට විරුද්ධව අනාගතයේ අවශ්ය කරන කටයුතු ටික කරන්න. කවදා හරි ඔය පුටුවේ ඔහු සදාකාලිකව ඉන්නේ නැහැ. ඔහුට විරුද්ධව අපි අනිවාර්යයෙන්ම ඒ තීන්දු ටික ගන්නවාමයි.
මොකද හේතුව, දූෂිතයන් ආරක්ෂා නොකරන ආණ්ඩුවක්, නීතියට ඉහළින් කවුරුත් නැහැ කියලා කියන ආණ්ඩුවක් ගැන විශ්වාසයක් තියෙනවා නම් මේ රටේ මිනිසුන්ට දැන් මේ පාර්ලිමේන්තුවේ පළවෙනි පුටුවේ ඉන්නවා, 225 දෙනෙක් අතරින් කථානායකතුමා කියලා කථා කරන්න පුළුවන් කෙනෙක්ට විශාල දූෂණ චෝදනා ප්රමාණයක් එල්ල වෙලා තියෙනවා. ඒ දූෂණ චෝදනා විභාග කරන්නේ නැතුව, ඒවා ගැන කථා කරන්න පාර්ලිමේන්තුවට ඉඩ දෙන්නේ නැතුව, ඒවා පැත්තකට විසි කරලා කථානායකවරයාගේ ඒ දූෂිත තත්ත්වය බේරා ගැනීමේ වැඩපිළිවෙළක් ආණ්ඩුව ක්රියාත්මක කරනවා. අපි ඉල්ලන්න කැමතියි, කරුණාකර මේ දක්වපු කරුණු දෙක මත පැහැදිලිව මේ විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්න පුළුවන්. ඒ නිසා එයට අවශ්ය කරන කටයුතු ටික කරන්න කියලා. මොකද හේතුව, මේ විශ්වාසභංගය දින නියමයක් නැතුව කල් දාන වැඩේ වෙන මෙකක්වත් හින්ද නෙමෙයි විශේෂයෙන් ඊළඟට එනවා ලබන සතියෙන් පස්සේ අයවැය. අයවැය මාසයක් තියෙනවා. එතකොට ඒ අයවැය මාසයෙන් පස්සේ ඊළඟ අවුරුද්දේ තමයි මේ විශ්වාසභංගය ගෙන ඒමට සිදුවෙන්නේ. එතකොට විශ්වාසභංගය සම්බන්ධව ඒ වෙනකල් කාලය ඇදගෙන යන්නයි මේ කරන්නේ. මොකද හේතුව, ඒ වෙනකොට ඇත්ත වශයෙන්ම මේ නඩු කටයුතු ආරම්භ වෙනවා. එතකොට මේක ගැන කථා කරන්න බැරුව යනව. ඒ නිසා තමයි මේ විශ්වාසභංගය මඟහැරලා ආණ්ඩුව මේකෙන් පැනලා ගිහිල්ලා මේ කථානායකවරයා දූෂිතයෙක් විදිහට ආරක්ෂා කරමින් ඉන්න තැනකට මේක තල්ලු වෙලා තිබෙන්නේ. ඒ නිසා මම කියන්න කැමතියි, ඔහුට විරුද්ධව තිබෙන චෝදනා සාකච්ඡා කරන්න අපිට මේ අවස්ථාව ලබා දෙන්න. අපි ඔප්පු කරලා පෙන්වන්නම් කොයි තරම් වැරදි විදිහට ඔහු කථානායක පුටුවේ මේ තනතුර හොබවල තියෙනවද කියන එක අපි ඔප්පු කරලා පෙන්වන්නම්. ඒ නිසා ඒකට අවශ්ය කරන විශ්වාසභංගය වහාම ලබන සතියේ විවාදයට අරගෙන, සාකච්ඡාව පටන් ගන්න කියලා අපි ඉල්ලා සිටිනවා.
අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා, විශේෂයෙන්ම මේ ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේගේ සිවුර බලහත්කාරයෙන් ඉවත් කිරීමට එරෙහිව පාගමනක් ගියා නුවර ඉඳලා කොළඹට එනකල්. ඊට පස්සේ උන්වහන්සේලා විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ කාර්යාලය ඉදිරිපිට උපවාසයක් පටන් ගත්තා. ඉතාම සාමකාමී උද්ඝෝෂණයක් පටන් ගත්තා. එතැනින් ඒ ඔක්කොම කඩලා දාලා උන්වහන්සේලා ඉවත් කළා. එතැනින් පස්සේ උන්වහන්සේලා අද ඇවිල්ලා ඉන්නවා විශේෂයෙන්ම විහාරමහා දේවී උද්යානයේ තිබෙන බුදුරාජයාණන් වහන්සේගේ පිළිරුව ඉදිරිපිට උන්වහන්සේලා දැන් සත්යග්රහයක් ක්රියාත්මක කරමින් ඉන්නවා. දැන් මේ සත්යග්රහයට විරුද්ධව ආණ්ඩුව පොලිසිය දාලා අධිකරණයෙන් තීන්දුවක් අරගත්තා ඔවුන් ඉවත් කරන්න. නමුත් ඊට පස්සේ එයින් නැගිටින්නේ නැති තත්ත්වයක් තුළ නැවත ඔවුන් නීතිපති දෙපාර්තමේන්තුව හරහා මේ අයව අත්අඩංගුවට ගැනීමට සහ ඉවත් කිරීමට තීන්දුවක් ඉල්ලා සිටියා. ගරු මහේස්ත්රාත්තුමා ඒකට විරුද්ධව කිව්වා මේක දෙන්න විදිහක් නැහැ කියලා. ඒ අනුව දැන් ස්වාමීන් වහන්සේලා මේ සම්බන්ධව තවදුරටත් මේ සත්යග්රහයේ නියැලී ඉන්නවා. දැන් මේ වෙනකොට මේ බුදුරාජයාණන් වහන්සේගේ පිළිරුව අසල මේ සත්යග්රහය කරන ස්වාමීන් වහන්සේලාට, සාමාන්ය ජනතාවට, කොළඹ මහා නගර සභාවේ බදු එකතු කරන්න, එතැන රැඳී ඉන්නවට බදු ලබා ගන්න, දවස් කිහිපයකට කලින් නිවේදනයක් විවෘත කරලා ඒකත් ගිහිල්ලා භාර දුන්නා බදු ගෙවන්න කියලා. දැන් මේ රටේ බුදුරාජයාණන් වහන්සේගේ පිළිරුවක් ළඟ පිරිත් කියන හාමුදුරුන්ගෙනුත් බදු එකතු කරනවා මේ රටේ. මේ ආණ්ඩුව මොන ආණ්ඩුවක්ද කියලා අපිට තේරෙනවා. මොකද, මේක සිංහල බෞද්ධ විරෝධී ආණ්ඩුවක්. බොහොම පැහැදිලි ඒක. ඒකට කරුණු තව රාශියක් මට ඉදිරිපත් කරන්න පුළුවන්. විශේෂයෙන්ම මේ ක්රියාවලිය තුළ අද මේ රටේ බුද්ධ ශාසනයේ පිරිත් කියන්න බැරිවෙලා තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේලා කරන්නේ කඨින චීවර මහන වැඩේ තමයි උන්වහන්සේලා එතැන ඉඳන් කරන්නේ. එතකොට මේ රටේ බුදුරාජයාණන් වහන්සේගේ පිළිරුවක් අසල ඉන්නත් බැහැ, පිළිරුවක් අසල ඉඳලා පිරිත් ටිකක් කියන්නත් බැහැ, බුදුරාජයාණන් වහන්සේගේ පිළිරුවක් අසල ඉඳලා කඨින චීවරයක් හදන්නත් බැහැ. ඔවුන් අත්අඩංගුවට ගන්න කටයුතු කරනවා පොලිසියෙන්. මේ මොන ආණ්ඩුවක්ද මේක? මේක බුද්ධ ශාසනයට විරුද්ධ ආණ්ඩුවක් මේ තියෙන්නේ. ඔවුන් ඒක නැවත නැවත ඔප්පු කරමින් ඉන්නවා. ඒ නිසා දැන් සිදුවෙලා තියෙන්නේ මේකට විරුද්ධව වස් කවි ප්රමාණයක් සමාජගත වෙලා තිබෙනවා මේ වෙනකොට. දැන් ඒ සම්බන්ධව පරීක්ෂණ කරගෙන යනවා ජ්යෙෂ්ඨ නීතීඥ සුදත් වික්රමරත්න මැතිතුමා මේ සම්බන්ධව අදහස් ප්රකාශ කළා පසුගිය සතියේ. ඔහුගේ සේවා දායකයෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා කියලා දෙමටටගොඩ පොලිසිය මේ වස් කවිය ලිවයි කියලා.
ඉතින් දැන් වස් කවි ලියපු මිනිස්සුන්වත් අත්අඩංගුවට ගන්න වැඩපිළිවෙලකට දැන් තල්ලු වෙලා තිබෙනවා. ඉතින් ඊට අමතරව දැන් මේ වස් කවිත් එක්ක විශාල වශයෙන් මෙච්චර කාලයක් බුදු පිළිම වන්දනාව ඒපා කියපු බිමල් රත්නායක, ඒ වගේම මේ ආණ්ඩුවේ මැති ඇමතිවරු ඒවා ගෝත්රිකයි කියලා කියපු කට්ටිය දැන් ස්වාමින් වහන්සේලා පිටුපස යනවා උදේ ඉඳන් රෑ වෙනකන්.
දැන් නිවේදනයකුත් කරලා තියෙනවා ඔවුන්ට ආසන සංවිධායකවරුන්ට සියලුම විහාරස්ථාන වඳින්න කියලා. මොකද මේ විහාරස්ථානවලදී ස්වාමින් වහන්සේලා විශාල විරෝධයක් දක්වනවා මේ ක්රියාවලිය සම්බන්ධව, විශේෂයෙන් ඥානසාර ස්වාමින් වහන්සේගේ ඒ සිවුර ඉවත් කිරීම සම්බන්ධව
ඒ නිසා දැන් ජනතා විමුක්ති පෙරමුණේ ආසන සංවිධායකවරු විහාරස්ථානයකට ගිහිල්ලා හාමුදුරුවෝ එක්ක කතා කරලා, වැඳල කරල එන්න කියල. දැන් ඒර ගොල්ල දන්නව මේ සිංහල බෞද්ධ විරෝධී ආණ්ඩුව මේ රටින් එළවන්න පුළුවන් මූලික කටයුතු කරන්නේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා, අපේ ඒ නායකත්වය විනාශ කිරීමේ ක්රියාවලිය තමයි දැන් ක්රියාත්මක කරන්නේ.
දැන් ඊට අමතරව මේ බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීමේ ආණ්ඩුවේ ක්රියාවලිය මෙන්න මේ විදිහට අතිවිශේෂ ගැසට් පත්රයක් ගහලා තිබෙනවා. ඒ ගැසට් පත්රයේ තිබෙන්නේ විශේෂයෙන් 2026 පෙබරවාරි මස 27 වැනි සිකුරාදා - මේක තිබෙන්නේ අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම ප්රකාශයට පත් කිරීමේ ක්රියාවලිය.
දැන් මේකේදී මේ අනුරාධපුර පූජා භූමි සැලැස්ම යෝජනා ක්රමය කියලා මේ ක්රමය යටතේ ඇත්ත වශයෙන්ම ඔවුන් කරුණු කීපයක් ඉදිරිපත් කරනවා. විශේෂයෙන්ම ඒ කරුණු තමයි දැනට තිබෙන වර්ග කිලෝමීටර් 27ක භූමිය පුළුල් කරන්නේ... ඒ කියන්නේ 37 දක්වා වැඩි කරන්න. ඒකේදී විශේෂයෙන්ම අධි සංවේදී කලාපය කියලා එකක් තියෙනවා. ඊළඟට සංවේදී කලාපය කියලා තව එකක් තියෙනවා. ඊළඟට තව එකක් තියෙනවා - කිලෝමීටර් 37ක් සීමාවේ ඒක යටතේ එන්නේ පොදු පහසුකම් සම්බන්ධව තිබෙන පොදු පහසුකම් කලාපය කියලා කලාපයක් ඇතුළත් වෙලා තිබෙනවා
ඇත්ත වශයෙන්ම කරන්න හදන්නේ එක ක්රියාවලියක් විදියට අධි සංවේදී කලාපයක් කියල කොටසක් හදනව ඊට පස්සේ තව කොටසක් හදනවා සංවේදී කලාපයක් කියලා. ඊට පස්සේ හදනවා පොදු පහසුකම් කියලා කලාපයක්. මේක සම්පූර්ණයෙන් ම කඩන්න හදන්නේ. එතකොට මේකෙන් මොකක්ද මේ කරන්න හදන්නේ?
විශේෂයෙන්ම මේකේ දාලා තියෙනවා මේ පොදු පහසුකම් කිරීමේ ක්රියාවලිය යටතේ 7ඒ් වැනි පිටුවේ තියෙනවා රුවන්වැලිසෑය වටා ආරක්ෂිත වැටක් ඉදි කිරීම. මම දන්නේ නැහැ කොහොමද ඒක ඉදිකරන්නේ කියලා. මොකද හේතුව දැනටමත් එහෙම එකක් හදලා නැහැ. රුවන්වැලිසෑය වටේ ආරක්ෂිත වැටක් හදන්න මේ ගැසට් පත්රයෙන් දාලා තියෙනවා මේකේ ක්රියාත්මක කරනවා කියලා.
මම දැක්ක ඒ්කෙ දාලා තියෙනවා රුවන්වැලිසෑය නටඹුන් කියල. රුවන්වැලි සෑය නටඹුන් නෙමෙයි. රුවන්වැලිසෑය කියන්නේ සිද්ධස්ථානය අපේ බුදුරජාණන් වහන්සේගේ ද්රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් කරල තියෙන. මේවා ක්රියාත්මක කරන්න හදන්නෙ මොන කාරණයක් ඉටු කරන ගන්නද කියන කාරණය අපිට බොහොම පැහැදීලිව අහන්න තියෙනවා. මේකෙ තියෙනවා තියෙන සියල්ලම ඉවත් කිරීම කියල
විශාල ප්රමාණයක විදිහට අපිට ගත්තොත් ඒ වගේම ජේතවනාමාරාමය ආශ්රිත හින්දු කෝවිල්, කෝවිල් දෙකක් තිබෙනවා ඒ කාලේ පරණ තිබුණු කෝවිල්. ඒවායේ නටබුන් දැන් තියෙන්නෙ. දැන් ඒවායේ යම් පූජාවන් කරනවා එතන. අභයාරාමය ගාවත් ඒ වගේම ජේතවනාමාරාමයේ අසලත් අභය වැව ළඟ. මේ ස්ථාන දෙක අපට විශේෂයෙන් ම කියන්න ඔනෙ ඉන්දියානු රජයෙන් රුපියල් බිලියන 7 ක් ඒ කායන්නේ කෝටි 700 ක් මේ අනුරාධපුර පූජා භූමියේ සංවර්ධන ව්යාපෘතියට වෙන් කරල තියෙනව කියල අපිට දැනගන්න ලැබුණා. දැන් අපිට මෙතන තියෙන ප්රධාන ප්රශ්නය තමයි.
අපේ රටට ආවා හින්දු පූජකවරයෙක්. එතුමා පිළිගත්තේ විදේශ කටයුතු අමාත්ය විජිත හේරත් මහතා සහ නියෝජ්ය අමත්යවරයා. විශාල ආරක්ෂාවක් දාලා එතුමා අරගෙන ගියා හැම තැනම ලංකාවේ රාමා කෝවිල් පිළිබඳව සංචාරයක් අරගෙන ගියා සංචාරක කර්මාන්තය දියුණු කරන්න විශේෂයෙන් සංචාරක ව්යාප්තියක් විදිහට. ඉතින් අපි අන්න කැමතියි ආධාරවලට. දැන් මේ රුපියල් බිලියන හත පාවිච්චි කරනවද මේ අනුරාධපුරයේ තිබෙන මේ නටබුන් වෙච්ච කෝවිල් ඉදි කරන්න? අපිට අහන්න තියෙන්නෙ අන්න ඒ්කයි. මොකද හේතුව මේකේ අර විශාල අර්බුදයක් දැන් ඇති වෙලා තියෙනවා නායක ස්වාමින් වහන්සේලට අටමස්ථානේ උන් වහන්සේලා කිහිප නමක් මම හමු වුණා. උන්වහන්සේලාට විශාල බියල්ඇති වෙලා තියෙන මේ මුදල් ටික පාවිච්චි කරලා ඇත්ත වශයෙන්ම මෙතන කෝවිල් දෙකක් ඉදි කරන්න හදනවද කියන කාරණාව. මේක සිංහල බෞද්ධයන්ට විශාල අර්බුදයක්. මොකද අපි කිසි වෙලාවක වෙනත් ආගම්වලට පහර දෙන, ඒවා විනාශ කරන, ජාතිවාදය අපි ප්රතික්ෂේප කරනවා. ඒ වගේම අපි දන්නව උතුරු නැගෙනහිර විශාල පුරාවස්තු ප්රමාණයක් තිබෙනවා දැන් ඒක ගැසට් කරන්නත් ආණ්ඩුව පමා කරමින් ඉන්නේ.
මේ ක්රියාමාර්ගය තුළ මේ ගැසට් පත්රයක් එක්ක විශේෂයෙන් අපිට දකින්න ලැබෙනවා රාමභූමියක් ඉදි උත්සාහයක් කරනවා ය කියන කාරණය. ඒ වගේම සංඝමිත්තා මාවතත්, අනුලා මාවතත් ප්රදේශයන්හි පදිංචිකරුවන් ඉවත් කරන්න කටයුතු කරනවයි කියන එක පැහැදිලිවම සටහන් කරල තිබෙනවා. ඒ වගේම වෙහෙර විහාරස්ථාන හැර පාර ආශ්රිත බුද්ධ ප්රතිමා ප්රදර්ශනයට තහංචි පනවන්න වැඩපිළිවෙළක් තියෙනවා ද කියන කාරණයත් අපි මෙතැනදී මතු කරනවා. මොකද හේතුව, මේ සංරක්ෂණය මුවාවෙන් මේ ගැසට් පත්රය දැක්කයින් පස්සේ අපිට හිතෙන්නේ මේක ඕනෑම දෙයක් කරන්න පුළුවන් තැනට මේක තල්ලු වෙලා තියෙන්නේ. ගැසට් පත්රයේ තිබෙන දේවල් කඩකිරීම තුළ, විශේෂයෙන්ම ගහන්නෙ මේ බුද්ධ ප්රතිමා වන්දනාව ගෝත්රිකයි කියලා කියපු, බිමල් නිරෝෂන් නොහොත් බිමල් රත්නායක අමාත්යවරයා. ඒක තමයි අපිට තියෙන තවත් ගැටලුව
ඉතින් ඒ නිසා මේකත් විශාල අර්බුධයක් බවට පත්වෙමින් තිබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ගුලාම්කුලම හෙවත් ජයබා වැව ආශ්රිත වැවේ අක්කර 200ක විතර ආශ්රිත ප්රමාණයක නැවත නීති විරෝධී ලෙස බෙදා දීමේ ක්රියාවලියක් ගැනත් දැන් සාකච්ඡාවෙමින් තියෙනවා. මේකත් විශාල අර්බුධයක් බවට අනාගතයේ පත්වේවි කියලා මම විශ්වාස කරනවා.
ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා, මේ ගැසට් පත්රය ගහලා මොකක්ද මේ ආණ්ඩුව කරන්න හදන්නේ? මේ, රුවන්වැලිසෑය අවට විශේෂයෙන්ම අපේ අටමස්ථානයට කරන්න හදන ක්රියාමාර්ගය ගැන කිසිම සාකච්ඡාවක්, විශේෂයෙන්ම පාර්ලිමේන්තු ඇතුළෙවත් විශේෂයෙන්ම ඒ අනුරාධපුර දිස්ත්රික්කය තුළ ඉන්න ජනතා නියෝජිතයින්ගෙන්වත් සාකච්ඡා කරලා නෙමෙයි මේ ක්රියාවලිය ඉදිරියට ගෙනි යන්නෙ.
මේ සම්බ්නධයෙන් පුළුල් සාකච්ඡාවක් කරන්න කියන ඉල්ලීම අපි ඉදිරිපත් කරනව විශේෂයෙන් ම පාර්ලිමේන්තුව තුළ මේ පිළිබඳව සාකච්ඡාවක් කරයි කියල අපි විශ්වාස කරනව.
ඒ වගේම විශේෂයෙන්ම අනෙක් කාරණය තමයි, 1940 අංක 9 දරන පුරාවස්තු ආඥා පනත සංශෝධනය කිරීමේ ක්රියාවලිය දැන් ක්රියාත්මක කරගෙන යනවා. විශේෂයෙන්ම ඒකට ඉදිරිපත් කරලා තිබුණ ජාතික උරුම ප්රතිපත්තිය තමයි දැන් මේකේ ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ අනුව පුරාවස්තු ආඥාපනත සංශෝධනය කරලා, ඒ වෙනුවට 'ජාතික උරුම ප්රතිපත්තිය' කියලා අලුත් වැඩපිලිවෙලක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා මේකේ දාලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම පුරාවිද්යා දෙපාර්තමේන්තුව වෙනුවට 'ජාතික උරුම නියෝජිත ආයතනය' කියලා නව ආයතනයක් ස්ථාපිත කරන්න බලාපොරොත්තු වෙනවා.
ඉතින් මේව හදිස්සියේ හදිස්සියේ මේවා කරන්න හදනවා. අපි දන්නවා විහාර දේවාලගම් පනත වෙනස් කරන්න හදනවා. ඒ වගේ තිබෙන අපේ ස්වාමීන් වහන්සේලාට රජකාලේ දුන්න සන්නස්වලින් දුන්න ඉඩම් ටික ඒගොල්ලන්ගේ හෙන්චයියන්ට බෙදා දෙන්න හදනවා. මේ වගේ ක්රියාවලියක් දැන් ක්රියාත්මක වෙනවා. විශේෂයෙන්ම අපි බොහොම පැහැදිලිවම මේ රටේ සෑම ආගමකටම, සෑම ලබ්ධියකටම, ඒ වගේම සෑම ජාතියකටම ආදරය කරන සහ ඔවුන්ට නිදහසේ ජීවත් වෙන්න ඕනේ කියලා හිතන පිරිසක්. ඒ නිසා මේ ක්රියාවලිය තුළ කිසියම් විදිහට සිංහල බෞද්ධයන්ට ඒක කියන ගමන්, සිංහල බෞද්ධයන්ව විනාශ කිරීමේ ක්රියාවලියක් කරන්න වැඩපිළිවෙළක් සකස් කරනවා ද කියන කාරණය අපි පේනව.
විශේෂයෙන්ම උතුරු නැගෙනහිර පළාත්වල දැනට හඳුනාගෙන තියෙනව විශාල පුරාවස්තු ප්රමාණයක් ඒ්ක ගැසට් කිරීමට ආණ්ඩුව ප්රමාද කරනවා. හැබැයි ඒක එක පැත්තකින් තියලා, මේ රුවන්වැලිසෑය සහ අටමස්ථානයත් එක්ක තිබෙන මේ අනුරාධපුරයට ගැසට් එකක් ගහලා ඒක යම්කිසි විදියකට සීමා කරන වැඩපිළිවෙළක් ක්රියාත්මක කරනවාද කියන කාරණය මේ වෙද්දී අපිට පෙනී යන නිසා, මේ සම්බන්ධව පුළුල් සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේදී සිදුවිය යුතුයි කියන කාරණය අපි මෙතැනදි මතක් කරන්න කැමතියි.
ඒ් වගේම මේ ආණ්ඩුව පනත් විශාල සංඛ්යාවක් ගේනව. එක පනතක් තව පනතකට ගැටීම් සහිතයි. දැන් උදාහරණයක් විදිහට ලංකාවේ තිබෙනවා අපරාධ සම්බන්ධයෙන් ගත්තයින් පස්සේ අපරාධ නඩු විධිවිධාන සංග්රහය (Criminal Procedure Code එක). මේකේ තියෙනවා සියලුම අපරාධ මේකට ඇතුළත් වෙනවා. එතකොට දැන් ඒක තියෙද්දී, සංවිධානාත්මක අපරාධ පනත කියලා තව පනතක් ගේනව. ඊළඟට ත්රස්තවාදයෙන් රට ආරක්ෂා කර ගැනීමට තව පනතක් ගේනව. ඊළඟට මූල්ය අපරාධ හෝ දූෂණ විරෝධී පනත ගේනව. මේ වගේ පනත් ඔක්කොගෙන්ම තියෙන්නේ ඇත්ත වශයෙන්ම මේ රටේ සියලුම අයිතිවාසිකම් සීමා කරලා එක පනතකින් තව පනතක් බලාත්මක වෙනවා. තව පනතකින් තව පනතක් අතර ගැටීමක් ඇති කරනව. ඒතකොට ලංකාවේ ප්රධාන නීථිය බවට පත් වෙලා තිබුණ අපරධ නීතිය පිළිබඳව තිබුණ Criminal Procedure Code එකේ තියෙන කාරණා ඇප පනතේ තියෙන කාරණා මේවා එකින් එකට වෙනස්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත්, මූලික වශයෙන් අපි දන්නවා සාමාන්යයෙන් පැය 24ක් ඇතුළත පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්නවා නම් ඔහු උසාවියට ඉදිරිපත් කිරීමේ ක්රියාවලිය ඉස්සර තිබුණා. ඒක තමයි අපේ සාමාන්ය නීතිය. නමුත් දැන් ඊළඟට ආපු ත්රස්තවාදය වැළැක්වීමේ පනතේ තියෙනවා පැය 48ක් තියාගන්න පුළුවන් කියලා. දැන් මේ සංවිධානාත්මක අපරාධ වැලැක්වීමේ පනතින් දින 3 ක් පැය 72 ක් පුළුවන් ඒ වගේම පැය 72 න් පස්සෙ අමාත්යාංශ ලේකම්වරයාට පුළුවන් මාස දෙකෙන් දෙකට අවුරුද්දක් දක්වා උසාවියට ඉදිරිපත් කරන්නේ නැතිව තියා ගන්න. මේ මොකක්ද කරන්නේ. ලංකාවේ අපේ ගරු මහේස්ත්රාත්තුමන්ලාට තිබුණු බලය සම්පූර්ණයෙන් ඔවුන්ගෙන් ඉවත් කරල තියෙනවා. ඇප ලබා දීමේ බලය. දැන් උදාහරණයක් ගත්තොත් අල්ලස් හෝ දූෂණ පනතේ තිබෙනවා 149 වගන්තිය යටතේ; අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජෙනරාල් සෑහීමකට පත්වෙන්න පුළුවන් නම් මෙතන වරදක් සිදුවෙලා තියෙනවා කියලා, නඩුව අසා අවසන් වනතුරු ඔහුව රඳවා තබා ගන්න පුළුවන් කියලා සිරගත කරන්න. විශේෂය හේතු මත පමණයි මහේස්ත්රාත්වරයෙකුට ඇප දෙන්න පුළුවන්. දැන් නාමල් රාජපක්ෂ මහත්තයාත් ඉන්නේ ඒ 149 යටතේ. එතකොට චාමර සම්පත් මහත්තයාත් මේ විදිහට රඳවා තබා ගෙන ඉන්නව. මේ විදිහට ගත්තහම කීප දෙනෙක් මේ විදිහට තියාගෙන ඉන්නවා මේ අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ 149 වගන්තිය යටතේ තිබෙන බලයන් යටතේ. එතකොට මහේස්ත්රාත්ට බලයක් නැහැ ඇප දෙන්න.
එතකොට මේ ඇප පනත සම්පූර්ණයෙන් අද විනාශ කරලා තියෙනවා. එතකොට දැන් ඊට අමතරව දැන් මොනවාද කරන්න හදන්නේ මේ පනත් ටික ඔක්කොම ගෙනල්ලා, පැය 24ක් ඇතුළත පුද්ගලයා උසාවියට ඉදිරිපත් කරනවා කියන එක වෙනුවට පැය 48ක් තියාගන්න පුළුවන් මේ පනතනේ දින තුනක් තියා ගගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, ඊළඟට මාස දෙකෙන් දෙකට අමාත්යාංශ ලේකම්වරයාට පුළුවන් ඒ පුද්ගලයා අත්අඩංගුවේ තබාගෙන, නඩු දාන්නැතිව තියාගෙන ප්රශ්න කරන්න.
ඒ එක කාරණයක්. දෙවන කාරණය මේ පනතේ තියෙනවා පොලිසියට කරන පාපොච්චාරණය ගැන. පුද්ගලයෙක්ව මාස ගානක් තියාගෙන ඔහුට පහරදීල සංවිධානාත්මක අපරාධ කල්ලියක පුද්ගලයෙක් කියල සැකපිට කවුරුහරි ගත්තයි කියන්නකො. ඔහුට පහරදීල පහරදීල ඔහුගෙන් කටඋත්තරයක් ගන්නව ඒක පොලිසිය කරන පාපොච්චාරණයක් විදිහට ඉදිරිපත් කරනවා. එතකොට ඔහු අපරාධයක් පිළිගත්ත කියල කියන්න පුළුවන්. මොකද ඔහුට ගහන හින්දා, ඔහුට වද දෙන හින්දා මේ ක්රියාවලිය ඉදිරියට ක්රියාත්මක කරනවා. ඒ නිසා ඔහු බයෙන් කියනවා ඔහු අදාළ අපරාධයට සම්බන්ධයි කියලා. ඊට පස්සේ ඔහුව අරන් ගිහිල්ලා උසාවියට දානවා. දැන් මේ විදිහට මේ පනතෙන් බලය දීල තියෙනවා. නැත්නම් මේ ක්රියාවලිය තුළ විශාල අර්බුධයක් තියෙනවා.
ඊළඟට තිබෙනවා මේකෙ ඇඳුම් විලාසිතා, හස්ත මුද්රා, භාෂාව හෝ පච්ච සටහන්. ඒ තැනැත්තා විසින් භාවිතා කරන්නේ ද යන වග. දැන් කවුරුහරි පුද්ගලයෙක් පච්චයක් කොටලා තියෙනවා නම්, දැන් එදා අපි මේක ප්රශ්න කරපුවාම අධිකරණ ඇමතිතුමා කිව්වා පච්චයක් කොටලා තිබුණට ප්රශ්නයක් නැහැ, එහෙම අත්අඩංගුවට ගන්නේ නැහැ' කියලා. හැබැයි පොලිසිය හිතනවා නම්, කිසියම් පච්චයක් අම්මා බුදුවේවා කියල ගහන්න ඉන්න පුද්ගලයෙක් කිසියම් අපරාධ කණ්ඩායමකට සම්බන්ධයි කියලා පොලිසිය විශ්වාස කරනවා නම් ඔවුන් මේ පුද්ගලයා අත්අඩංගුවට ගන්නවා.
ඒ කියන්නේ, උදාහරණයක් ලෙස 'අම්මා බුදු වේවා' කියලා පච්චයක් ගහල තියෙන කල්ලියක් ඉන්නව ඒ කල්ලිය ඉන්න හැම එකෙනාගේම පපුවේ අම්මා බදු වේවා කියලා පපුවේ කොටාගෙන ඉන්න අය ඔක්කොම අත්අඩංගුවට අරගෙන පරීක්ෂණ කරනවා. හැබැයි අත්අඩංගුවට අරගෙන පරීක්ෂණ කරනකොට මාස ගණනක් යනවා. 'අම්මා පුතු වේවා' කියලා පපුවේ ගහගෙන හිටපුවහම ඔහු අත්අඩංගුවට අරගෙන අවුරුද්දක් වුණත් තියාගන්න පුළුවන් මේ පනත යටතේ. මොකක්ද මේක?
අලුතෙන් පච්චයක් ගහන එක නෙමෙයි. පච්ච ගහල තියෙන අය දැන් අපි දන්නව මේ ජාතික ජන බලවේගයෙ ඉන්නව පච්ච කොටපු මන්ත්රීවරු සමහර අය ඉන්නවා පච්ච කොටාපු අය.. එතකොට මේ අයට දැන් මොකද වෙලා තියෙන්නෙ. එතකොට අනාගතයේ පච්ච කෙටීමක් ගැන නෙමෙයි මේ කතා කරන්නෙ. ඒ් නිසා මේ පනත් මේව කෙලින්ම පිටරටවල තියෙන පනත් කොපි-කැට් කරලා තමයි මේ හදල තියෙන්නෙ. මම අහන්න කැමතියි අධිකරණ ඇමතිවරයාගෙන් මේ පනත හදන්න ඔබතුමා දායකත්වයක් දැක්වුවාද? මේ පනත හදන්න අධිකරණ අමාත්යාංශය දායකත්වයක් දැක්වුවා ද ?
මේ පනත හදන්න පත් කරපු කමිටුවේ නම් ටික අපිට කියන්න. කවුද මේක නිර්මාණය කළේ? මොකද හේතුව, මේක කරන්නේ ආණ්ඩුවට ඕන විදිහට ආණ්ඩුවේ තුන හතර දෙනෙක් එකතු වෙලා හදපු පනත් තමයි මේ තියෙන්නේ. ඒ නිසා මේව ඇතුලේ විශාල අර්බුධ ගණනාවක් මතුවෙලා තියෙනවා. හැම දේම පිළිබඳව මම මතු කළා.
ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තොත්...
මේකේ පැහැදිලිව තිබෙනවා, මේ 58 වෙනි වගන්තියේ බරපතල අපරාධයක් සඳහා යම්කිසි අධිකරණයකින් දණ්ඩනයක් නියම කර ඇති අවස්ථාවක ආණ්ඩුක්රම ව්යවස්ථාවේ විධි විධානයනට යටත්ව සහ වෙනත් යම් නීතියකට පටහැනිව කුමක් සඳහන් වුවද, ඒ කියන්නේ ආණ්ඩුක්රම ව්යවස්ථාවේ අපේ නීතිය, ඒ කියන්නේ එක පැත්තකින් අපිට තියෙනවා භාෂණයේ නිදහස, ආගමික නිදහස, ආගමකන් ඇදහීමේ නිදහස. මේ සියල්ල මොනවා වුණත් ඒවා යටපත් වෙලා, ඒ තැනැත්තා කලින් නිදහස් කිරීමේ යම් වැඩපිළිවෙළක් යටතේ නිදහස් කිරීම සඳහා සලකා බැලීමට යෝග්ය නොවිය යුතුයි. ඒ කියන්නේ නිදහස් කරන්න බෑ කියල මේ පනතේ තියෙන්නෙ. මේක සම්පූර්ණයෙන් විශාල අර්බුධයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම තව කරුණු ගණනාවක් තියෙනවා.
මේකෙත් තිබෙනවා නඩු විභාගය අවසන් වන තෙක් රඳවා තබා ගැනීම, 27 වෙනි වගන්තිය. ඒ වගේම රඳවා තබා ගැනීමේ කාලසීමාව දීර්ඝ කිරීම සම්බන්ධව තිබෙනවා. මේ තුන්වෙනි උප වගන්තියේ තිබෙන කාරණා. එතකොට මේ විදිහට ගත්තට පස්සේ, විශේෂයෙන්ම මේ රට දැන් විවිධ පනත් ගෙනල්ලා මේ අය මොකද කරන්නේ? විවිධ පනත් ගෙනල්ලා අවසානයේ කරන්නේ මේ රටම සම්පූර්ණයෙන් එළිමහන් සිර කඳවුරක් බවට පත් කරනවා. මේ රට අද ඒළිමහන් සිර කඳවුරක්. මොකද හේතුව මේ වගේ පනත් ගෙනල්ල මේ හැම මිනිහෙක්ගෙම නිදහස අහිමි කිරීමේ ක්රියාවලියක් මේ යන්නේ.
දැන් අද සාමාන්යයෙන් අපි ඉස්සර ඔබට මතක ඇති, මම හිතන්නේ 1931 ගෙනාපු ඩොනමෝර් ආණ්ඩුක්රමය යටතේ අපට ලැබුණ විශාල නිදහසක් තමයි, කිසිදු පුද්ගලයෙක්ගේ සාක්ෂියකින් තොරව කෙනෙකුට නඩු පවරන්න බැහැ කියන එක. හැබැයි දැන් මොකද වෙලා තියෙනවාද? දැන් සාක්ෂි ඕන නැහැ; කෙළින්ම කවුරුහරි කියනවා නම් 'මෙයා මගේ සල්ලි වගයක් ගත්ත කියල, ඔහුව අරගෙන ගිහින් අත්අඩංගුවට ගන්නවා. ඊට පස්සේ උසාවියට දානවා; උසාවියෙ ඇප දෙන්නත් බෑ. මොද මහේස්ත්රාත්තුමට ඇප දෙන බලය අහිම කරල තියෙනවා.
ඉතින් මෙන්න මේ විදිහට ගියාට පස්සේ, තව ටිකක් කල් යනකොට අනාගතයේ හැම ගෙදරකම සීසීටීවී (CCTV) කැමරා සවි කරයි. ඊළඟට ඒ සීසීටීවී කැමරා වලින් බලන්න අයිතියක් තියෙනවා පොලිසියට.එහෙමෙත් නීතයක් ගෙනයි. ඊට පස්සේ අපි කොටු වෙච්ච මේ දූපතක්, අපව කෙලින්ම කොටු කරලා අර මම කිව්වා වගේ ඕපන් ප්රිසන් (Open Prison) එකක් බවට පත් කරනවා. නැත්නම් එළිමහන් සිරකඳවුරක් බවට මේ රට පත් කරන ක්රියාවලියක් තමයි මේ ක්රියාත්මක කරන්න හදන්නේ
Allegations Arise Over Government Plans for Anuradhapura Sacred Site
In a striking revelation, Parliament member Dayasiri Jayasekara has raised serious concerns regarding proposed developments at the historic Ruwanweli Maha Seya in Anuradhapura. He claims that the current government is planning to construct a protective wall around the sacred site and use Indian government assistance to build a Hindu temple, allegedly evoking strong opposition from Buddhist communities.
During a special press conference held in Colombo, Jayasekara disclosed that these initiatives were being pushed through an extraordinary gazette notification, which had been covertly issued without consultation from the eight custodians of the sacred site or local representatives.
Discussing broader issues within Parliament, Jayasekara emphasized the gravity of the ongoing discussions surrounding the proposed no-confidence motion against the Speaker. He highlighted that the Speaker currently faces over fifty allegations, marking this as the third time in Sri Lankan history that such serious charges have been raised against a Speaker. Previously, similar instances involved prominent figures such as Mahinda Yapa Abeywardena and Chamal Rajapaksa.
Despite these weighty allegations, Jayasekara criticized the delays by the current government in addressing the no-confidence motion. He pointed out that the government entered power with a clear mandate to tackle corruption, yet it has thus far been unwilling to confront the significant allegations against the Speaker with urgency.
Adding to the urgency of the matter, Jayasekara shared that an ongoing investigation—under case number AC/0356/2026/B/206—within the Commission to Investigate Allegations of Bribery or Corruption is crucial as it relates to the Speaker, which he believes should not be postponed in light of appearing before Parliament.
Furthermore, Jayasekara criticized a proposed amendment seeking to pacify the motion's progress, arguing against the notion of sub judice harming the parliamentary debate over the no-confidence motion. He clarified that current investigations should not impede discussions, especially given the overarching issues surrounding leadership integrity.
In a related development, Jayasekara has also voiced his outrage against the government's alleged actions towards suppressing dissent, particularly as monastic leaders have recently protested against perceived assaults on Buddhist traditions, including an ongoing hunger strike outside the Presidential Office.
Notably, the government has sought court orders to remove the monks, only to have those requests denied by the judiciary, implicitly underscoring a rising tension between the state and religious leadership.
As communities mobilize against what they perceive as an anti-Buddhist government narrative, Jayasekara vehemently expressed the importance of safeguarding the country's spiritual heritage and adhering to democratic processes. He called upon fellow parliamentarians to confront the grievances outlined and bring the no-confidence motion forward for discussion, insisting that the eventual fiscal budget discussion must not delay essential parliamentary accountability and governance.
As developments unfold around these pressing issues, the broader implications for governance and religious freedom in Sri Lanka remain delicate, warranting close attention from all sectors of society.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
