මහරගම අපේක්ෂා රෝහල තුළ ජීවිතාරක්ෂක අත්යවශ්ය පිළිකා ඖෂධ වර්ග දෙකක පවතින දැඩි හිඟය හේතුවෙන් ප්රතිකාර ලබන රෝගීන් අතිශය අසරණ සහ පීඩාකාරී තත්ත්වයකට පත්ව ඇති බව වෛද්ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය අනාවරණය කරයි.
එම සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්ය චමල් සංජීව මහතා පෙන්වා දෙන්නේ ‘IV Atezolizumab 1200 mg’ සහ ‘IV Bevacizumab 500 mg’ යන ප්රතිශක්තිකරණ සහ ඉලක්කගත ප්රතිකාර සඳහා භාවිත කරන විශේෂිත ඖෂධ වර්ග දෙක මෙලෙස රෝහල තුළ සම්පූර්ණයෙන්ම නොමැති තත්ත්වයක් උද්ගතව ඇති බවයි.
මෙම ඖෂධ වර්ගයක එක් මාත්රාවක් පෞද්ගලික අංශයෙන් ලබා ගැනීමට රෝගියෙකුට වරකට රුපියල් ලක්ෂ හයකට (රු. 600,000) ආසන්න අතිවිශාල මුදලක් දැරීමට සිදුවන අතර, එය සාමාන්ය ජනතාවට කිසිසේත්ම දරාගත නොහැකි බරක් බවද හෙතෙම සඳහන් කළේය.
රජයේ රෝහල් පද්ධතිය තුළ නොමැති ඖෂධ හදිසි අවස්ථාවලදී මිලදී ගැනීමට රෝහල් අධ්යක්ෂවරුන්ට බලතල පවරා තිබියදීත්, විශේෂඥ වෛද්යවරුන් නිර්දේශ කරන මෙරට ලියාපදිංචි නොවූ ඖෂධ පවා වෛද්ය සැපයුම් ඒකකය හරහා ගෙන්වා ගැනීමට පැහැදිලි නියාමන ක්රමවේදයක් පවතිද්දීත් මෙවැනි හිඟයක් නිර්මාණය වීම බරපතළ සැකයට තුඩු දෙන්නක් බව විශේෂඥ වෛද්යවරයා පෙන්වා දෙයි.
රෝහලක ඖෂධවේදියා මගින් නිසි ක්රමවේදයට අනුව වෛද්ය සැපයුම් ඒකකය දැනුවත් කළ විට, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඖෂධ හෝ විශේෂ තත්ත්වයන් යටතේ ලබාදෙන තාවකාලික අවසරයන් හරහා රාජ්ය ඖෂධ නීතිගත සංස්ථාව සහ වෛද්ය සැපයුම් ඒකකය මැදිහත්ව අදාළ ඖෂධ කඩිනමින් ආනයනය කිරීමේ හැකියාව පවතී. එසේ තිබියදීත් පිළිකා රෝගීන්ට අත්යවශ්ය මෙම ඖෂධ ගෙන්වීමට නිලධාරීන් පියවර නොගැනීම පිටුපස කිසියම් කූට අරමුණක් තිබේදැයි වහා සොයා බැලිය යුතුව ඇත.
මහරගම පිළිකා රෝහල අවට පිහිටි පෞද්ගලික ඔසුසල්වල ඇතැම් ඖෂධ අධික මිල ගණන් යටතේ අලෙවි වන පසුබිමක, රජයේ රෝහල් තුළ ඖෂධ හිඟ කිරීම හෝ ඒවා මිලදී ගැනීමේ ක්රියාවලිය හිතාමතා ප්රමාද කිරීම බාහිර ඖෂධ ව්යාපාරික කල්ලිවල අවශ්යතාව මත සිදුවන්නේද යන්න පිළිබඳ වහාම විමර්ශනයක් ඇරඹිය යුතු බව වෛද්ය චමල් සංජීව මහතා අවධාරණය කළේය.
රෝහල්වල සේවය කරන ඇතැම් පාර්ශ්ව, ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ වෛද්ය සැපයුම් ඒකකයේ නිලධාරීන්ගේ පවතින අකාර්යක්ෂමතාව හෝ හිතාමතා සිදුකරන පැහැර හැරීම් හේතුවෙන් මෙම ජාවාරමට ඉඩ ලැබෙන්නේ නම්, ඊට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ට එරෙහිව දැඩිව නීතිය ක්රියාත්මක කළ යුතු බව හෙතෙම කියා සිටියේය.
විශේෂිත සහ මාරාන්තික රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් ජනාධිපති අරමුදල මගින්ද මූල්ය ප්රතිපාදන සලසන පසුබිමක, මෙවැනි අත්යවශ්ය ඖෂධ රෝගීන්ට අහිමි වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ සෘජු අවධානය වහා යොමු විය යුතු බවද සංගමය ඉල්ලා සිටියි.
Severe Drug Shortage at Maharagama Hospital Puts Cancer Patients at Risk
The situation at Maharagama Hospital has reached a critical point due to a severe shortage of two essential cancer treatment medications. Medical professionals and civil rights advocates have raised alarm over the distressing conditions faced by patients seeking care in the facility.
Dr. Chamal Sanjeewa, the president of the medical professionals' association, disclosed that the hospital currently lacks two specific immunotherapy and targeted treatment drugs—‘IV Atezolizumab 1200 mg’ and ‘IV Bevacizumab 500 mg’. This absence has led to unbearable circumstances for patients dependent on these vital treatments.
For an individual, acquiring a single dose of these medications from the private sector can cost approximately 600,000 rupees, a financial burden that the average citizen simply cannot afford, he emphasized.
Even though hospital directors are authorized to procure medicines that are not available within the government hospital system during emergencies, the persistent unavailability of these vital drugs raises serious concerns. This points to possible failures in the established procurement processes for drugs recommended by specialists, including those not registered locally.
When the pharmacist alerted the medical supply unit regarding the situation, options were available for the expedited importation of the necessary drugs through temporary permits granted by the National Medicines Regulatory Authority. Despite this, the apparent inaction by officials in securing these essential medications for cancer patients raises suspicions and warrants immediate investigation.
The troubling backdrop of high-priced medication available at private pharmacies near Maharagama further complicates the issue, suggesting that the ongoing drug shortages in government hospitals might be exacerbated by intentional delays in procurement processes, influenced by external pharmaceutical interests. Dr. Sanjeewa stresses the need for urgent scrutiny into these practices.
Concerns have also been voiced regarding the inefficiencies within the National Medicines Regulatory Authority and the medical supply unit, which create opportunities for malpractices. Dr. Sanjeewa insists that stringent legal actions should be taken against any parties involved in such misconduct.
With the backdrop of financial aid being provided by the Presidential Fund for low-income individuals suffering from severe medical conditions, it is imperative that the President’s attention be immediately directed towards addressing the shortage of critical medications affecting patients in dire need.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

කමක් නෑ. භාණ්ඩාගාරය ඕන තරම් සල්ලි තියෙනවනේ
ReplyDeleteNamal athulene , api sathutui
ReplyDeleteරජයේ සේවකයෝ රජයේ මුදල් වියදම් කරලා සිදුකරන සෑම දෙයක්ම කරන්න බයයි. පොඩි වැරැද්දක් සිද්ධ වුණත් අත්අඩංගුවට ගන්නවා කියන අදහස ඔවුන්ගේ හිතේ තියෙනවා.. ඉස්සර බෙහෙත් සහ උපකරණ ඕනෑ තරම් local purchase කරනවා. දැන් ඒක 95% ම අඩුවෙලා. මේ කුණු ආණ්ඩුව මොනවා කරනවාද කියල අපිට තේරෙන්නෙ නෑ.
ReplyDeleteඇමතියට ඔය ගැන බලනවට වඩා තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන් හිරේ දාන්න ට්රයි කරන එක වටිනවා.
ReplyDelete