‘මුදල් ලැබුනා ස්තුතියි..’ - නාමල් ක‍්‍රිෂ් සමාගමට ලිපියක් යවලා..


කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක්ස් චතුරශ්‍රයේ පිහිටි අක්කර 4.3 ක ඉඩම බදු පදනම මත ලබාගැනීමේ කටයුතු කඩිනම් කරදීම වෙනුවෙන් ‘ක්‍රිෂ්’ සමාගම විසින් අල්ලස් වශයෙන් ලබාදුන් බව කියන රුපියල් මිලියන 70 ක මුදල ලැබුණු බව තහවුරු කරමින් නාමල් රාජපක්ෂ මහතා එම සමාගම වෙත ස්තුති ලිපියක් යොමු කර ඇතැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අධිකරණය හමුවේ අනාවරණය කළේය.

මෙම නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මේ බව දැනුම් දෙන ලදී.

එහිදී අල්ලස් කොමිසම අධිකරණයට පෙන්වා දුන්නේ, නිමල් පෙරේරා නමැත්තා සභාපතිත්වය දැරූ ‘සිලෝන් ප්‍රිමියර් ස්පෝර්ට්ස් ලිමිටඩ්’ ක්‍රීඩා සමාජයේ ගිණුමට ක්‍රිෂ් සමාගම මගින් අදාළ මුදල බැර කර ඇති බවත්, පසුව එම මුදල සැකකාර නාමල් රාජපක්ෂ මහතා වෙත ලැබී ඇති බවත්ය.

2012 දෙසැම්බර් මස 15 වැනි දිනැතිව ක්‍රිෂ් සමාගම වෙත ලිපියක් යවමින් නාමල් රාජපක්ෂ මහතා අදාළ මුදල ලැබුණු බවට ස්තුති කර ඇති බව ද විමර්ශන නිලධාරීහු සඳහන් කළහ.

එම ලිපියේ අත්අකුරු පරීක්ෂා කිරීම සඳහා සැකකාර නාමල් රාජපක්ෂ මහතා බන්ධනාගාරයේ රඳවා සිටියදීම ඔහුගේ අත්අකුරු සාම්පල ලබාගෙන රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට අවශ්‍ය අවසරය ලබාදෙන ලෙස ද අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

නාගරික සංවර්ධන අධිකාරිය සතු කොළඹ කොටුවේ පිහිටි අදාළ වටිනා ඉඩම ක්‍රිෂ් සමාගමට පවරා ගැනීමට අවශ්‍ය අනුමැතිය කඩිනමින් ලබාගැනීම උදෙසා එම සමාගමේ ඉන්දීය ජාතික අධ්‍යක්ෂවරුන් වන අමිත් කට්‍යාල් සහ රාජේන්ද්‍ර ප්‍රසාද් ගුප්තා යන අය විසින් මෙම රුපියල් මිලියන 70 ක අල්ලස ලබා දී ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

අදාළ නඩුවේ තෙවැනි සහ සිව්වැනි සැකකරුවන් වන ජානකි සිරිවර්ධන සහ නාමල් රාජපක්ෂ යන අය බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කරුණු දැක්වූ අල්ලස් කොමිසම, මෙම ගනුදෙනුව සමාගමේ සාමාන්‍ය ක්‍රියාදාමයෙන් බැහැරව සිදුවූවක් බවට ක්‍රිෂ් සමාගමේ ගණකාධිකාරීවරයා ප්‍රකාශයක් ලබා දී ඇති බව පැවසීය.

නිමල් පෙරේරා නමැත්තා එම සමාගමේ සේවාදායකයකු, සේවකයකු හෝ වෙනත් සේවාවක් සපයන්නකු නොවන පසුබිමක ඔහු වෙත මෙම මුදල ගෙවීමට සමාගම් අධ්‍යක්ෂ මණ්ඩලය නිර්දේශ කර තිබූ බව ද හෙළි විය.

එමෙන්ම 2012 වසරේ සිට ‘සිලෝන් ප්‍රිමියර් ස්පෝර්ට්ස් ලිමිටඩ්’ මගින් රගර් තරගාවලි පවත්වා තිබුණ ද, මෙම රුපියල් මිලියන 70 ක මුදල රගර් ක්‍රීඩාව හෝ කිසිදු ක්‍රීඩා ප්‍රවර්ධනයක් සඳහා යෙදවූ බවට හෝ අනුග්‍රාහකත්වයක් ලෙස ලබාදුන් බවට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් වී නොමැති බව ද අල්ලස් කොමිසම වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය.





Allegations of Bribery in Colombo Land Deal Surface

The bribery investigation commission has revealed that Namal Rajapaksa received a sum of 70 million rupees as a bribe from 'Krish' company for the expedited acquisition of a 4.3-acre property located in Colombo’s Kotuwa Transworks Square. In light of these revelations, Rajapaksa sent a letter of appreciation to the company.

This information came to light during proceedings at the Colombo Chief Magistrate Asanga S. Bodaragama, where officials from the commission disclosed their findings. They indicated that the amount in question was channeled from Krish to an account held by 'Ceylon Premier Sports Limited,' chaired by Nimal Perera, and subsequently transferred to Rajapaksa.

Furthermore, investigators reported that Namal Rajapaksa acknowledged receipt of this amount in a letter directed to Krish on December 15, 2012. The commission also requested court authorization to obtain handwriting samples from Rajapaksa, who is currently in custody, to compare with the signature on the letter.

Amid the ongoing investigation, it has been alleged that Indian nationals Amit Khatyal and Rajendra Prasad Gupta, directors of the Krish company, offered the bribe to secure swift approval for the transfer of the prized land from the Urban Development Authority.

As the case unfolds, the commission revealed that both the third and fourth suspects—Janaki Siriwardena and Namal Rajapaksa—were presented to the court by prison officials. They noted that the transaction was conducted out of the ordinary operations of the company, as indicated by the accountant of Krish.

It was further disclosed that Nimal Perera does not hold any position as an employee or service provider for the company, yet the board of directors recommended this payment to him. Notably, since 2012, 'Ceylon Premier Sports Limited' has organized rugby tournaments, yet no evidence has surfaced showing that the 70 million rupee sum was used to promote rugby or any sports sponsorship.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

12 Comments

  1. අත් අකුරු පරීක්ෂා කරන්න? ඒ කියන්නේ මේ ලියුම අතින් ලියල තැපැල් කරලද? 😀

    ReplyDelete
  2. AI ගද හැම තැනම. බොරු ලියුම්. කේලම්. හොර හඩ පට. තවටික දවසකින් අනුරගෙ ඇදිවතත් නෑ.

    ReplyDelete
  3. Munge me baila drama ivra venne na. ova me kalinuth thibba eva bn.

    ReplyDelete
  4. ඉතින්, කවුරුත් සල්ලි ආවේ නැහැ කියන්නේ නැහැනේ. සල්ලි ඇවිත් තියෙන්නේ රගර් වලට. ඔය ඔප්පු කරන්න හදන්නේ සල්ලි නාමල් ගත්තා කියලනේ. ඒක සාධාරන සැකයෙන් ඔබ්බට ඔප්පු කරන්න ඕනේ පැමිනිල්ල. නැතිව සල්ලි ගත්තේ නැහැ කියලා ඔප්පු කන්නත් බැහැ. නීතියෙන් එහෙම ඕනෙත් නැහැ. ලෝයර් කෙනෙක් ඉන්නවනම් පැහැදිලි කරන්න.

    ReplyDelete
  5. මොනවද මේ ගොං වහන්සෙලා වටේ යන්නෙ
    නාමල් rugby තරඟාවලියේ sponsorship එකක් විදියට මුදල් ලබා ගත්තා, ඒකෙන් තරඟාවලිය පැවැත්වුවා.
    Sponsorship එක අල්ලසක්ද? මොන ගූ කතාද බං මේවා
    Cricket jersey එකේ ඇඩි දාන Dialog එකත් එහෙනං ඉරාන් වික්රමරත්නට අල්ලස් දුන්නා කියලා දායි මේ ජෙපි ගොන්නු..

    ReplyDelete
    Replies
    1. ප්‍රවෘත්තිය කියෝපන් බන් රගර් වලට වියදම් කරලා නෑ කියලා කියලා තියෙනවා ඇස් පොට්ටද

      Delete
    2. Puuuuuutttuuuu horu

      Delete
  6. මූ මාර ගොන් හොරෙක්නේ ? මූ හොරකම් කරපු සල්ලි වලට රිසිට් එකක් කඩලා. මූ මීලග ජනාධිපති වෙන්න සුදුසු නැහැ.

    ReplyDelete
    Replies
    1. Punchammawa dapan ekita api kamathi

      Delete
  7. අත්අඩංගුවට ගන්න හැම කෙනාගේම නාමල, ශිරන්ති, හිරුනිකා, ඩලස්, ජෝන්ස්ටෝන්, චම්පක ඇතුළු හැම එකාගේම කලිසම ගලවලා පොකවල් බලනවා හිරගෙදර අසහන කාරයෝ සෙට් එකක්

    ReplyDelete
    Replies
    1. Jailor la pukawal balanawa
      Hira karayo pukawal palanawa .

      සරලයි

      Delete
  8. මේ මුදල් ලැබුනේ ලාගර් කිඩාව පුවරාධනයට කියනවනේ.ඉතින් ඒකේ වරදක් තියනවද?

    ReplyDelete
Previous Post Next Post