අලුත් පනත් නිසා ශ‍්‍රී ලංකාව GSP+ නැති වෙනවා..- Human Right Watch


 ශ්‍රී ලංකා රජය විසින් පසුගිය ඔක්තෝබර් 20 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ‘සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත’ අත්තනෝමතික ලෙස පුද්ගලයන් රඳවා තබා ගැනීමට, වධහිංසාවට සහ මූලික මානව හිමිකම් උල්ලංඝනය වීමට දැඩි ලෙස ඉඩකඩ සලසන්නක් බව ජාත්‍යන්තර මානව හිමිකම් නිරීක්ෂණ සංවිධානය (Human Rights Watch) පවසයි.

නිව්යෝර්ක් නුවර පිහිටි එම සංවිධානයේ මූලස්ථානය විසින් නිකුත් කරන ලද විශේෂ වාර්තාවක දැක්වෙන්නේ, මෑතකදී ඉදිරිපත් කෙරුණු ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ (PSTA) මෙන්ම මෙම නව පනත් කෙටුම්පතද මෙරට පැවති කුප්‍රකට ‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ’ (PTA) අඩංගු අතිශය මර්දනකාරී ප්‍රතිපාදන වෙනත් මුහුණුවරකින් යළි නීතිගත කිරීමට දරන උත්සාහයක් බවයි. මෙම තත්ත්වය යුරෝපා සංගමයේ GSP+ තීරුබදු සහනය අඛණ්ඩව ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ලබා දී ඇති මානව හිමිකම් පොරොන්දුවලටද බරපතළ තර්ජනයක් එල්ල කරන බව එම සංවිධානය පෙන්වා දෙයි.

2024 ජනාධිපතිවරණයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ජාතික ජන බලවේගය සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් මෙරට සියලු "මර්දනකාරී නීති" අහෝසි කරන බවටත්, සියලු ජනතාවගේ සිවිල් අයිතිවාසිකම් තහවුරු කරන බවටත් ජනතාවට පොරොන්දු වූ බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය සිහිපත් කරයි. විශේෂයෙන්ම කුප්‍රකට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට වත්මන් පාලනයද කැපවී සිටියද, ඔක්තෝබර් මාසයේදී ඉදිරිපත් කළ මෙම නව කෙටුම්පත් මගින් සාමාන්‍ය අපරාධ නීතියෙන් බැහැරවූ, අවම ආරක්ෂණ විධිවිධාන හෝ නොමැති සමාන්තර නීති රාමුවක් නිර්මාණය කර ඇති බවට එම සංවිධානය චෝදනා කරයි.

මේ පිළිබඳව අදහස් දක්වන හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ ආසියානු කලාපීය අධ්‍යක්ෂිකා එලේන් පියර්සන් මහත්මිය මෙසේ සඳහන් කර තිබේ:

"ශ්‍රී ලංකාවේ යෝජිත සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත මගින් ප්‍රමාණවත් අධිකරණ අධීක්ෂණයකින් තොරව සැකකරුවන් දීර්ඝකාලීනව රඳවා තබා ගැනීමට ඉඩ සැලසෙන අතර, පොලිසිය හමුවේ ලබාදෙන පාපොච්චාරණ සාක්ෂි ලෙස පිළිගැනීමට අවසර දීම තුළින් සැකකරුවන්ට වධහිංසා පැමිණවීම දිරිමත් කරනු ලබයි. මෙම පනත වත්මන් ස්වරූපයෙන් සම්මත වුවහොත්, මීට පෙර පැවති අමානුෂික නීති මෙන්ම බරපතළ ලෙස මානව හිමිකම් කෙලෙසීමට මෙය හේතුවනු ඇත."

යෝජිත PSTA පනත් කෙටුම්පත මගින් පවා පොලිසිය හමුවේ කෙරෙන ප්‍රකාශ පිළිගැනීම ඉවත් කර මහේස්ත්‍රාත්වරයෙකු හමුවේ පමණක් පාපොච්චාරණ ලබාගත යුතු බවට ප්‍රතිපාදන සකසා තිබියදී, මෙම නව කෙටුම්පත මගින් පොලිසිය ලබාගන්නා පාපොච්චාරණ අධිකරණයේදී පිළිගත හැකි සාක්ෂි බවට පත් කර ඇත. මෙය අතීතයේ මෙන් රැඳවියන්ට පොලිස් අත්අඩංගුවේදී වධහිංසා පැමිණවීමට මගපාදන්නකි.

පුද්ගලයෙකුගේ ඇඳුම් විලාසිතාව, අත් සංඥා (Hand signs), ශරීරයේ කොටා ඇති පච්ච හෝ යම් අපරාධ කල්ලි සාමාජිකයන් සමඟ පැවැත්වූ ඇසුරක් පදනම් කරගෙන පුද්ගලයෙකු අපරාධ කල්ලියක සාමාජිකයෙකු ලෙස අධිකරණයට සැලකිය හැකි වන පරිදි නීති සකසා තිබීමෙන්, කිසිදු සාපරාධී සාක්ෂියක් නොමැතිව හුදු සම්බන්ධතා මත පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ භයානක ඉඩකඩක් විවර වේ.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට වරකට මාස දෙක බැගින් වසරක් දක්වා සැකකරුවන්ට රැඳවුම් නියෝග නිකුත් කිරීමට බලය ලැබේ. එම නියෝග අවලංගු කිරීමේ අභිමතයක් මහේස්ත්‍රාත්වරයාට හිමි නොවන අතර, ඇප ලබාගත හැක්කේ මහාධිකරණයෙන් සුවිශේෂී කරුණු මත පමණි.

අධිකරණ නියෝගයකින් පවා තොරව ඕනෑම පුද්ගලයෙකුගේ දුරකථන සහ චන්ද්‍රිකා සන්නිවේදන තොරතුරු, ඇමතුම් විස්තර සහ පිහිටීම (Tower location) අදාළ සේවා සපයන සමාගම්වලින් ලබා ගැනීමට පොලිසියට බලය පැවරේ. මෙය පුරවැසියන්ගේ පෞද්ගලිකත්වයේ අයිතිය අමු අමුවේ උල්ලංඝනය කිරීමකි.

අපරාධවලට ගොදුරු වූවන්ගේ අනන්‍යතාව හෙළිවන කිසිවක් පළ කිරීම සාපරාධී වරදක් කර ඇති අතර, අධිකරණ අවසරයකින් තොරව අධිකරණ ක්‍රියාමාර්ග වාර්තා කිරීම මත මාධ්‍යයට දැඩි සීමා පනවා ඇත. එසේම සාධාරණ සැකය මත වරෙන්තුවක් නොමැතිව නිවාස හෝ ස්ථාන පරීක්ෂා කිරීමට පොලිසියට අසීමිත බලතල පැවරේ.

ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයට අතිශය තීරණාත්මක වන යුරෝපා සංගමයේ ‘ජී.එස්.පී. ප්ලස්’ (GSP+) සහනය අඛණ්ඩව භුක්ති විඳීම සඳහා ශ්‍රී ලංකාව මානව හිමිකම් සම්මුතීන් 27කට එකඟතාව පළ කර ඇත. එහි ප්‍රධාන කොන්දේසියක් වන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නීති පද්ධතියක් හඳුන්වා දීමයි.

නමුත් සංවිධානාත්මක අපරාධ පනත සහ ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත (PSTA) හරහා PTA හි පැවති මර්දනකාරී වගන්ති යළි ප්‍රතිෂ්ඨාපනය කිරීම මගින් ශ්‍රී ලංකාව සිය ජාත්‍යන්තර බැඳීම් පැහැර හරිමින් සිටින බව හියුමන් රයිට්ස් වොච් අවධාරණය කරයි. මේ හරහා යෝජිත පනත මගින් ජී.එස්.පී. ප්ලස් හි එකඟතා සපුරාලීමට නොහැකි වන බව යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකා රජයට පැහැදිලිව දැනුම් දිය යුතු බවද එලේන් පියර්සන් මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය.

මෙම පනත් කෙටුම්පත සකස් කිරීමේදී පුරවැසි සමාජය සමඟ නිසි සාකච්ඡාවක් සිදු කර නොමැති බව පෙන්වා දෙන එම සංවිධානය, වහාම මෙම කෙටුම්පත හකුළාගෙන ජාත්‍යන්තර නීතියට හා මානව හිමිකම් ප්‍රමිතීන්ට ගරු කරමින් පුළුල් පාර්ශ්වකාර උපදේශනයකින් අනතුරුව නව නීති සම්පාදනය කරන ලෙස රජයෙන් ඉල්ලා සිටී.





Concerns Rise Over Sri Lanka's Proposed Organised Crime Bill

The Sri Lankan government's recent introduction of the 'Organised Crime Prevention Draft Bill' in Parliament has raised alarm among human rights organizations. Critics, including Human Rights Watch, have denounced the proposal for enabling repeated arbitrary detention, increasing the potential for torture, and facilitating widespread violations of fundamental human rights.

A special report released by Human Rights Watch outlines the parallels between this draft bill and the controversial 'Prevention of Terrorism Act' (PTA), revealing that it seeks to reintroduce harsh provisions reminiscent of the now-discredited law. Such developments pose a significant threat to Sri Lanka's commitments to human rights assurances, which are crucial for maintaining the European Union's GSP+ trade concessions.

Highlighting the political landscape ahead of the 2024 presidential elections, the organization recalls the assurances made by Anura Kumara Dissanayake of the National People's Power, pledging to abolish "draconian laws" and reinforce civil rights for all citizens. Despite the current government's commitment to repealing the PTA, the new bill purportedly establishes a parallel legal framework devoid of the safeguards offered by general criminal law, raising serious concerns about abuses of power.

Elaine Pearson, the Asia Division Director at Human Rights Watch, emphasized the lack of judicial oversight inherent in the proposed bill, which would allow for extended detention without adequate scrutiny. She noted that permitting coerced confessions in police settings may further exacerbate the risk of torture: "If enacted in its current form, this legislation would likely lead to a resurgence of inhumane laws and severe human rights violations," she stated.

Furthermore, while the draft proposal seeks to limit admissible statements to those given solely before a magistrate, it also broadens the scope for police to rely on evidence received in a manner that may compromise the integrity of due process. This presents a disturbing ability for police misconduct, potentially leading to the same abuses witnessed under the PTA.

Provisions categorizing individuals based on attire, hand gestures, or interactions with known gang members highlight the bill's potential for arbitrary detentions rooted in flimsy associations. Such legislative measures create dangerous avenues for wrongful arrests without substantial evidence.

The secretary of the Ministry of Public Security would gain the authority to issue detention orders for suspects for periods extending up to a year, raising concerns over the absence of judicial oversight in revoking such orders. Access to bail relies solely on the discretion of the Supreme Court under specific circumstances, further reinforcing a system ripe for exploitation.

The proposed legislation also grants police unprecedented access to citizens' phone and communication data without judicial warrants, a significant infringement on privacy rights.

Moreover, the reporting of individuals' identities involved in alleged offenses is now severely restricted, while heavy limitations are placed on the media's ability to cover judicial proceedings absent a court order. Police would also receive expansive powers to conduct searches of homes or locations without due cause.

As Sri Lanka relies heavily on the EU's GSP+ benefits, compliance with 27 human rights conventions requires the country to repeal the PTA and adopt a legal system in line with international standards. However, activists caution that the proposed organized crime bill and the PSTA signal a troubling revival of oppressive legal provisions that could derail Sri Lanka's international obligations.

Human Rights Watch underscores the necessity for the Sri Lankan government to engage with civil society meaningfully throughout the law-drafting process. They urge the administration to immediately withdraw the proposed bill and amend laws in a manner respectful of international laws and human rights standards.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

Previous Post Next Post