යෝජිත නව ත්‍රස්ත මර්දන පනත් කෙටුම්පත ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණවලට සහ මහජන නිදහසට බරපතළ හානි සිදුකරන යල්පැන ගිය නීතිමය රාමුවක් බවත්, ත්‍රස්තවාදය වැළැක්වීම වෙනුවට මෙවැනි මර්දන නීති හරහා ඓතිහාසිකව සිදුව ඇත්තේ ප්‍රචණ්ඩත්වය තවදුරටත් තීව්‍ර වීම බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය, ‘ජනබලය’ සාමූහිකයේ ක්‍රියාකාරී කමිටු සාමාජික නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.
අදහස් දැක්වීමක් සිදු කරමින් මහාචාර්යවරයා පෙන්වා දුන්නේ, ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනයක් අපේක්ෂාවෙන් බලයට පැමිණ මෙවැනි මර්දනකාරී නීති සම්පාදනය කිරීමට හෝ පවත්වාගෙන යාමට කටයුතු කිරීම ආණ්ඩුවේ පැවැත්මට මෙන්ම එහි දේශපාලන සුජාතභාවයට ද බරපතළ හානියක් බවයි.
"1979 වසරේ සිට ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු මෙරට ත්‍රස්ත මර්දන නීතිවල ඉතිහාසය දෙස බැලූ විට පෙනී යන්නේ, ඒවා ත්‍රස්තවාදය මර්දනය කිරීමට වඩා ජනතාවගේ දේශපාලන නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සහ විරෝධතා දැක්වීමේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය මර්දනය කිරීමට අවභාවිත වූ බවයි. අනෙක් අතට, 1980 ගණන්වලදී උතුරේ මෙන්ම දකුණේද සන්නද්ධ නැගිටීම් තවදුරටත් උග්‍ර වීමටත් මෙවැනි දැඩි නීති හේතු වුණා මිස ඒවායින් ප්‍රචණ්ඩත්වය පාලනය වූයේ නැහැ."
මෙම නීති සම්පාදනය පිටුපස පවතින ජාත්‍යන්තර පසුබිම පිළිබඳව කරුණු දැක්වූ ඒ මහතා, 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසු ඇමරිකාවේ ජෝර්ජ් බුෂ් පාලන සමයේ ආරම්භ වූ ‘ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය’ නමැති ආකෘතිය මඟින් ලොව පුරා ව්‍යාප්ත කෙරුණු ජාතික ආරක්ෂක තන්ත්‍රයන් මෙරටට ද බලපෑම් කර ඇති බවත්, එම ආකෘතීන් කිසිසේත්ම ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සමඟ නොගැළපෙන බවත් පැහැදිලි කළේය.
වත්මන් මෙරට තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින් ඔහු අවධාරණය කළේ, වර්තමානයේදී ලංකාව තුළ සන්නද්ධ ත්‍රස්තවාදී කණ්ඩායම් හෝ සංවිධානවලින් ක්ෂණික ත්‍රස්ත තර්ජනයක් නොමැති බවයි. යම් අන්තවාදී කණ්ඩායමක් මතු වුවද ඒ සඳහා කටයුතු කිරීමට විකල්ප සාමාන්‍ය නීතිමය රාමුවක් පවතින බවත්, එබැවින් මෙවැනි අතිශය දැඩි ත්‍රස්ත මර්දන නීති මේ මොහොතේ මුළුමනින්ම අනවශ්‍ය බවත් ඔහු කියා සිටියේය.
ආණ්ඩුව ගෙන එන මෙම පනතට විරුද්ධ වීමට විපක්ෂයේ ප්‍රධාන කණ්ඩායම්වලට සදාචාරාත්මක අයිතියක් නොමැති බව පෙන්වා දුන් මහාචාර්යවරයා, මහජන සාකච්ඡාවකින් හෝ විනිවිදභාවයකින් තොරව සම්පාදනය වන මෙවැනි මර්දනකාරී නීති හමුවේ ජනතාව තම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නැගිය යුතු බව වැඩිදුරටත් අවධාරණය කළේය.
Expert Critiques Proposed Anti-Terrorism Legislation as Threat to Democracy
The proposed anti-terrorism legislation is being characterized as a regressive legal framework that poses a significant threat to democratic reforms and public freedoms, according to Nirmal Ranjith Devasiri, a senior lecturer at the University of Colombo and a member of the ‘Janabalaya’ collective. He emphasized that the enactment of such oppressive laws, instead of preventing terrorism, historically leads to an escalation of violence.
In his remarks, Devasiri pointed out that the government is jeopardizing not only its own stability but also its political legitimacy by introducing or maintaining such repressive laws under the guise of democratic change.
Reflecting on the history of anti-terrorism laws in the country, including the Prevention of Terrorism Act that has been in place since 1979, he noted that these laws have often been misused to suppress political freedom, the right to express opinions, and the democratic space for dissent, rather than effectively combatting terrorism. He also indicated that the stringent regulations established during the 1980s did little to control violence linked to militant uprisings in both the north and south of the country.
Further discussing the international context behind these legislative measures, Devasiri highlighted the influence of national security frameworks developed globally following the September 11 attacks in 2001, which were instituted under President George W. Bush's administration. He asserted that such models do not align with genuine democratic reforms.
Addressing the current situation in Sri Lanka, he underscored that there is no immediate threat of terrorism from organized militant groups in the country. Even if extremist factions were to emerge, the existing general legal framework would be sufficient to address such threats, making the introduction of extremely severe anti-terrorism measures entirely unnecessary at this time.
Devasiri further argued that leading opposition factions lack a moral right to oppose the government’s proposed bill, particularly as it is presented without public consultation or transparency. He called on citizens to raise their voices in defense of their democratic rights when faced with such oppressive legislative moves.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
