හෝටල්වල හෝ මංගල උත්සව ඇතුළු සාමාන්‍ය උත්සවවලදී ගීත ගායනය හෝ වාදනය වෙනුවෙන් කිසිදු අයුරකින් මුදල් අය නොකරන බවත්, ඒ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන්නේ සම්පූර්ණයෙන්ම සාවද්‍ය මතයක් බවත් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අවධාරණය කරයි.
ලෝක සංචාරක දිනය නිමිත්තෙන් අලුත්ගම මොරගල්ල ප්‍රදේශයේ සංචාරක හෝටල් උත්සව ශාලාවක පැවති අවසන් දින උත්සවය අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
බුද්ධිමය දේපළ පනත සහ ගීත හිමිකම් පිළිබඳව පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ නිර්මාණය වූ වැරදි මතවාද සම්බන්ධයෙන් මෙහිදී අමාත්‍යවරයා දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළේය.
මුදල් ගෙවීමක් අදාළ වන්නේ ප්‍රවේශපත්‍ර අලෙවි කර මූල්‍යමය ලාභ ලබන වාණිජ මට්ටමේ සංගීත ප්‍රසංග සඳහා පමණක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, එවැනි ප්‍රසංගවලදී ගීත රචකයන්ට සහ සංගීත නිර්මාණකරුවන්ට සාධාරණ මුදලක් ගෙවීමට පියවර ගැනීම යුක්තිසහගත බව සඳහන් කළේය.
දේශීය මෙන්ම ජාත්‍යන්තර බුද්ධිමය දේපළ නීතියට අනුව ගීතයක සැබෑ හිමිකාරිත්වය පවතින්නේ එම ගීතයේ රචකයා සහ සංගීත නිර්මාණකරුවා සතුව බව අමාත්‍ය විජිත හේරත් මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
විවිධ ගායක ගායිකාවන් එම නිර්මාණ ගායනා කළ ද, නීතියට අනුව මුල් නිර්මාණකරුවන්ට සාධාරණ වටිනාකමක් හිමිවිය යුතු බවට ගීත රචකයන්ගේ සහ සංගීතඥයන්ගේ සංගම් දීර්ඝ කාලයක සිට සාකච්ඡා කරමින් සිටින බව ද ඔහු පැවසීය.
එම සංගම් ඉල්ලා සිටින්නේ මූල්‍ය ලාභ අපේක්ෂාවෙන් ප්‍රවේශපත්‍ර අලෙවි කර පවත්වන ප්‍රසංගවලදී උපයන ආදායමෙන් යම් සාධාරණ ප්‍රතිශතයක් ගීත රචකයන්ට සහ සංගීතඥයන්ට ලැබිය යුතු බව පමණක් බව ද අමාත්‍යවරයා විස්තර කළේය.
කෙසේ වෙතත්, හෝටලයකදී, මංගල උත්සවයකදී හෝ වෙනත් සාමාන්‍ය සාදයකදී ගීතයක් ගැයීම හෝ වාදනය කිරීම වෙනුවෙන් මුදල් අය කිරීමේ කිසිදු නීතියක් මෙරට නොමැති බව අවධාරණය කළ අමාත්‍යවරයා, සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඇතැම් පාර්ශ්ව ජනතාව නොමඟ යවන සුළු සාවද්‍ය ප්‍රචාර පතුරුවා හැර ඇති බව ද වැඩිදුරටත් කියා සිටියේය.
Minister Refutes Misconceptions on Music Fees at Events
The Minister of Foreign Affairs, Vijitha Herath, has firmly addressed misleading narratives circulating on social media regarding fees for music performances at hotels and general events. He emphasized that no charges are applied for singing or playing music during such occasions.
This clarification came during a recent event held in the tourist hotel banquet hall in the Alutgama Moragalla area, coinciding with World Tourism Day.
Minister Herath elaborated on the misconceptions tied to the Intellectual Property Act and music copyrights that have emerged in recent discussions on social platforms, stressing the importance of accurate information.
He clarified that payments are only applicable for commercial musical performances that profit from the sale of tickets, highlighting the need for fair compensation to songwriters and composers involved in such events.
Under both local and international intellectual property law, he pointed out that the true ownership of a song resides with its songwriter and composer.
The minister noted that despite various artists performing these creations, it is vital that the original creators receive fair value, a point that has been a subject of ongoing deliberation among the unions representing songwriters and music professionals.
These unions advocate for a fair percentage of revenue from ticket sales at profit-driven performances to be allocated to songwriters and music professionals, as Minister Herath further clarified.
However, he reiterated that there are no laws in place in Sri Lanka requiring payment for singing or playing music at hotels, wedding receptions, or other general gatherings, attributing the spread of misinformation to certain factions on social media.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

This comment has been removed by the author.
ReplyDelete