Sinopec, Rm Park සමාගම පෙට‍්‍රල් මිල වැඩි කරයි.. සිපෙට්කෝ නිහඬයි..


 ලංකා අයි.ඕ.සී. සමාගම විසින් සිදු කරන ලද ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව, මෙරට ක්‍රියාත්මක  සිනොපෙක්, Rm Park සමාගමද ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.

මෙම මිල සංශෝධනය ඔක්තෝබර් 25 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක කර ඇත.

ඒ අනුව, සිනොපෙක්, Rm Park ඉන්ධන පිරවුම්හල්වලද මෙතෙක් රුපියල් 475ක් ලෙස පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල නව සංශෝධනයත් සමග රුපියල් 495ක් දක්වා ඉහළ යනු ඇත.

මෙම මිල සංශෝධනයත් සමග, මෙරට ප්‍රමුඛ පෙළේ ඉන්ධන බෙදාහැරීමේ සමාගම් වන ලංකා අයි.ඕ.සී. (LIOC) සහ සිනොපෙක් Rm park යන ආයතන දෙකෙහිම ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් එකම මිලක් වන රුපියල් 495ක නව මිලකට අලෙවි කිරීම සිදු කෙරේ.



Sinopec, Rm Park Increases Price of Octane 95 Petrol by Rs. 20 Amid Fuel Price Adjustments

In a significant move coinciding with the fuel price adjustments made by Lanka IOC, Sinopec Rm Park has decided to raise the price of Octane 95 petrol by Rs. 20 per litre. This adjustment took effect from midnight on October 25.

As a result of this increase, the price for a litre of Octane 95 petrol at Sinopec Rm Park filling stations will rise from Rs. 475 to Rs. 495.

This revision means that both Lanka IOC (LIOC) and Sinopec Rm Park will now offer Octane 95 petrol at the same price of Rs. 495 per litre, aligning the rates of the leading fuel distribution companies in the country.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

1 Comments

Previous Post Next Post