මෙම වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා වූ මුල් මාස 10ක කාලසීමාව තුළ ශ්රී ලංකාවේ ඇඟලුම් සහ රෙදිපිළි අපනයනයෙන් උපයා ඇති ආදායම පසුගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව 5.50%කින් පහත වැටී ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) නිකුත් කළ දත්ත වාර්තාවල දැක්වේ.
ඔක්තෝබර් මාසයට අදාළ අපනයන කාර්යසාධන දත්ත අනුව, ගත වූ මාස 10 තුළදී මෙම ක්ෂේත්රයෙන් ලැබී ඇති සමස්ත ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 4,197කි. පෙර වසරේ එම කාලසීමාවේදී එම අගය ඩොලර් මිලියන 4,441ක් ලෙස සටහන්ව තිබූ බව එම මණ්ඩලය සඳහන් කරයි.
මීට අමතරව, ඔක්තෝබර් මාසය පමණක් සැලකීමේදී ද ඇඟලුම් සහ රෙදිපිළි අපනයන ආදායමේ 3.82%ක පසුබෑමක් වාර්තා වී තිබේ. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ඩොලර් මිලියන 429.17ක්ව පැවති මාසික අපනයන ආදායම, මෙම වසරේ ඔක්තෝබර් මාසයේදී ඩොලර් මිලියන 412.78ක් දක්වා අඩු වී ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලයේ දත්ත මගින් වැඩිදුරටත් අනාවරණය වේ.
Decline in Sri Lanka’s Apparel and Textile Exports Noted for January to October 2023
Data released by the Export Development Board (EDB) reveals a noticeable drop in Sri Lanka’s apparel and textile export earnings during the first ten months of this year compared to the same period last year, with a decrease of 5.50%.
According to the October export performance statistics, the total revenue generated by this sector for the ten-month period amounted to USD 4,197 million. In the corresponding time frame last year, this figure had reached USD 4,441 million.
Focusing on the results for just October, there was a reported decline of 3.82% in apparel and textile export earnings. The monthly export revenue for October last year stood at USD 429.17 million, whereas for October 2023, it has fallen to USD 412.78 million, further highlighting the challenges faced by the sector, as confirmed by the EDB data.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
