ඔලිම්පික් රන් පදක්කමක් දින්නොත් මිලියන 100ක් දෙනවලු.. 2027 ඔලිම්පික් තියා ආසියානු ක්‍රීඩා උළෙලක්වත් නෑ..


 ඔලිම්පික් ක්‍ර්ඩා උළෙලක් හෝ ආසියානු ක්‍රීඩා උළෙලක් 2027 වසරේදී නොපැවැත්වෙන පසුබිමක එම ක්‍රීඩා උළෙලකදී ජයග්‍රහණය කරන ක්‍රීඩකයින්ට රුපියල් මිලියන 100, මිලියන 50 යනාදී වශයෙන් අයවැයෙන් ඇගයීම් දීමනා ලබාදෙන බව අයවැයෙන් ප්‍රකාශ කිරීම ජනතාව ගොනාට ඇන්දවීමක් බව සමගි ජන බලවේගයේ ගම්පහ සංවිධායක වරුණ රාජපක්ෂ මහතා පවසයි.

සමස්තයක් ලෙස මේ අයවැයෙන් සිදුකර ඇත්තේ රටේ ප්‍රශ්න විසඳීම වෙනුවට, ඉහත ආකාරයෙන් හුදෙක් ජනප්‍රියත්වය වෙනුවෙන් ජනතාව බොරු සිහිනවල මුලාකිරීම පමණක් බව ඔහු අවධාරණය කරයි.

"මේ අයවැයෙන් කරලා තියෙන්නෙ, ඇත්තටම මේ රටේ ප්‍රශ්න ටිකක් තියෙනවානෙ, ඒ හැම දේකටම අර ජනප්‍රියත්වය ඉලක්ක කරගෙන මොන මොනවා හරි ටිකක් බෙදාගෙන ගිහිල්ලා. ඒකට හොඳම උදාහරණය තමයි අර ක්‍රීඩාව සම්බන්ධ උදාහරණය. ඉතින් ක්‍රීඩාවටත් මොනවා හරි දාන්න ඕනෙ අයවැයෙන්.

ඒකට හිතලා දානවා ඔලිම්පික් හිටපු එක්කෙනෙක්ට මෙච්චරක් දෙනවා කියලා. ඒක මං කියන්නෙ ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රතිපත්තියකින්, ප්‍රඥප්තියකින්, මොකක් හරි ගෙනාවා නම් ඒක කියන්න පුළුවන් හැමදාටම කියලා. නමුත් අයවැය කතාවෙන් මේක ඉදිරිපත් කළාම, මේ අයවැය ඉදිරිපත් කරන්නෙ ලබන අවුරුද්දට, ලබන අවුරුද්දේ ආසියානු ක්‍රීඩා උළෙලත් නෑ, ඔලිම්පිකුත් නෑ.

හැබැයි ඒක නෙවෙයිනෙ වෙන්න ඕනෙකම තියෙන්නෙ. වෙන්න ඕනෙකම තියෙන්නෙ 2030 ඔලිම්පික් යන ළමයි වෙනුවෙන් මොකක්ද කරන්නෙ කියන එක. ඒක වෙනුවෙන් පියවර ගන්නවා වෙනුවට මේ අවුරුද්දේ මේ හැමදේටම මොනවා හරි ටිකක් විසිකරලා දානවා. ඕකනෙ කරලා තියෙන්නෙ. මේක මේ මිනිස්සු සිහිනවලට ගෙනියන අයවැයක් විතරයි"

වරුණ රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශය වූ දේශපාලන සංවාදයකට එකතු වෙමිනි.





Government's Budget Allocations for Athletes Criticized as Populist Dream Selling

The announcement of substantial cash rewards for athletes excelling at future international competitions, despite none being scheduled for 2027, has drawn sharp criticism from local political figures. Waruna Rajapaksha, the organizer for the Samagi Jana Balawegaya in Gampaha, questioned the sincerity of the allocations made in the recent budget, which include a staggering 100 million rupees for Olympic medal winners and 50 million for Asian Games participants.

Rajapaksha emphasized that such financial commitments appear to focus solely on boosting the government's popularity rather than addressing pressing national issues. He stated, "This budget reflects an approach that distracts the public with false hopes instead of tackling real problems facing the country." He highlighted that significant challenges exist, indicating a need for genuine solutions rather than piecemeal, popularity-driven measures.

The critic pointed to the sports funding as a prime example of this trend. "This decision seems to prioritize superficial gestures over substantial policy. Offering such high rewards for past Olympic achievements without a current or future context raises questions about the allocation's timing and relevance," he noted.

Rajapaksha further argued that without any major sports events, such as the Asian Games or the Olympics, taking place in the immediate future, these budgetary provisions seem misguided. He urged for a forward-thinking approach in preparing for upcoming major events like the 2030 Olympics instead of simply scattering rewards for immediate acclaim.

His remarks were made during a political discussion aired on an independent television channel, highlighting the ongoing concerns about the government's priorities and financial planning.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

1 Comments

  1. හරි ඉතින් වැරදිලාවත් වොලිම්පි කුලලක් එහෙම තිබ්බොත්?

    ReplyDelete
Previous Post Next Post