අනුරාධපුරය රැකගන්න දුර්දර්ශී සැලැස්මක අපි ඉන්නේ.. ඒක අපේ හදවත වගේ..

 


ඓතිහාසික අනුරාධපුර පූජා නගරය රැකගැනීම රජයේ හදවත බඳු ප්‍රමුඛතම වගකීමක් බවත්, පටු දේශපාලන අරමුණු වෙනුවෙන් බාහිරින් කුමන කලබලකාරී තත්ත්වයන් නිර්මාණය කළ ද අනුරාධපුරය සුරැකීමේ දුරදර්ශී සැලැස්ම නොවෙනස්ව ඉදිරියට ගෙන යන බවත් බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා අවධාරණය කළේය.

අනුරාධපුර රුවන්වැලි සෑ පරිශ්‍රයේ පසුගියදා ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ජනාධිපතිවරයාගේ මඟපෙන්වීම යටතේ අනුරාධපුර පූජා නගරය විධිමත් ලෙස සංරක්ෂණය කිරීම සඳහා විශේෂ උපදේශක සභාවක් දැනටමත් පත් කර ඇති බවයි. 

රුවන්වැලි මහා චෛත්‍යාරාමාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක නායක ස්වාමීන් වහන්සේ සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාගේ සම සභාපතිත්වයෙන් යුත් විශේෂඥ කමිටුවක් ඒ සඳහා ක්‍රියාත්මක වන බව ඔහු පැවසීය. 

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල සහ ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව ඇතුළු සියලු ආයතන එක්ව අනුරාධපුර ඒකාබද්ධ සැලැස්මකට අනුව කටයුතු සම්පාදනය කරමින් සිටින බව ද අමාත්‍යවරයා අනාවරණය කළේය.

"අනුරාධපුරය කියන්නේ අපේ රටේ සංස්කෘතික, ආගමික සහ බෞද්ධ මූලමණ්ඩලය ගොඩනැඟුණු පළමු අගනුවරයි. එය ජීවිත පරිත්‍යාගයෙන් රැකගැනීමේ වගකීම ඇත්තේ රජයටයි. ඒ පිළිබඳව අපට අමුතුවෙන් කිසිවකු මතක් කර දිය යුතු නැහැ. 

පසුගිය අයවැය මඟින් පවා මේ වෙනුවෙන් විශාල මුදලක් වෙන් කර තිබෙනවා. රජය ඉතා විධිමත් සැලැස්මකට අනුව කටයුතු කරද්දී, ඊට පිටින් සිදු කළ අවිචාරශීලී සහ අදූරදර්ශී කලබලය පිළිබඳව ජනාධිපතිතුමා අයවැය කතාවේදීත් කරුණු පැහැදිලි කළා," යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම පසුගියදා සිදුවූ ගැටුම කිසිවකුටත් අනුමත කළ නොහැකි, නූතන ඉතිහාසයට පැල්ලමක් එක් කළ අවාසනාවන්ත සිදුවීමක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මෙවැනි ක්‍රියාවන් පිටුපස පවතින සැබෑ දේශපාලන උවමනාව පිළිබඳව රටේ ජනතාව මනා අවබෝධයකින් පසුවන බව ද කියා සිටියේය. 

එබැවින් මෙවැනි කලබලකාරී වාතාවරණයන් හමුවේ නොසන්සුන් නොවී, අනුරාධපුරයේ අභිමානය හා බෞද්ධ උරුමය අනාගත පරපුර උදෙසා සුරක්ෂිත කිරීමේ නිශ්චිත මාර්ගයේ සියලු දෙනා එක්ව ගමන් කළ යුතු බව ද අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.





Minister Emphasizes Protection of Anuradhapura's Cultural Heritage Amidst Political Turmoil

The preservation of Anuradhapura, a city steeped in history, is of paramount importance to the government, underscored by Minister of Buddhasasana, Religious and Cultural Affairs, Dr. Hiniduma Sunil Senewi. He asserted that despite external provocations aimed at political destabilization, a strategic plan to safeguard the city remains steadfast.

Addressing the media following a recent incident at the Ruwanweli Seya precinct, the minister disclosed the government's commitment to the meticulous conservation of Anuradhapura, which is currently under the guidance of President Ranil Wickremesinghe. An advisory committee has already been established for this purpose.

A special committee, chaired by the Chief Prelate of the Ruwanweli Maha Chaityaya, Venerable Italawetunuwewe Gnanathilake Thero, along with the Chief of the Presidential Staff, Prabath Chandrakeerthi, is actively working on these initiatives, the minister noted.

Dr. Senewi revealed that various institutions, including the Department of Archaeology, the Central Cultural Fund, and the Department of National Physical Planning, are collaborating under a unified plan to ensure the effective implementation of these preservation efforts.

"Anuradhapura stands as the first capital where our culture, religion, and Buddhist foundations were laid. The responsibility to preserve it lies squarely with the government, and we should not need to remind anyone of this duty," he emphasized. He also pointed out that a significant budget allocation had been set aside for these efforts in the previous fiscal budget.

Clarifying further, the minister stated that while the government follows a well-structured plan, the recent incidents of unrest present a glaring distraction that should not overshadow the purpose. He remarked, "The President addressed these concerns during the budget speech, highlighting the need for clarity on such reckless and imprudent disruptions."

Moreover, Dr. Senewi characterized the recent clashes as unfortunate events that tarnish the nation's modern history, stressing that the public is becoming increasingly aware of the underlying political motivations behind these actions.

In light of these tumultuous conditions, he urged all stakeholders to remain united in the commitment to protect Anuradhapura's heritage and Buddhist legacy for future generations, reiterating the need for collective efforts moving forward.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

6 Comments

  1. නරියා කේජු කෑල්ල වර්ණනා කරා වගේ..
    සැකයි සැකයි සැකයි..
    මොකා..ක් හරි ලොකූ ගේමක් තමයි කොලේ වහලා යටින් ගහන්න යන්නෙ..

    ReplyDelete
  2. Mokage bera gannada wesava kiyanne.
    Mun gu naw.
    Ape urume pako deela palayau yavanna kalin

    ReplyDelete
  3. නුවරට කෝච්චි පාර හදාගන්න බැරුව තටමනවා , මු මොකක් හරි නරි වැඩක් කොරන්න මාන බලන බව හොදට වැටහෙනවා

    ReplyDelete
  4. රටත් ආගමත් ජාතියක් විනාශ කරන්න එපා මෙහෙම, ස්වභාවය කියන්නෙත් eyai

    ReplyDelete
  5. සුනිල් සෙනෙවි කියන තෝ, මිත්‍යාදෘෂ්ටික, එන්.ජී.ඕ. කුක්කා, දෙලොවටම නැති “කල්වාරියා”, නියත නිරය උරුම කරගත් දේශද්‍රෝහී පාහර බල්ලා, අපේ උතුම් ස්වර්ණමාලී සෑ රජාණන් වහන්සේ ස්මාරකයක් වශයෙන් හැඳින්වීම පිළිබඳව පළමුව මහා සංඝරත්නය ප්‍රමුඛ බෞද්ධ ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව ගතයුතුය. ඉන් අනතුරුව වහාම ක්‍රියාත්මක වන පරිදි පුළුල් ජනතා කතිකාවන් ගෙන් තොර කඩි මුඩියේ ගෙනා විවිධ පනත් කෙටුම්පත්, ගැසට් පත් වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරපියව්. තොපිට මහා පරිමාණයෙන් කිසිම වැඩක් රට, දැය, සමය වෙනුවෙන් කරන්න බෑ. කරන්න පුළුවන් අපේ රට, දැය, සමය ටභවින කැටීම, නව යටත්විජිතවාදීන්ට පාවාදීම, මහා පරිමාණයෙන් දූෂණ, වංචා, මංකොල්ලකෑම්, මිනීමැරුම් හැරුණාම අනුන් කරපු වැඩ වලට තීන්ත ටිකක් ගාලා විවෘත කිරීම, වැසිකිළි වළවල් විවෘත කිරීම, බෝක්කුවක්, බොරලු පාරක් පිලිසකර කිරීම වගේ පුංචි පුංචි දේවල්. ඒ නිසා අපේ උතුම් බුද්ධ භූමියේ පාරම්පරික උරුමක්කාරයන්ගේ, සිංහල - බෞද්ධයන්ගේ ඓතිහාසික උරුමයන්ට සංරක්ෂණයේ, සංවර්ධනයේ මුවාවෙන් කිසිදු වෙනස්කමක් නොකර තොපි බලය ගන්නා විට තිබුණු විදියට තියපියව් 😡 කැමති නම් ඊලඟ මැතිවරණය තෙක් පොඩි වැඩක් කරගෙන හිටපියව්. වඩාත් සුදුසුම දේ තමයි අපේ රට, දැය, සමය තව දුරටත් කාබාසිනියා නොකර තොපේ නොහැකියාව පිළිඅරගෙන පාර්ලිමේන්තුව වහාම ක්‍රියාත්මක වන පරිදි විසිරුවා හැර ඉක්මන් මහා මැතිවරණයකට පලයව්. ඉතිරි ටික ප්‍රජාතන්ත්‍රවාදීව අපි බලාගන්නම්.

    ReplyDelete
  6. ඕක කරන්ඩ හින්ද තමයි සත්‍යග්‍රහය කඩාකප්පල් කරල, පූජ්‍යය කස්සප හාමුදුරුවො ඇතුලු සියලු හාමුදුරුන්ව අත්අඩංගුවට ගත්තෙ.

    ReplyDelete
Previous Post Next Post