සුවසැරියට නව ගිලන් රථ 100ක් ඉන්දියාවෙන් ප්‍රදානයක් ..


දිවයින පුරා ක්‍රියාත්මක ‘1990 සුවසැරිය’ ජාතික හදිසි පූර්ව රෝහල් ගිලන් රථ සේවාව තවදුරටත් ශක්තිමත් කරමින්, පූර්ණ වෛද්‍ය පහසුකම්වලින් සමන්විත නව ගිලන් රථ 100ක් සපයා ගැනීම සඳහා ඉන්දීය රජයෙන් මූල්‍ය ප්‍රදානයක් ලබාගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

එම මූල්‍ය ප්‍රදානය ලබාගැනීම පිණිස ශ්‍රී ලංකා රජය සහ ඉන්දීය රජය අතර අවබෝධතා ගිවිසුමකට එළැඹීම සඳහා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

වර්තමානය වන විට සුවසැරිය සේවාව සතුව පවතින ගිලන් රථ 322 මඟින් දිනකට රෝගී ප්‍රවාහන අවස්ථා 1,000ත් 1,200ත් අතර සංඛ්‍යාවක් හසුරුවන අතර, එම රථ වාර්ෂිකව කිලෝමීටර මිලියන 9කට අධික දුරක් ධාවනය වේ. 

මෙලෙස අඛණ්ඩව අධික ධාවනයක යෙදවීම හේතුවෙන් දැනට භාවිත වන ගිලන් රථවල නිතර කාර්මික දෝෂ හටගැනීමේ ප්‍රවණතාවක් මතුව තිබිණි. 

මේ හේතුවෙන් පැන නැඟී ඇති ගැටලුව සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා රජය කළ විශේෂ ඉල්ලීමකට අනුව, නව ගිලන් රථ 100ක් මිලදී ගැනීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ප්‍රදානයක් ලෙස ලබාදීමට ඉන්දීය රජය සිය එකඟතාව පළ කර තිබේ.





Sri Lanka to Acquire 100 New Ambulances with Indian Financial Assistance

The '1990 Suwaseriya' national emergency ambulance service, operational across the island, is set to receive a significant boost with the approval of the Cabinet for financial assistance from the Indian government to procure 100 fully-equipped ambulances.

In a move to facilitate this financial grant, the Minister of Health and Public Affairs presented a proposal for a memorandum of understanding between the Sri Lankan and Indian governments, which secured Cabinet approval.

Currently, the Suwaseriya service operates with a fleet of 322 ambulances, managing between 1,000 to 1,200 patient transport calls daily, and collectively covering over 9 million kilometers each year.

This sustained high usage has led to frequent mechanical failures among the existing ambulances, raising concerns about their reliability.

Addressing these issues, the Sri Lankan government made a special request for the necessary financial provisions, to which the Indian government has expressed its agreement to provide for the acquisition of the 100 new ambulances.



*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.

1 Comments

  1. ගිලන් රථවලට ඕන සල්ලි ගන්න මූල්‍ය ප්‍රධානයන් හොයනවා..... අර ඔච්චර හොඳ වාහන තියෙද්දිත් තව වාහන ගන්න මම බිලියන ගානක් වියදම් කරන්න හදනවා

    ReplyDelete
Previous Post Next Post