රජයේ රෝහල් වෙත නිකුත් කළ ඖෂධ, ශල්‍ය හා රසායනාගාර යන වෛද්‍ය සැපයීම් අතුරින් තත්ත්වයෙන් අසමත් වීම හේතුවෙන් රුපියල් මිලියන 1,210.52ක වෛද්‍ය සැපයීම් ඉකුත් වර්ෂයේ දී (2025) භාවිතයෙන් ඉවත්කර ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කර ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වී ඇති බව වෛද්යාසවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.
ඖෂධ නියාමන අධිකාරිය මගින් ගුණාත්මක ඖෂධ පරීක්ෂා කිරීම සඳහා නිශ්චිත ක්‍රමවේදයක් සකස් කිරීමට වර්තමාන ආණ්ඩුව යටතේද අසමත් වීම කණගාටුවට කරුණක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
හිටපු සෞඛ්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පාලන කාලේ මෙන්ම මේ අන්දමට දිගින් දිගටම ඖෂධ බාලවීම හා භාවිතාවෙන් ඉවත් කිරීම කණගාටුවට කරුණක් බව ඔහු පෙන්වා දෙයි.
එමෙන්ම තවත් රුපියල් මිලියන 1,409.23ක් වටිනා වෛද්‍ය සැපයුම් තත්ත්වයෙන් අසමත් වීම මත තාවකාලිකව භාවිතය අත්හිටුවා තිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි.
ගුණාත්මකභාවයෙන් අඩු පිළිකා වෛද්‍ය උපකරණ මිලදී ගැනීමේ ක්‍රියාවලියක්ද මේ දිනවල සිදුවන බවත් මෙම කරුණු පෙන්වා දුන්නද වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා හෝ ජනාධිපතිවරයා හෝ මෙම කරුණු ගැන අවධානයට ලක් නොකිරීම කනගාටුවට කරුණක් බව ඔහු පෙන්වා දෙයි.
දෘෂ්‍ය අංශු, ඖෂධවේද, පිරිවිතරයන්ට අනුකූල නොවීම, වර්ණ වෙනස් වීම හා අහිතකර ප්‍රතික්‍රියා වැනි හේතුමත මෙම වෛද්‍ය සැපයුම් තත්ත්වයෙන් අසමත් වී තිබුණි. එමෙන්ම අක්ෂි බැක්ටීරියා ආසාදන, දියවැඩියාව, හෘද පිළිකා, ස්වශන, සමේ හා මානසික රෝග සඳහා වූ ඖෂධ තත්ත්වයෙන් අසමත් වූ ඖෂධ අතර තිබූ බව ද විගණනය මගින් අනාවරණය කර ඇත.
Significant Shortcomings in Medical Supplies Highlighted in National Audit Report
A recent report by the National Audit Office has unveiled alarming data regarding the quality of medical supplies distributed to government hospitals in Sri Lanka. Last year alone, medical supplies worth Rs. 1,210.52 million were discarded due to substandard conditions, as revealed by Dr. Chamal Sanjiva, president of the Association of Medical Professionals on Medical Supplies Rights.
Dr. Sanjiva emphasized that the current government has failed to establish specific procedures for the quality assessment of pharmaceuticals, a situation he finds regrettable. He noted that this neglect mirrors the issues faced during the administration of former Health Minister Rajitha Senaratne, where the continuous degradation and removal of pharmaceuticals became a worrying trend.
Moreover, the audit report highlights an additional Rs. 1,409.23 million worth of medical supplies that were temporarily suspended from use due to quality concerns. It raises questions about the procurement processes for medical instruments, which have allegedly been plagued by low-quality products in recent times.
Despite these pressing issues surrounding the procurement and management of medical supplies, both the current Health Minister and the President have seemingly overlooked these critical points, much to Dr. Sanjiva's dismay. He expressed concern over the presence of deficiencies such as foreign particles, discoloration, and adverse reactions among the rejected medical supplies.
The audit has specifically pointed out that medications for conditions such as eye bacterial infections, diabetes, cardiovascular diseases, respiratory issues, skin ailments, and mental health disorders were among those classified as substandard, calling for urgent attention from authorities.
*Note: In case of any discrepancy between the Sinhala and English versions, the Sinhala version shall prevail.
